Sunday, April 26, 2009

සුභ මංගලම්


මම මේක ලියනවද නොලියනවද කියල කීප පාරක් කල්පනා කරලයි මේ ලියන්නෙ. මේක ලියල මට විසුමක් වෙන එකක් නැද්ද දන්නෙ නෑ. ඔන්න ඕන බම්බුවක් වෙච්චාවෙ කියල ලිව්ව.

අපේ බැච් එකේ 7වෙනි කපල් එක ගිය සතියෙ ගොඩ ගියා. ගොඩ ගියා කියල කැම්පස් භාෂාවෙන් කියන්නෙ කෙල්ලෙක් සහ කොල්ලෙක් යාළු වීම නැත්නම් පෙම්වතුන් වීම. මේ අළුත්ම කපල් එක තමයි සාරංග(කල්ලා) සහ නිලූෂි(මැගී). කැම්පස් එකේ ගොඩ ගියාම විශේෂ චාරිත්‍ර එහෙම තියනව ඉෂ්‍ඨ කරන්න. කොල්ලට කෙල්ල ගාව දණගහල ප්‍රේමය ඉල්ලා සිටින්න එහෙම වෙනව. තව දිව්රුම් දෙන්න එහෙමත් වෙනව. නියම කරපු දේවල්ම කියල නෑ එවෙලෙ කට්ටියගෙ ඔළුවට එන දේවල් අරුන් දෙන්නට කියල කරවනව. වද දෙනව හිංසා කරනව එහෙම නෙමෙයි අපේම එවුන් ආතල් එකටයි කරන්නෙ. මේ කියන ඒව අළුත් කපල් එක කරන්න ඕන.
ඔය පිටිපස්සෙන් තියෙන්නෙ පාමසෝලයා A.K කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගහ.

ඔය ප්‍රශ්න ඇහිලි අනම් මනම් වලින් පස්සෙ තමයි බකට් එක තියෙන්නෙ සාමාන්‍යයෙන් බකට් කරන්නෙ කොල්ල විතරයි. තව බකට් වෙන්න කොල්ල නිකම්ම ඇවිදගෙන යන්නෙ නෑ. පෙලක් අය නට නට යනව. සමහරෙක් අය කරපිටින් යනව. එහෙම අරගෙන යන්නෙ M.C එක ගාව තියන ටැප් එක ලඟට. M.C එක කිව්වෙ Majestic City එහෙම නෙමෙයි අපි M.C කියන්නෙ Medical Centre එකට. දැන් ඉතිං මනමාලයව ටැප් එක ගාව වාඩි කරල ස්නානය කරවනව. හික්ස්. නිකම්ම වතුරෙන්ම විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට විශේෂ ද්‍රව්‍ය කවලම් කරල හදා ගත්තු මිශ්‍රනයකුත් පාවිච්චි කරනව. මේ වෙලාවට ඉතිං මනමාලයට විරෝධය දැක්වීම තහනම්. බකට් එකෙන් පස්සෙ ඉතිං මනමාලය කොච්චර ලස්සනද සුවඳද කියල කියන්න ඕන නෑනෙ. මිනිහව බස්එකේ යන්න පුළුවන් මට්ටමට ගන්න අඩුම තරමේ පැය 1/2ක් වත් නාවන්න වෙනව. අපේ සූටියා බකට් වෙච්ච වෙලාවෙ මමයි තව දෙන්නෙකුයි තමයි ඌව පිරිසිඳු කලේ ඒක නිසා මම දන්නව තියන අමාරුව. ඔන්න ඉතිං අළුත් කපල් එක කැම්පස් එකේ නිල වශයෙන් පිළිගන්නව දැන්. මේක මෙහෙම කියනවට වඩා ආතල් සීන් එකක්. එහෙමම කියන්න අමාරුයි තේරුම් ගන්න පිංතූර කීපයක් දාන්නම්.
ඔන්න දැන් කල්ලා මාව කන්න ලෑස්ති උනොත් එහෙම ඕගොල්ලො මාව බේරගන්න ඕන. හොඳද?



Thursday, April 23, 2009

උණු උණුවේ අරගන්න අළුත්ම එක


ඕන්න ආවා අළුත්ම එක මේ දැන් ආවා. උණු උණුවේ අරගන්න අළුත්ම එක

ලෝකය පුරා ඉන්න Ubuntu පාවිච්චි කරන නිදහස් පරිගනක පරිශීලකයන් බොහොම දෙනෙක් බලාපොරොත්තුවෙන් බලන් ඉඳපු දවසක් තමයි අද. වසරකට සංස්කරණ 2ක් නිකුත් කරන Ubuntu නිදහස් සහ විවෘත මෙහෙයුම් පද්ධතියේ අළුත්ම සංස්කරණය Ubuntu 9.04 නොහොත් ජේත්තුකාර හාවා අද දින ලෝකයේ ඕනෑම කෙනෙකුට නොමිලේ බාගත කර ගැනීම සඳහා නිදහස් කරනු ලැබුවා.

