Thursday, October 21, 2010

Ideas Free and Open - අදහස් නිදහස්ව හා විවෘතව ##UCSC Proudly Presents ifo++##

ifo++ නැත්නම් Ideas free and open කියන්නේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය(UCSC) විසින් පළමු වරට සංවිධාන කරනු ලබන තොරතුරු තාක්ෂණ සහ අධ්‍යාපනික ප්‍රදර්ශනයයි. විවිධාකාර ප්‍රදර්ශන අතර ඔබට නවමු අත්දැකීමක් සමග ifo++ ඔක්තෝම්බර් 28,29 සහ 30 යන දිනවල කොලඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතන භූමි පරිශ්‍රයේදී පැවැත්වෙනවා ඇති.

මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට අපිට අරමුණු වෙන්නේ UCSC යේ පරිගනක අධ්‍යාපනයට වසර 25ක් මේ වන විට සපිරීම(1985-2010). අපේ ආයතනය University of Colombo School of Computing නමින් ආරම්භ වෙලා තවම වෙන්නේ වසර 8ක් විතරයි ඒත් 1985දී සංඛ්‍යාන හා පරිගනක විද්‍යා දෙපාර්තමේන්තුව විදිහට තමයි අප පරිගනක අධ්‍යාපනය ආරම්භ වෙන්නේ. ඒ එකල විද්‍යා පීඨයේ පීඨාධිපතිවූ විද්‍යාජෝති වී.කේ. සමරනායක මැතිතුමාගේ මැදිහත් වීමෙන්. මේ කාලයේ තමයි පළමු වර්ට Mini computer වර්ගයේ පරිගනකයක් සමරනායක මැතිතුමා විසින් ලංකාවට රැගෙන එන්නේ. පසුව ජපානයේ JICA ආයතනයේ ව්‍යාපෘතියක් මහාචාර්ය සමරනායක මැතිතුමාගේ විසින ශ්‍රී ලංකාවට ලබා ගැනීමෙන් විද්‍යාගාර දේශන ශාලා සහ නවීන තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත ගොඩනැගිලි පරිශ්‍රිය ඉදිකිරීනු ලැබ 2002 කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය ආරම්භ වෙනවා.

එසේ ආරම්භ වූ අප ආයතනයේ පළමු අධ්‍යක්ෂකවරයා වන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා වන මහාචාර්ය සමරනායක මැතිතුමායි. එවන් වූ අභිමානනීය ඉතිහාසයක් අනුස්මරණය කිරීම සහ ලංකාවේ පළමුවෙන් පරිගනක අධ්‍යාපනය ආරම්භ කල ආයතනය ලෙසින් තොරතුරු තාක්ෂණයේ තුන් කාලයම ශ්‍රී ලාංකික ජනතාවට පෙන්වා දීම අප අරමුණයි.

මෙම ප්‍රදර්ශනයට පහත සඳහන් අංගයන් ඇතුලත් වෙනවා ඇති.

  • Research Projects
අප ආයතනයේ සිව්වන වසර විශේෂ උපාධිය හැදෑරෑ සිසුන් විසින් කරන ලද පර්යේෂණ වලට අදාල ප්‍රදර්ශන භාණ්ඩ මේ යටතේ ඔබට දැක බලා ගත හැකියි.
Download:
FLVMP4
Download:

  • Innovative Projects
UCSC ය නැමැති පින් බිමෙන් තම නැණස පාදාගත් UCSC හි සිසුන් අතින් නිර්මාණය වූ සුවිශේෂ මෘදුකාංග සහ අනෙක් නිර්මාණ දැක ගත හැකි දුර්ලභ අවස්ථාවකි මේ. Virtual Reality, Augmented Reality, Mobile computing, Image processing වැනි ක්ෂේත්‍ර වලට අදාල ව්‍යාපෘති මේ යටතේ ප්‍රදර්ශනය වෙනවා ඇති.
Download:
FLVMP43GP

  • Robotics Room
අප Robotics Lab හි නිර්මාණය කල හා එහි පර්යේෂණ වලට අදාල වූ රොබෝවරු සහ Robotic සම්බන්ධ බොහෝ දේ මෙහි අඩංගුයි.
Download:
FLVMP43GP

  • ICT Education Zone
සුවිසල් පරිගනකයක System Unit එක තුල ඇවිද යන්න. සාමාන්‍ය පාසල් දරුවන්ගේ හා අනෙක් අයගේ පරිගනක ආශ්‍රිත දැනුම ඉහල දැමීම සඳහාම විශේෂයෙන් මෙම කලාපය නිර්මාණය වනවා. පරිගනක ආශ්‍රිත දෘඩාංග, නව තාක්ෂණයන් මෙහිදී සරලව පහදා දෙනවා ඇති.
  • Computer Museum
මහාචාර්ය සමරනායකයන් මෙරටට ගෙන ආ පළමු පර්ගනකයේ සිට පරිගනකයේ පරිනාමය UCSC ය සතුව ඇති අතිශ්‍ය දුර්ලභ පරිගනක සමග ඔබට දැකගත හැකියි.

  • ICT seminar series - පාසල් සිසුන් ගුරුවරුන් සඳහා

වෙනත් ප්‍රදර්ශන මෙන් නොව අප ප්‍රදර්ශණය වඩා ක්‍රියාකාරී කරමින් පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ටම සැකසූ වැඩමුළු පෙලක් සෑම දිනකම උදේ 9 සිට සවස 5 තෙක් පැවැත්වෙනවා ඇති. පාසල් ICT විෂය මාලාව ආශ්‍රය කරගෙනයි අප මෙහි අන්තර්ගතය සකසා තිබෙන්නේ.
  • Advanced Computer Science seminars
වඩා ගැඹුරු මට්ටමේ කරුණු අඩංගු කර මෙම වැඩමුළු මාලාවට ඒ සඳහා උනන්දුවක් ඇති අයට සහභාගී විය හැකියි.
  • Game Zone
පරිගණක ක්‍රීඩා වලට සහභාගී වීමට කැමති නම්. xbox ක්‍රීඩා කිරීමේ අවස්ථාව සමග.
  • Lots of other entertainment activities
IT quiz සහ Y FM DJ සමග තවත් දේ

නවතම තොරතුරු සඳහා සම්බන්ධ වන්න

පිවිසෙන්න ifo++ නිල වෙබ් අඩවියට
www.ifo.ucsc.lk