Thursday, October 29, 2009

Ubuntu අයිසිං කිරීම (5කොටස)-Emerald

අයිසිං කිරීම ඉවරයි කියල මං කලින් කිව්වට ඉවරම නෑ. තව තියනවා. :D මේක ලස්සනම එකක් වෙලත් මට කොහොම අමතක උනාද කියල හිතා ගන්න බෑ. කොහොම හරි දැන් මතක් උනානේ ඔන්න ලියනවා.

Emerald කියන්නෙ කවුළු අලංකාර කරනයක්(window decorator). මෙම Emerald theme manager එක මගින් ඔබට emerald themes install කරන්න edit කරන්න සහ emerald theme අතර මාරු වීමට අවස්ථාව ලබා දෙනවා.

Window decorator එකක් විදිහට emerald කරන්නෙ ඔබේ window border වල පෙනුම පාලනය කිරීම. Window එකක අනෙක් අයිතමයන් වෙන button, scroll bars වැනි දේවල් වෙනස් කිරීමට desktop environment එකේ settings වලට යන්න ඕන.

  • Emerald ස්ථාපනය කිරීම.
terminal එක ගෙන පහත විධානය ඇතුලත් කරන්න(ඔබේ repository indexes update කර තිබිය යුතුයි)

$ sudo apt-get install emerald

ඊළඟට emerld, CompizConfig Settings Manager වල plug in එකක් විහිදට active කිරීමට. CCSM වලට ගිහින් එකේ Window decoration කොටසට ගිහිල්ලා එතන තියන command කියන text box එකට "emerald --replace" කියල ඇතුලත් කරන්න.
මේක ක්‍රියාත්මක කරන්න නම් පරිගනකය නැවත පණගන්වන්න වෙනවා. ඒ session එකට විතරක් ක්‍රියාත්මක කරන්න නම් Run එකේ emerald --replace ඇතුලක් කරලා පුළුවන්.

  • Themes install කිරීම.
System--> Preferences --> Emerald Theme Manager වෙත යන්න.
මේකට කැමති themes www.gnome-look.org වලින් බාගන්න පුළුවන්. (Mac OS වගේ Vista වගේ හදපු ඕනෑ තරම් themes මෙතන තියනවා) ඊට පස්සෙ theme manager එකේ import බොත්තම click කරලා theme එක අරගෙන. ඒ අවශ්‍ය theme එක උඩ double click කරලා ක්‍රියාත්මක කරගන්න පුළුවනි. =D>
Mac OS theme එකක් :)

Tuesday, October 27, 2009

අර්ධ ශතකය ලැබීම හා ආපසු හැරී බැලීමක්......


ආයුබෝවන් කියල පිළිගන්නවා රවින්දගේ සටහන් පොතේ 50 වැනි සටහනට :) . මම බ්ලොග් කරණයට පිවිසුනේ මීට මාස 10 කට කලින් 2008 දෙසැම්බර් 8 වෙනි සඳුදා. ඒ මගේ විස්තර ගැන කුඩා සටහනක් ලියල. එදා ඉඳල අද වෙනකම් මම දිගටම බ්ලොග් ලිව්ව. සමහර කාල වලදී(විභාගෙ කිට්ටු උනහම ලෙක්චර්ස් ගියේ නැති ඒව නිදි මරාගෙන අදින කාලෙI-) ) ටිකක් මඟ ඇරුනේ නෑම නෙමෙයි. ඒත් මම මේ මුළු කාලය තුලම බ්ලොග්කරණයේ රුඳිල හිටිය. හැමදාම වගේ සින්ඩියටයි ගිහිල්ල බ්ලොග් කියවන්න ඒ වගේම මගේ blogspot එකට feeds ආපු posts කියවන්න පුරුදු උනා. ඒක මගේ දෛනික ජීවිතයේ කොටසක් උනා. net connect උනාම මුලින්ම යැවෙන්නෙ සින්ඩියට. බ්ලොග් කියවීමෙන් ප්‍රතිචාර දැක්වීමෙන් මම තෘප්තියක් ලැබුවා. ඒ වගේම ගොඩක් දේවල් ඉගන ගත්තා.