Ubuntu සංස්කරණ වලට නම් තබනු ලබන්නේ සතුන් අධාරයෙන්. මීට කලින් තිබුනු Ubuntu 8.10 හි නම උනේ නිර්භීත එළුවා(Intrepid Ibex) යන්නයි. මේ අනුව මෙම අළුත්ම සංස්කරණයේ නම වන්නේ ජේත්තුකාර හාවා යන්නයි(Junty Jackalope).

මෙම නවතම සංසකරණයේ වැඩි දියුණු කිරීම් කිහිපයක් කර ඇති බව පැවසෙනවා.
  1. boot performance - පරිගනකය boot වීම සඳහා ගතවන කාලය අළුත් සංස්කරණය තුල 20%කින් පමණ අඩුකර ඇති බව කියැවෙනවා.
  2. Desktop Applications අන්තර්ජාල පහසුකම් සමග සම්මිශ්‍රණය කිරීම. - මේ මගින් උදාහරණයක් ලෙස open office වලින් online වචන වල තේරුම සෙවීම හා පරිවර්තන සඳහා සහාය දක්වන බව කියනවා.
  3. Better hardware support - hardware තවත් වැඩි ප්‍රමාණයක් සමඟ හොඳින් ක්‍රියාකල හැකි ලෙස Ubuntu 9.04 හි kernel එක සවිගන්වා ඇති බව කියනවා. මෙහිදි Nvidia graphic card වල drivers සඳහා අළුත් සංස්කරණය වඩා හොඳින් සහය දක්වයි කියල හිතන්න පුළුවන්.
  4. ext4 සහය - පෙරනිමියෙන්ම දෘඩ තැටි ආකෘතීකරණය සඳහා ext4 නම් අළුත් ආකෘතීකරණ ක්‍රමය ජේත්තුකාර හාවා සමග එනවා. මේකෙදි එක් partition එකක් තියන්න පුළුවන් ගොනුවක උපරිම ප්‍රමාණය ටෙරා බයිට් 16ක්. මේ ගිගා බයිට් එහෙම නෙමෙයි හොඳේ ටෙරා බයිට්. ගිගා බයිට් 1024 =ටෙරා බයිට් 1 ක් . දන්නවනේ. ඉතිං හිතා ගන්නකෝ.

ඉතින් තව බලන් ඉන්නෙ නැතුව දුවල ගිහින් බා ගන්න මෙන්න ලනුව.

Saturday, April 11, 2009

වයිරසයක් කල හදියක්


මේ දවස් වල අවරුදු නිවාඩුවට ගෙදරට වෙලානෙ ඉන්නෙ. මගෙ ගෙදර පරිගනකය වින්ඩෝස් උබුන්ටු dual boot තමයි තියෙන්නෙ. මොකද මගෙ නංගියි මල්ලියිත් මේක පාවිච්චි කරන නිසා තමයි මෙකෙ OS දෙකම ස්ථාපනය කරල තිබුනෙ. මේ පාර මම ගෙදර ආවෙ මාසෙකට වඩා කාලෙකින්.මම නම් වැඩ කරන්නෙ ලිනක්ස් වලනේ. ඉතින් මම පරිගනකයෙ වැඩ කර කර ඉන්න අතරෙ සිංදුවක් අහන්න කියල හිතල සිංදු ගබඩා කරල තිබුන partition එක mount කරල විවෘත කරල බැලුව. මම සිංදු සහ පින්තූර දාල තිබුනෙ ntfs වලින් හදපු multimedia කියල වෙනම partition එකක. ම්ම්.... ගායකයන්ගෙ නම් වලින් folders නම් තියනව. ඒත් ඒවයෙ ඇතුලෙ සිංදු නැහැ.thumbs.db සහ desktop.ini කියන file දෙක විතරක් ඉතිරි වෙලා හැම folder එකකම. ඉඳල හිටල folder එකක සිංදුවක් දෙකක් ඉතිරි වෙලා තියනව. දයාන් විතාරණගෙ නම් සිංදු ඔක්කොම තියනව. අනේ දෙයියනේ මම අවුරුදු 10ක් විතර එකතු කරපු සිංදු. අමරදේවයන්ගෙ සුනිල් එදිරිසිංහයන්ගෙ කරුණාරත්න දිවුල්ගනේගෙ එහෙම ඉතා පැරණි ගීතත් මම එකතු කරල තිබ්බා. ඔක්කොම ටික මැකිල. ඊළඟට මම මගෙ පින්තූර එකතුව බැලුව. ඒකටත් ආනිසංසෙමයි. folders විතරයි. හින්දි සිංදු වල DAT file විතරක් තියනව. දරුණු වයිරසයක් වෙන්න ඇති. මම නැති ටිකේ මලයා game එහෙම යාළුවොන්ගෙන් ඉල්ලන් ඇවිත් දාන්න ඇතිනේ.

