Saturday, December 27, 2008

Modem එකක් දෙන වදයක්

මේක මට දවස් ගණනකට කලින් ඇති වෙච්ච ප්‍රශ්නයක්. කොහොමහරි කොච්චර උත්සාහ කලත් තාම හිටපු තැනමයි.ඒ කියන්නෙ ප්‍රගතිය 0% යි.

මෙහෙමයි අවුල පටන් ගත්තෙ. මට අන්තර්ජාල සම්බන්ධතාවයක අවශ්‍යතාවය කාලෙක ඉඳල තිබුනා.මොකද campus එකේ වැඩ කරන්න ගියාම අන්තර්ජාලය ඕනමයි. Lectureres ලා සටහන්, ආදර්ශ ප්‍රශ්න, ඇගයීම් වගේ දේවල් ගොඩක් වෙලාවට දාන්නෙ LMSඑකට. ඒ කියන්නෙ Lerning Management Center කියන වෙබ් අඩවියට. රෑට බෝඩිමේදි හරි ගෙදර ආවහම හරි අන්තර්ජාලයට සම්බන්ධ වෙන්න බැරුවීම මාර අඩුවක්. ඔහොම ඉන්නකොට මම අළුත් බෝඩිමකට ගියා. ඒකෙ මගෙ සගයෙක් ගාව තියනව Dialog Broadband මොඩෙම් එකක් (Huwai E220 USB modem). මම ඕක අරගෙන අපේ එකේ අයියා කෙනෙක් UCSCLODGE එකේ කියලා තිබිච්ච විදිහට UBUNTU වල මොඩෙම් එක install කරගෙන වැඩ කරල බැළුවා. එක එළකිරි වගේ වැඩ. ඊලඟට මම ඒක අපේ ගෙදර ගෙනිහින් බැළුවා කොහොමද කියලා. මලා.. අපේ ගෙදරට Dialog 3G signal නෑ. නෑ කිව්වට තියනවා විනාඩි 20 තිබුනොත් ආයෙ පැය තුන හතරකට නෑ.

ඉතින් මොකද කරන්නෙ.මම ඊළඟට බැලුවා Mobitel ගැන. Coverage එක නම් හොඳා. හැබැයි උන්ගෙ Huwai E220 මොඩෙම් එක රු16500ක්. බුදු අම්මෝ Dialogලා 5000ට දෙන එක(හැබැයි උන් network lock කරලයි දෙන්නේ). තව මොඩෙම් එකක් තිබුනා ඒක BandLuxe C120 මිල රු12500යි. ටිකක් ගාන අඩුයි. මම ඉතින් ගෙදරට කන් කෙඳිරි ගාලා කොහොමහරි BandLuxe මොඩෙම් එකක් මාසෙකට රු 400 Mobitel package එකත් එක්ක ගත්තා. අරගෙන දුවලා ඇවිත් මගෙ UBUNTU 8.10 වල ගහලා බැළුවා Huwai එක වගේ automatically detect කරගනී කියල හිතාගෙන. හැලහොල්මනක් නෑ. වැඩේ අවුල් වගෙ. පට ගාලා අනිත් මොඩෙම් එකෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා හෙව්වා කරගන්න හැටි. තිබුනා kppp කියලා software එකකින් කරන විදිහක්. ඒක බාලා කරලා බැලුවා. ම්හු වැඩ කරන පාටක් නෑ.Restart කරලා Windows වලට ගිහින් බැළුවා එකේ සිරාවටම වැඩ.

දැන් තමයි BandLuxe කාරයොත් එක්ක අම්බානට තදවෙන්නෙ(ලියන්න පුලුවන් ශිෂ්ඨ වචනය මේක මගෙ කටට එන්නෙ වෙන එකක්). Windows ලොකුද? මට නම් තිත්තයි, අප්පිරියයි. Virus විමානෙ. Website එකක් load වෙන්න linux වගෙ දෙගුනයක් වෙලාව යනවා.ඒ මදිවට රු 10000ක් විතර දීලා genuine කරගන්නලු. අනෙ උන්ගෙ ............................