මම බ්ලොග් එකක් ලියන්න ඕන කියල හිතුනෙ අපේ senior batch එකේ ශාකුන්තල අයියගේ බ්ලොග් එක දැකල. ඒ වගේම තමයි පහන් අයිය. මට මතකයි පහන් අයිය දවසක් අපේ UCSC ගොඩනැගිල්ලෙ පළවෙනි මහලෙ ඉඳල මට මල්ලි මල්ලි කියල කතා කරල "උඹ නේද අර බ්ලොග් එකක් ලියන්නෙ" කියල අහල ඊට පස්සෙ මගේ බ්ලොග් එකේ අඩුපාඩු කියල දීපු හැටි. ඒ අය මට දීපු සහයෝගය මේ වෙලාවෙ මතක් කරන්නම ඕන.

මම UCSC එකේ 6 වෙනි batch එකේ. අපේ කට්ටියගෙන් මුලින්ම බ්ලොග් එකක් ලියන් පටන් ගත්තේ මම. ඒකත් මට බොහොම ආඩම්බරයට කාරණයක්.ඒ වගේම මගේ batch එකේ සාමාජිකයන් comment වලින් වගේම හම්බෙච්ච වෙලාවට වචනයෙන් හරි දීපු ධෛර්ය මට මෙච්චර කාලයක් බ්ලොග් ලියන්න ශක්තියක් උනා. අනික මම බ්ලොග් ලියන්න පටන් අරගෙන නිකං හිටියේ නෑ. අපේ අනිත් එවුනටත් තෙල ගැහුවා බ්ලොග් ලියන්න. ඒ තෙල් වල ප්‍රතිපලයක් විදිහට අපේ ගොඩක් අය බ්ලොග් ලියනවා දැන් =d> . නම් එහෙම කියන්න ගියොත් ලේසි වෙන්නෙ නෑ මොකද බර ගානක් ඉන්න නිසා. පහුගිය දවසක අපේ පොඩි එවුන්ට(පොඩි එවුන් කිව්වට මුන් පොඩිම නෑ ඒ අපේ jouniorsලා :D) අපි Linux workshop එකක් කරපු වෙලාවේ උන්ටත් බ්ලොග් ගැන හොඳ තෙලක් ගැහුවා චමිල අයියයි මායි. ඒ අපේ මල්ලිලා නංගිලාත් ලඟදීම මේ බ්ලොග් කරුවන් අතරට එකතු වේවි කියල තමයි බලාපොරොත්තුව.

බ්ලොග් කරණයෙන් මට ලැබිච්ච තව දෙයක් තමයි තව යාළුවො කට්ටියක්. ඒ නිසා මගේ IM client එකට තව group එකක් එකතු උනා "මගේ බ්ලොග් මිතුරන්" කියල. ඒ අය වගේම මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිල්ල ඒව කියවල ගිය ප්‍රතිචාරයක් දාල ගිය හැම දෙනෙක්මත් මේ වෙලාවෙ බොහොම ආදරෙන් මතක් කරනව.

මම හැමදාම උත්සාහ කල දෙයක් තමයි බ්ලොග් එකෙන් මම දන්න දෙයක් අනුන්ට කියල දෙන්න. මේක අපේ කැම්පස් වල නම් සංස්කෘතියෙම කොටසක්. දේශනයක් ගත්තහම හැමෝටම තේරෙන්නෙ නෑ ඒත් ඒක තේරෙන කීප දෙනා batch එකම ගොඩ දානව. එහෙම කෙනෙක්ට කියල දීල ඌව ගොඩ දාල ලබන තෘප්තිය වෙන කිසිම දේකින් ලබන්න බෑ. ඒක නිසා තමයි මම බ්ලොග් එකෙත් මම දන්න දේවල් ලිව්වෙ. Bandluxe modem එක linux වල configure කරන විදිහ ගැන මම ලියපු සටහන සෑහෙන්න ජනප්‍රිය උනා. කොච්චරද කියනවනම් "bandluxe c120 in" කියල google කලාම මම ucsclodge එකේ කඩ්ඩෙන් ලියපු post එක දෙවනියට ආව. තව පිටරට වල කීප දෙනෙක්ම මට mail කරල, IM එකේ set වෙලා ඒ ගැන වැඩි විස්තර ඇහුව. බ්‍රසීලෙ ලුසියානෝ කියන පොර තාමත් මම online හිටියහම linux ගැන එක එක දේවල් අහනව #-o . මම ඉතින් ගොඩක් FOSS පැත්තට බර නිසා ඒ ලියැවුනු ගොඩක් දේවල් Linux ගැන තමයි ලිව්වේ. ඉස්සරහටත් ඒ වගේ දේවල් ගොඩක් ලියන්න බලාපොරොත්තු වෙනවා. දැන් 2වසරෙ හින්ද වැඩ වැඩි එකයි එකම අවුල (ඉස්කොලෙ 2වසර නෙමෙයි හොඳේ). ඒ ඇරෙන්න බ්ලොග් එකේ වල් පල් නොලිව්වම නෙමෙයි. අපි කව්රුත් අපේ සුන්දර අත්දැකීම් බෙදා හදා ගන්න කැමතියිනේ. කැම්පස් ජීවිතේ කියන්නෙ බොහොම සුන්දර දෙයක්නේ ඉතින් ඒ සුන්දර දෙවල් වලින් ටිකකුත් මම ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගත්තා. මේ ලඟදි මම මගේ හිතේ තිබුන දේවල් කිහිපයකුත් නිසඳැස් විදිහට(මම දන්න විදිහට ඒවාට කියන්නෙ නිසඳැස් කියල. එහෙම නොවෙනවනම් සොරි වෙන්න ඕන) බ්ලොග් එකේ ලිව්ව. අන්තිමට ලියපු එක නම් ටිකක් abstract මදි උනාද මන්දා. ඒ නිසා දැන් මට කැම්පස් එකේ කනක් ඇහිලා ඉන්න නැති වෙලයි ඉන්නේ :"> .

