Sunday, December 16, 2012

ලෝක විනාසය




2012 දෙසැම්බර් 21ට බොහෝ පෙර
සිදුවිය ලෝක විනාසය

සියලු සතුන්ට හිමිවූ මේ පොලව
උන්ගෙන් උදුරා ගත් දින
සිදුවිය ලෝක විනාසය

බල තණ්හාවෙන් පීඩිතව
එකිනෙකා මරාගන්නට පටන්ගත්දා
සිදුවිය ලෝක විනාසය

තමන්ට ඇති පමණට ගෙන
සතුටු වනු වෙනුවට
සියල්ල බදාගන්නට වියරුව හැදුන දා
සිදුවිය ලෝක විනාසය

දයා කරුණා ගුණය, ආදරය සෙනෙහස
අමතක කල දා
සිදුවිය ලෝක විනාසය

ඉඳන්
හොර මැර කම්, දූෂණ මෙකී නොකී
දහසකුත් එකක් ජඩ කම් වලින් පිරුනු
මේ ලෝකයේ තවත් මෙනවා නම්
විනාස වෙන්නද?