Monday, December 8, 2008

මගේ පලමු බ්ලොග් සටහන

ආයුබෝවන් හැමෝටම.ජීවිතේ පළවෙනි පාරටයි මේ අන්තර්ජාලයේ බ්ලොග් එකක් ලියන්නෙ.
මගේ සම්පූර්ණ නම සුසිත රවින්ද සෙනරත්. මම කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධ්‍යයනායතනයේ පළමු වසර ශිෂ්‍යයෙක්. පාසල් තුනකට ගිහිල්ලා තියනවා. පළමු වසර ගියේ හම්බන්තොට කණිෂ්ඨ විද්‍යාලයට ඊට පස්සේ දෙක වසර ඉදල පහ වසර වෙනකම් ගාල්ල ශාන්ත ඇලවීශියස් විද්‍යාලයට ගියා. හය වසරෙ ඉදලා උසස් පෙළ වෙනකම් ගියෙ අම්බලන්ගොඩ ධර්මශෝක විදුහලට.ගෙවල් ගාල්ල උලුවිටිකෙ.
පරිගණක සම්බන්ධ දේවල් වලට සෑහෙන උනන්දුයි. ලිනක්ස් ගැන වැඩිදුර ඉගනගන්න ආසයි. සින්දු අහන්නත් කැමතියි.ආසම ගායකයො දෙන්නෙක් ඉන්නවා. සුනිල් එදිරිසිංහ මහත්මයාගෙයි කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගෙයි සින්දු වලට ගොඩක් කැමතියි.
විශ්වවිද්‍යාල ජීවිතේ කියන්නෙ ඉතාම සුන්දර කාලයක්. ඒ කාලය කාටවත් වදයක් නොවී සතුටින් විඳින්න බලාපොරොත්තු වෙනවා.

3 comments:

  1. සුභ පැතුම්. බදාදා හම්බවෙනවනේ කැම්පස් එකේදි... :)

    ඊළඟට මෙන්න මේ දේවල් කරන්න.
    Create a feed
    Add your blog to Sinhala Blog Reader

    And.. remove Word Verification.

    ReplyDelete
  2. සුබ පැතුම් මල්ලී. එල එල. කොච්චර වැඩ තිබුනත් බ්ලොග් ලියන්නත් කාලය වෙන්කරගත්ත එක ගොඩක් හොඳයි. අපේ පූර්ණ සහයෝගය ලැබෙනවා.

    ReplyDelete
  3. සුභ පැතුම්,

    සිංහලින් ලිවීම ගැන සතුටුයි.

    දිගින් දිගටම සටහන් ලියන්න අපි කියවන්න ඉන්නව.

    ලිනක්ස් ගැන උනන්දු වීම ගැන සතුටුයි. ස්ථාපනය කරල වැඩ පටන් ගන්න උදවු කරන්න ගොඩාක් අය අපි අතර ඉන්නව.

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.