බ්ලොග් ලියනකොට මම කවදාවත් කාටවත් මඩ ගැහුවේ නෑ. මොකද මගේ ලිවීමේ අරමුණ මම දන්න දෙයක් අනෙක් අයටත් කියල දීල මගේ අත්දැකීම් අනෙක් අයත් එක්ක බෙදා හදා ගැනීම මිසක් කාටවත් මඩ ගහල කව්රුවත් විවේචනය කිරීම නොවෙන නිසා. සමහර වෙලාවට විවිධ පුද්ගලයො මට මම ඉගන ගන්නා තැනට කැත විදිහට මඩ ගහල මාත් එක්ක පැටලෙන්න හැදුවත් මම මගේ බ්ලොග් එක ආපහු ඔව්න්ට මඩ ගහන්න පාවිච්චි කලේ නෑ. එහෙම ඉන්න පුළුවන් වීම ගැන මම අද සතුටු වෙනවා=; .

ඉතිං අන්තිමට ආයෙත් මතක් කරනවා මට උදව් කරපු ධෛර්ය දීපු හැමෝවම. ඉස්සරහටත් රවින්දගේ සටහන් පොත එක්ක රැඳිල ඉන්න කියල ආරාධනා කරනවා. ;;)

~~බොහොම ස්තූතියි~~

Wednesday, October 14, 2009

මට දෙන්න නුඹේ එක සිනහවක්......


එපා මට නුඹේ ඔය සිනිඳු සුරත මා සුරතේ පටලා ගන්නට
දැනුනත් එවිට මට මුළු ලොවම මගෙ ලඟ බව
මට එපා නුඹේ තොල් පෙති සිඹින්නට
පළමු හාදුවෙන් තෙමන්නේ තොල් පෙති විතරක් උනත්
මට ඕනෑ නෑ නුඹේ ලමැද සැතපෙන්නට
දුන්නත් එය උණුසුම් යහනක සුව
ඒත්
මට දීපන්
නුඹේ එක අහිංසක සුන්දර සිනහවක්
මා සිත සතුටින් පිරීයාවි වෙන කිසිවකින් කල නොහැකි සේ
මන්ද යත්
එයයි මා පැතූ ආදරය....

Monday, October 5, 2009

Ubuntu අළුත් කෝලා වළහා සංස්කරණය ගැන

මේ මාසෙ 29 වෙනිදා Ubuntu වලට ආදරය කරන්නන් බොහොම උනන්දුවෙන් බලන් ඉන්න දවසක්. ඒ මොකද කියනවනම් Ubuntu වල අළුත්ම සංස්කරණය වන Ubuntu 9.10 හෙවත් Karmic Koala නිළ වශයෙන් නිකුත් වෙන්නෙ එදාට තමයි. මේ දවස් වෙනකොට මේ Karmic Koala කේත නාමයෙන් හඳුන්වන සංස්කරණයේ Beta නිකුත්වක් එළි දක්වල තියනවා. කැමති අය ඉන්නවනම් බාගෙන වැරදි අඩුපාඩු සොයන්න පුළුවනි.