ලිනක්ස්වලට Compiz fution දාලා emerald theme manager දාලා cairo dock නුත් දැම්මට පස්සෙ ඒකට ගහන්න විස්ටා වලටත් බෑ. විස්ටා කැලේ එකත් එක්ක. ඔන්න මගෙ desktop එකේ තිර පිටපතක් බලන්න බොරුනම්.







මම ඉතින් දැන් දවස් ගානක ඉඳලා දන්න හැම වැඩ කෑල්ලම දදා, හැමෝගෙන්ම අහ අහ, net එකේ හැම මුල්ලෙම රිංග රිංග හොයනවා මේක වැඩ කරවන්න විදිහක්. ඊයෙ තමයි ලෙඩේ හොයාගත්තෙ. Firmware එක upgrade කරන්නලු.ඒක කොහොමද කරන්නෙ. අද හොයන්න ඕන.

ඔන්න ඔහොමයි modem එකක් නිසා වෙච්ච කරදරයක්.

Tuesday, December 16, 2008

කව්ද සැබෑම සුපිරි තරු?

මේ මට ආපු ඊමේල් පණිවිඩයක්. බලන්න හිතට වදිනවද කියලා.







Super Stars







How much did u send SMS for them????
5 SMS s ? = Rs10 x 5 =Rs50
10 SMS s? = Rs10 x 10 =Rs100
100 SMS s? = Rs10 x 100 =Rs1000 Or more???




AND Real Stars






How much did u donate for their fund?
At least a 1 Rupee ???
If you feel that you are still alive in this country because of these heroes…
Think……..
The decision is yours…



මදක් සිතන්න හදවතින්.........

Monday, December 15, 2008

රට රකින ඔවුන් වෙනුවෙන්


නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
ජාතියේ මුර දේවතා එලි රෑ පුරා දැල් වී තියේ

ඇත්තටම අපි බොහොම සනීපෙට නිදා ගන්න වෙලාවෙ අපිත් අපේ මව් බිමත් රෑක ගන්න ඒ උතුම් මිනිස්සු අනේක බාධා මැද්දෙ දිවි පරදුවට තියල කටයුතු කරනව නේද? වැස්සට තෙමෙමින් බූට් සපත්තු වල වතුර පිරිල කකුල් වල ඇඟිලි කුණු වෙද්දිත් ඔවුන් රට වෙනුවෙන් සටන් කරනවා. කොයි මොහොතක හරි වෙඩි උණ්ඩයක් තමන්ගෙ පපුව සිදුරු කරමින් යන්න පුලුවන් කියල ඔවුන් දන්නව. පහුගිය දවසක මිය ගිහිපු දිගු දුර විහිදුම් බලකායෙ සෙබලෙක්ගේ බිරිඳ මාස පහක ගැබිනියක්. තමන්ගේ දරුවට විතරක් නෙමෙයි රටේ සියළුම දරුවන්ට සුබ අනාගතයක් නිර්මාණය කරන්න ඔහු හිතන්න ඇති. මේ රටෙන් බිම් අභලක් අයිති නැති රණවිරුවායි රටේ හැම බිම් අභලක්ම රකින්නට ක්‍රියා කරන්නෙ. ජාතියේ එවන් වීර මිනිසුන්ගේ නමට මේ සටහන උපහාරයක්ම වේවා .

රණවිරුවනි නුඹ නමින්.............

ආයු රක්ඛන්තු ආවඩා

Sunday, December 14, 2008

අපේ Assignment කෙරුවාව

හෙට ලිනක්ස් Assignment එක. අද අපේ බෝඩිමට තව කොල්ලො දෙන්නෙක් ඇවිත් ලිනක්ස් කුප්පියක් දාගන්න. මම ලිනක්ස් ටිකක් අත පත ගාන නිසා මට පොඩි දැනීමක් ඒ ගැන තියනවා. අද ඉතින් නිදා ගැනීමක් නෑ හැමෝම නිදා ගන්නකම්. උන්ට කුප්පිය දාන්නත් මට commands සේරම මතක නෑනේ. ලෙක්චර්ස් ගියාට මොකුත් ලියා ගන්නෙත් නෑනේ. කෙල්ලෙක්ට කතාකරලයි ඒ ටික අහ ගත්තෙ. කොහොම හරි උදේට Assignment නුත් ලියනවා. ඔන්න ඔහොමයි අපේ වැඩ.