මේ වයිරස් කරදරේ හැමදාම කරන්න බෑ. ගත්තා GParted මෘදුකාංගය. තේරුව /dev/sda1(වින්ඩෝස් තිබුන partition එක)right click කලා format to ext3 දුන්න. වයිරස් කරදරේ ඉවරයි.

Sunday, April 5, 2009

Ubuntu අයිසිං කිරීම (1 කොටස)

අපේ ඉන්ද්‍රනාම සහෝදරයා ඇතුළු කීප දෙනෙකුගේ ඉල්ලීම උඩ Ubuntu අලංකරණය කර ගැනීම පිළිබඳව ලියන්න හිතුවා.ගොඩක් අය කියන දෙයක් තමයි Ubuntu environment එක ලස්සන නෑ. ඒ නිසා පාවිච්චි කරන්න හිතෙන්නෙ නෑ කියන එක. බාහිර ලස්සන උඩ මොනම දේක වත් වටිනාකම තක්සේරු කිරීම හොඳ දෙයක් නම් නෙමෙයි. ඒත් නිතර දකින තැන ලස්සනට තියෙන්නත් එපැයි.Ubuntu defalt එන විදිහට එච්චර ලස්සන නැති වුනාට ඒකට effect එකතු කරලා ගත්තාම වින්ඩෝස් විස්ටාට තියා 7 වලට වත් අහලකට එන්න බෑ.මේක මම කොටස් කිහිපයකටයි ලියන්නේ.මේ ඒ පළවෙනි කොටස.

Ubuntu වලට අමතර මෘදුකාංග ස්ථාපනය නොකර ක්‍රියාත්මක කරගන්න පුළුවන් effect කීපයක් තියනවා. මේවා ක්‍රියාත්මක කරන්න නම් ටිකක් වැඩි වීඩියෝ මතකයක් අවශ්‍ය වෙනව.(වින්ඩෝස් වලදි වගේ 2GB RAM 512MB VGA නෙමෙයි.512MB RAM,64MB VGA තිබුනාම ඇති.) Gnome desktop එකේ right click කරල change desktop background තෝරන්න.නැත්නම් System-->Preferences-->Appearence තොරන්න. දැන් Appearance Preferences කවුළුව ලැබේවි. මේකෙ visual effect tab එකට යන්න. එතනින් Extra කියන පහලම තියන option එක තෝරන්න.

දැන් ඔබ කවුළුවක් Title bar එකෙන් click කරගෙන සොලවන කොට දොදොලයක් වගේ සෙලවීමත් කවුළුවක් minimize හා maximize කරන කොට ඒ අමතු ආකාරය සෙලවීමත් දකින්න පුළුවන් වේවි. තව රෙද්ද උස්සා බැලීමත් දැන් ඔබට කරන්න පුළුවන්. ඒක කරන්නෙ මෙහෙමයි. mouse pointer එක දකුණු හෝ වම් පස පහල(main menu එක ඉහල ඇත්නම් ඉහල කෙලවරට) කෙලවරට ගෙන යන කොට ඒකෙ හැඩය වෙනස් වෙන තැනක් එනව.එතකොට drag කරගෙන mouse එක උඩට(හෝ පහලට) ගෙනියන්න. රෙද්දක් කොනකින අල්ලල ඉස්සුවහම වගේ යට තියන දේ කොනකින් දකින්න පුළුවන් වේවි. කව්ළුවේ ඉහල හෝ පහල මැදින අල්ලා drag කිරීමෙනුක් වෙනස් විදියකට මේක කරන්න පුළුවන්. ලස්සනයි නේද?

හරි සමහරුන්ට Ubuntu වල defalt එන icon එහෙම ලස්සන මදිනේ.මේ සයිට් එකකට ගිහින් icon theme කැමති එකක් බා ගන්න.
http://www.gnome-look.org/ , TechieSouls
ඔබට ලැබෙන්නෙ .tar.gz file එකක් ඒ කියන්නෙ හකුළුවන ලද ගොනුවක්. කලින් විදිහටම Appearance Preferences කවුළුවට ගිහින් ඒකෙ theme tab එකට යන්න.දැන් එතනින් install ගිහිල්ල අර බාගත්තු file එක තෝරන්න නැත්තම් ඒ file එක theme කවුළුව ඇතුලට drag කරල දැම්මත් හරි. අළුත් theme එක ඇතුලත් කරගන්නද කියල අහවි.

