Tuesday, December 9, 2008

අපේ ශ්‍රමදානය

UCSC පළමු වසර ශිෂ්‍යයින් කරන ශ්‍රමදානය මේ පාර 6 වෙනි Batch එක විදිහට අපි කලා. මේක අද නෙමෙයි කලේ ගිය නොවැම්බර් 29 වෙනිදා. UCSC එක කියන්නෙ අපිට දැන් ගෙදර වගේ. එතනට අපෙන් වෙන්න ඕන වගකීමක් ඉෂ්ඨ කලා කියලයි මට හිතෙන්නෙ.

කැන්ටිම එහා පැත්තෙන් යන පාර වැහි දාට එක මඩ වගුරක්. එකෙ වලවල් වලට ගල්, සිමෙන්ති කෑලි දාලා තලලා ඊට උඩින් පස් දාලා ආපහු චිප් ගලුත් දැම්මා. ඒකට මාර කට්ටක් කන්න උනා.(තැලීමේ යාන්ත්‍රණයෙදි මගෙ කනත් තුවාල උනා )කොහොම හරි වැඩේ කොලිටියට ඉවර කලා. වැඩේ ඉවර වෙනකොට අපේ එකෙක් කියනවා "මෙක දැක්කම බඩ පිරෙනව බන්" කියල. ඒ වගේ සන්තෝසයක් වෙන කොහොම ලබන්නද?

Medical Center එක ගාව තියන උද්‍යානයත් තණකොළ කපලා අළුත් පච බංකු කීපයක් දැම්මා(ඒ උද්‍යානය හදල තියෙන්නෙ අපෙ ජේ‍යෂ්ඨ අයියලා). තව වැඩ ගොඩක් කලා. මේ වැඩේට Batch එකම හවුල් උනා කවුරුත් වැඩ කලා අන්තිමට අපේ මහන්සියේ ප්‍රතිඵල දැක්කාම අපි මෙහෙම දෙයක් UCSC එක වෙනුවෙන් කලා කියල මාර සතුටක් දැනුනෙ.

කැම්පස් ගිහින් පිල් කීපයකට බෙදිලා ගුටි කෙළ ගන්නවට වඩා මේවගේ දෙයක් කරන එක කොච්චර හොඳද? ඇඟේ අමරුවයි හිතේ අමාරුවයි වෙනුවට ඇඟේ අමාරුවත් අමතක වෙන සතුටක් හිතට ඉතුරු වේවි.

4 comments:

  1. එළ මල්ලී ඔහොම යන්.... තව වැඩ කෙරෙන්න තියෙනවා... දැනට ඔය හොඳයි....

    මේ word verification අයින් කරලා පුලුවන්නම් comment box එක එකම page එකේ දාන්න

    ReplyDelete
  2. වැඩේ නම් හොඳයි අගය කළ යුතුයි. ඒත් මතක තියාගන්න ඉස්සරහට තව මීට වඩා ලොකු වැඩ තියෙනවා කරන්න. ඒවත් හොඳට කරන්න. චමිල කිව්වා වගේ මේ word verification අයින් කරලා පුලුවන්නම් comment box එක එකම page එකේ දානවා නම් හොඳයි.

    ReplyDelete
  3. මල්ලී... වචන පරිස්සමින් පාවිච්චි කරන්න... කැන්ටිම නෙවෙයි බවන. වරෙන්කො කැම්පස්... මාසයක් තිස්සෙ උගන්නපුව දැන්ම අමතක වෙලා... :D

    ...කමක් නෑ ශ්‍රමදානය ගැන කතා කරමු. ඒක අපූරු වැඩක්... සඳුදා කැම්පස් එකේ අළුත් පෙනුම දැකල මගේ ඇස් උඩ ගියා. එතරම්ම අපූරුයි. වැස්සෙන් බාධා ඇති වුණත් වැඩේ නියමෙට කරල තියෙනවා. තව ලොකු වැඩ තියෙනව කරන්න. ඒවත් මේ වගේම සාර්ථකව කරන්න සුභ පතනව.

    "කැම්පස් ගිහින් පිල් කීපයකට බෙදිලා ගුටි කෙළ ගන්නවට වඩා මේවගේ දෙයක් කරන එක කොච්චර හොඳද? ඇඟේ අමරුවයි හිතේ අමාරුවයි වෙනුවට ඇඟේ අමාරුවත් අමතක වෙන සතුටක් හිතට ඉතුරු වේවි."

    නියමයි!

    ReplyDelete
  4. අයියෝ ශාකුන්තල අයියේ අපිට ඉතින් බවන තරම් තැනක් තවත් තියනවද? කැම්පස් නොවන කෙනෙක් කියෙව්වොත් තෙරෙන එකක් නැති නිසයි එහෙම ලිව්වෙ.
    word verification,comment box කතාව මට තේරුනේ නෑ හෙට කැම්පස් එකේදි අහගන්නම්

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.