ඔය Ubuntu 9.10 එහෙම කියල ලැබෙන හැටි දන්නවද? ඔතන 9 කියන්නෙ 2009 කියන එක. 10 කියන්නෙ දහවෙනි මාසෙ කියන එක. සාමාන්‍යයෙන් Ubuntu වර්ශයකට සංස්කරණ දෙකක් නිකුත් කරනවා. එකක් අප්‍රේල් මාසෙ(9.04) අනික ඔක්තෝම්බර මාසෙ. අනිත් දේ තමයි මේ සංස්කරණ වලට කේත නාමය දෙන්නෙ සතෙකුගේ නමින්. ඉස්සර ඉඳල මේ සංස්කරණ ආපු නම් දකින්න කැමතිද?

  • Ubuntu 4.10(Warty Warthog)
  • Ubuntu 5.04(Hoary Hedgehog)
  • Ubuntu 5.10 (Breezy Badger)
  • Ubuntu 6.06 LTS (Dapper Drake)
  • Ubuntu 6.10 (Edgy Eft)
  • Ubuntu 7.04 (Feisty Fawn)
  • Ubuntu 7.10 (Gutsy Gibbon)
  • Ubuntu 8.04 LTS (Hardy Heron)
  • Ubuntu 8.10 (Intrepid Ibex)
  • Ubuntu 9.04 (Jaunty Jackalope)
  • Ubuntu 9.10 (Karmic Koala)
කළින් සංස්කරණයේ Jaunty Jackalope කියන්නෙ ජේත්තුකාර හාවා කියන එකනේ. මේ පාර Karmic Koala කිව්වට මට තාම Karmic කියන වචනේ තේරුමක් හොයාගන්න බැරි උනා. මොකක් හරි කෝලා වලහෙක් ගැන තමයි කියනනෙ. මමත් අද රෑ කැම්පස් එකේදි මෂියර්ගෙ(තරිඳු) ලැප ඉල්ලගෙන wifi වලට පිං සිද්ධ වෙන්න විනාඩි 25කින් විතර beta iso එක බා ගත්ත. ඊට පස්සෙ හිමීට Virtual Box එකට දාල බැලුව. Virtual Box එකේ උනත් විනාඩි 20කින් විතර ස්ථාපනය උනා. මුලින්ම දැක්ක වෙනස තමයි boot screen එක වෙනස් කරල තියනව.
ඒගොල්ලො නම් කියන්නෙ ලස්සන කලා කියල. මට නම් එහෙම පේන්නෙ නෑ.installation එකෙත් වැඩි වෙනසක් නෑ. window වල පොඩි පොඩි වෙනස් කම් කරල තියනව.
installation process එක පෙන්නන තැන නම් පැහැදිල වෙනසක් කරල තියනව. Ubuntu ගැන සහ අඩංගු සමහර මෘදුකාංග ගැන කෙටි විස්තරයක් පෙන්නනව මෙතනදි.

ඔන්න install වෙලා ඉවරයි desktop එකට ආව.

මේ අළුත් සංස්කරණයේද ඔවුන් හඳුන්වාදෙන දේවල් විදිහට කියන්නෙ මේව.


1. Boot Experience - මම කලින් කිව්ව Splash screen එකයි මේ.

2. Software Centre - කලින් තිබිච්ච Add/Remove වෙනුවට මේකෙ තියෙන්නෙ මේක
කලින් තිබිච්ච විදිහ හොඳයි මටනම්.

3. GOME 2.28 Desktop Environment එක.
  • Pidgin වෙනුවට Empathy Default IM client විදිහට ඇතුලත් කරල තියනව.
4. Linux 2.6.31-11.36 kernel එක මෙයට ඇතුලත්.

5. 9.04 වල තිබුනු ප්‍රධාන performance ප්‍රශ්න විසඳමින් vedio driver එක EXA acceleration mode එකේ ඉඳල අළුත් UXA එකට වෙනස් කරල තියනව.

6. Ext4 file system එක පෙරනිමියෙන් ඇතුලත්.

7. Grub2 පෙරනිමි boot loader එක විදිහට ඇතුලත්.

ඉතිං හැමෝටම ආරාධනා කරනවා 29 වෙනිදට Ubuntu 9.10 original සංස්කරණය බාගත කරගෙන ඒ අත්දැකීම විඳගන්න කියල.