Apply new theme click කරන්න. දැන් එය ඔබේ icon,folder වල පෙනුම යන සියල්ල theme එකට අනුව වෙනස් කරාවි.මේ වෙනස් කිරීම save කර ගන්න ඕන නම් ඒ කවුළුවෙම save as තෝරල තමන් කැමති නමකින් save කරගන්න පුළුවනි.

Ubuntu වලට compiz ස්ථාපිත කරගන්නා හැටි සහ එහි effects ගැන ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

Saturday, April 4, 2009

Super Ubuntu මේක Super Star වගේ නෙමෙයි.....


Ubuntu කියන්නේ ආධුනිකයෙක්ට ලිනක්ස් වලට පිවිසෙන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳම ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය කියලයි මම හිතන්නේ. පරිශීලකයාට මිත්‍රශීලී පරිසරයක් සතු වීම, බොහෝ පරිගනක සමග සාර්ථකව ක්‍රියාත්මක වීම, මෘදුකාංග විශාල ප්‍රමාණයක් මෙයට සහය දැක්වීම වගේ ගොඩක් දේවල් මෙයට හේතු වෙනව.

අපේ ගොඩක් අය අවුරුදු ගානක් වින්ඩෝස් පාවිච්චි කර කර ඉඳල ඔන්න Ubuntu වගේ දාලා ලිනක්ස් ඉගනගන්න හදනවා කියමුකෝ. දැන් ඉතින් එක කන්දොස්කිරියාවයි. සිංදු අහන්න බෑලූ, වීඩියෝ වැඩ කරන්නෙ නෑලූ, මේකට compiz දාලා දෙන්නලූ. ඔන්න ඒකට විසඳුම තමයි Super Ubuntu 8.10 කියන්නේ. මේකේ Ubuntu CD එකේ මූලිකව දාලා එවන මෘදුකාංග වලට අමතරව මේ දේවල් අඩංගු වෙනවා.

  • Ubuntu + GIMP 2.6.3 + OpenOffice.org 3 + Firefox 3.0.4 සඳහා වූ සියළු updates
  • MPlayer සහ VLC, DVD-ධාවනය , MP3 සහය හා අනෙකුත් codecs.
  • aMSN, aMule, Adobe Flash player සහ Opera
  • Java RE, Microsoft Office 2007 file format සහය දැක්වීම.
  • compizconfig-settings-manager (Compiz), Gufw (Uncomplicated firewall), ndisgtk (NDISwrapper) සහ padevchooser (PulseAudio) යන අතුරුමුහුනත් පාලන මෘදුකාංග.
  • Adobe Reader, EnvyNG, Furius ISO Mount, GParted, NDISwrapper, Ubuntu Tweak and StartUp-Manager යන utility මෘදුකාංග.
  • අමතර repositories.
දැන් ඉතින් අපේ අයට ubuntu දාලා 3G මොඩම් හොයාගෙන ඇවිදින්න ඕන නෑනේ. මේ Super Ubuntu 8.10 එක ගිගා බයිට් 1.1 බරයි. බාගෙන DVD එකකට write කර ගන්න එකයි තියෙන්නේ.

මෙතනින් බාගන්න පුළුවනි.

මේක Super Star වගේ බොරු ෂෝ එකක් නෙමෙයි. නම වගේම වැඩත් තියනවා.

ලෝකෙ වෙන තැනක් තියෙද ගෙදර වගේ?

අපිට දුකක් කරදරයක් උනාම, වේදනාවක් දැනුනාම මතක් වෙන්නේ අම්මයි ගෙදරයිනේ. ඒ මේ ලෝකෙ අපිට තියන හොඳම තැන ගෙදර නිසා නේද?

පහුගිය කාලෙ පිරිතෙ වැඩ නිසා මාසෙකට වැඩිය කොළඹටම වෙලා හිටියෙ. කැන්ටිමේ බත් කාලම එපා වෙලා තිබුනේ. ඊයේ ලෙක්චර්ස් ඉවර උන ගමන්ම දුවලා ආවා ගෙදර. මම එන බව කලින් කියල තිබිච්ච නිසා තාත්තා කිරි හට්ටියකුත් ගෙනත් තියලා. මම කිරි කෑමට පෙරේතයි කියල අපේ ගෙදරම දන්නවා.:D
අද දවල්ට අම්මා උයල තිබුනා කැකුළු බත්,කොස් මැල්ලුම්(ම්ම්......),අළු කෙසෙල් බඩ ව්‍යංජනයකු එක්ක කොහිල ව්‍යංජනයකුත්. දැන් නම් හුස්ම ගන්න බැරි වෙනකම් කාලයි ඉන්නේ.

අම්මා තාත්තා නංගි මල්ලි එක්ක හැමදාම ගෙදර ඉන්න ලැබෙනවනම්....