Monday, December 13, 2010

ආ ගිය විත්ති...කලකට පස්සේ


කලකින් පස්සෙ උනත් ඉතින් මේ සූදානම සටහනක්ම ලියන්න නම් නෙමේ. කලකින් කිසිම දෙයක් ලියන්න බැරි උනාට කනගාටුව හෙම ප්‍රකාශ කරලා බොහොම ඉක්මනට අනම් මනම් ටිකක් ලියන්නයි හදන්නෙ.

ජීවිතයට සොඳුරු අත්දැකීමක් එකතු කරපු අපේ ආදරණීය සරසවියේ දැන් ඉතින් අපි සැඳෑ සමය තමයි ගෙවන්නෙ. තව මාසයකින් දෙකකින් අකමැත්තෙන් උනත් අපි ඒ මතකයන් විතරක් අරගෙන මෙතනින් යන්න ඕන. ඉතිරි මාස හය ගෙවෙන්නේ පුහුණු කාලය. දැනටමත් ගොඩක් අයට සම්මුඛ පරීක්ෂණ ඇවිත් පෙලක් අය තේරිලත් ඉවරයි.

3rd year එකේ නම් ඔළුව උස්සන්නවත් බෑ කියල ඉස්සර අයියල කිව්ව කතාවෙ ඇත්ත නැත්ත දැන් නම් හොඳටෝම තේරෙනවා. මේ මාසෙ ඉවර වෙනකොට ව්‍යාපෘතිය සම්පූර්ණ වෙන්න ඕන. ඉන් පස්සෙ විභාගෙ. ඊට කලින් තව ඇගයීම් කිහිපයකුත්. ම්ම්....sad

ifo++ නුත් කලා ඉතින්. ලොකු වැඩක්. අපිට තිබුනු හීනයක්. හැමෝම මහන්සි උනා. විශ්ව විද්‍යාලෙ ලොකු තැන අපිට කරන්න පුළුවන් බාධා ඔක්කොම කලා. ඒ හැම දෙයක්ම මැද අපි ප්‍රදර්ශනේ කලා. ගොඩක් අය ආවා. බ්ලොග් කරුවන්ගෙන් මට හම්බුනේ ඉන්දරේ විතරයි. තව අය ආවද දන්නෙ නෑ. ifo ගැන සවිස්තර සටහනක් ඉස්සරහල පල වේවී. ටික ටික ලියාගෙන යනවා තව ඉවර නෑ.

යාළුවෙක් එක්ක පොඩි වැඩකට සෙට් උනා. ♫...ගී පැදුර...♫ කියන බ්ලොග් එක ලියන්න. බ්ලොග් ලියන්න වෙලාව නෑ තමයි. ඒත් සිංදුවක් ලියන්න වැඩි වෙලාවක් යන්නෙ නෑනෙ. මට නම් විනාඩි පහකට වඩා යන්නෙ නෑ. මම බොහොම ආදරේ කරන විඳින සිංහල සරල ගීත මම ගී පැදුරට ලියනවා. ගීතයක සංගීතයේ පද වැලේ මිහිර විඳින්න ආස ඇත්තන්ට ඇවිත් බලන්න කියල ආරාධනා කරනවා. ආ මේ බ්ලොගයෙ අයිති කාරයා තමයි අපේ අල්ලපු බෝඩිමේ ඉන්න රසිකයා.

ලිනක්ස් ගැන සටහන් පෙළ දකින්න ආසාවෙන් ඉන්න අයට කියන්න තියෙන්නේ ඒක නැවැත්තුවා නෙමෙයි. ලියන්න වෙලාවක් නැති වෙලයි ඉන්නෙ. අනිවාර්යෙන් ඒක ලියනවා ආයෙ වෙලාවක් ලැබුන ගමන්.

ජීවිතේ වෙන්නෙ මොනවද කියල කියන්න කාටවත් බෑ. හැබැයි මොනව උනත් හිතට එකඟව කරන දේ හරියට කරන එකයි මගේ ක්‍රමේ. ඒක කොතනට මාව අරන් යයිද කියල මම දන්නෙ නෑ. මොනව උනත් මොනව ලැබුනත් නොලැබුනත් මම ඒක පිළිගන්න ලෑස්තියි. තතු දත්තෝ තේරුම් ගත්වා. wink

ප.ලි - උඩින්ම තියන පින්තූරය ගැන කියන්න බැරි උනානේ. අපි පරිගනක විද්‍යා සංගමෙන් පහුගිය දවසෙ හොරණ ශ්‍රීපාලී විද්‍යාලයට ගියා දෘඩාංග ගැන වැඩමුළුවක් කරන්න. ඒක ඉවර වෙලා ආපහු හොරණට එන්න බස්නැවතුමේ ඉන්න ගමන් මම ඡායාරූපයක් ගත්තා අපි තුන් දෙනාවම අහුවෙන්න. වාසනාවට වගේ තුන් දෙනාම ඉන්නවා. ඒත් අපේ නරියා(සුපුන්) ඇස් දෙක පියාගෙනනනේ..මැද ඉන්නේ පාලි(කණිෂ්ක).

එහෙනම් ගිහින් එන්නම් ආයුබෝ..........smile