Tuesday, December 9, 2008

අපේ ශ්‍රමදානය

UCSC පළමු වසර ශිෂ්‍යයින් කරන ශ්‍රමදානය මේ පාර 6 වෙනි Batch එක විදිහට අපි කලා. මේක අද නෙමෙයි කලේ ගිය නොවැම්බර් 29 වෙනිදා. UCSC එක කියන්නෙ අපිට දැන් ගෙදර වගේ. එතනට අපෙන් වෙන්න ඕන වගකීමක් ඉෂ්ඨ කලා කියලයි මට හිතෙන්නෙ.

කැන්ටිම එහා පැත්තෙන් යන පාර වැහි දාට එක මඩ වගුරක්. එකෙ වලවල් වලට ගල්, සිමෙන්ති කෑලි දාලා තලලා ඊට උඩින් පස් දාලා ආපහු චිප් ගලුත් දැම්මා. ඒකට මාර කට්ටක් කන්න උනා.(තැලීමේ යාන්ත්‍රණයෙදි මගෙ කනත් තුවාල උනා )කොහොම හරි වැඩේ කොලිටියට ඉවර කලා. වැඩේ ඉවර වෙනකොට අපේ එකෙක් කියනවා "මෙක දැක්කම බඩ පිරෙනව බන්" කියල. ඒ වගේ සන්තෝසයක් වෙන කොහොම ලබන්නද?

Medical Center එක ගාව තියන උද්‍යානයත් තණකොළ කපලා අළුත් පච බංකු කීපයක් දැම්මා(ඒ උද්‍යානය හදල තියෙන්නෙ අපෙ ජේ‍යෂ්ඨ අයියලා). තව වැඩ ගොඩක් කලා. මේ වැඩේට Batch එකම හවුල් උනා කවුරුත් වැඩ කලා අන්තිමට අපේ මහන්සියේ ප්‍රතිඵල දැක්කාම අපි මෙහෙම දෙයක් UCSC එක වෙනුවෙන් කලා කියල මාර සතුටක් දැනුනෙ.

කැම්පස් ගිහින් පිල් කීපයකට බෙදිලා ගුටි කෙළ ගන්නවට වඩා මේවගේ දෙයක් කරන එක කොච්චර හොඳද? ඇඟේ අමරුවයි හිතේ අමාරුවයි වෙනුවට ඇඟේ අමාරුවත් අමතක වෙන සතුටක් හිතට ඉතුරු වේවි.

Monday, December 8, 2008

මගේ පලමු බ්ලොග් සටහන

ආයුබෝවන් හැමෝටම.ජීවිතේ පළවෙනි පාරටයි මේ අන්තර්ජාලයේ බ්ලොග් එකක් ලියන්නෙ.
මගේ සම්පූර්ණ නම සුසිත රවින්ද සෙනරත්. මම කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයනායතනයේ පළමු වසර ශිෂ්‍යයෙක්. පාසල් තුනකට ගිහිල්ලා තියනවා. පළමු වසර ගියේ හම්බන්තොට කණිෂ්ඨ විද්‍යාලයට ඊට පස්සේ දෙක වසර ඉදල පහ වසර වෙනකම් ගාල්ල ශාන්ත ඇලවීශියස් විද්‍යාලයට ගියා. හය වසරෙ ඉදලා උසස් පෙළ වෙනකම් ගියෙ අම්බලන්ගොඩ ධර්මශෝක විදුහලට.ගෙවල් ගාල්ල උලුවිටිකෙ.
පරිගණක සම්බන්ධ දේවල් වලට සෑහෙන උනන්දුයි. ලිනක්ස් ගැන වැඩිදුර ඉගනගන්න ආසයි. සින්දු අහන්නත් කැමතියි.ආසම ගායකයො දෙන්නෙක් ඉන්නවා. සුනිල් එදිරිසිංහ මහත්මයාගෙයි කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙයි සින්දු වලට ගොඩක් කැමතියි.
විශ්වවිද්‍යාල ජීවිතේ කියන්නෙ ඉතාම සුන්දර කාලයක්. ඒ කාලය කාටවත් වදයක් නොවී සතුටින් විඳින්න බලාපොරොත්තු වෙනවා.