Sunday, December 16, 2012

ලෝක විනාසය




2012 දෙසැම්බර් 21ට බොහෝ පෙර
සිදුවිය ලෝක විනාසය

සියලු සතුන්ට හිමිවූ මේ පොලව
උන්ගෙන් උදුරා ගත් දින
සිදුවිය ලෝක විනාසය

බල තණ්හාවෙන් පීඩිතව
එකිනෙකා මරාගන්නට පටන්ගත්දා
සිදුවිය ලෝක විනාසය

තමන්ට ඇති පමණට ගෙන
සතුටු වනු වෙනුවට
සියල්ල බදාගන්නට වියරුව හැදුන දා
සිදුවිය ලෝක විනාසය

දයා කරුණා ගුණය, ආදරය සෙනෙහස
අමතක කල දා
සිදුවිය ලෝක විනාසය

ඉඳන්
හොර මැර කම්, දූෂණ මෙකී නොකී
දහසකුත් එකක් ජඩ කම් වලින් පිරුනු
මේ ලෝකයේ තවත් මෙනවා නම්
විනාස වෙන්නද?

1 comment:

  1. ඇත්ත තමා සහෝදරයා එකෙක් කපන තුරු තව එකෙක් විරුද්ධ නොවන ලොවක් මේක ඒ විතරක් නෙමේ එකී නොකී මෙකී වැරදි ගොඩයි.
    අපි අපිවත් අපේ ආකල්ප වෙනස් කරගෙන අපි හැදී ගම හදන්නත් ගම හදා රට හදන්නත් උත්සහ කරමු

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.