Wednesday, October 14, 2009

මට දෙන්න නුඹේ එක සිනහවක්......


එපා මට නුඹේ ඔය සිනිඳු සුරත මා සුරතේ පටලා ගන්නට
දැනුනත් එවිට මට මුළු ලොවම මගෙ ලඟ බව
මට එපා නුඹේ තොල් පෙති සිඹින්නට
පළමු හාදුවෙන් තෙමන්නේ තොල් පෙති විතරක් උනත්
මට ඕනෑ නෑ නුඹේ ලමැද සැතපෙන්නට
දුන්නත් එය උණුසුම් යහනක සුව
ඒත්
මට දීපන්
නුඹේ එක අහිංසක සුන්දර සිනහවක්
මා සිත සතුටින් පිරීයාවි වෙන කිසිවකින් කල නොහැකි සේ
මන්ද යත්
එයයි මා පැතූ ආදරය....

15 comments:

  1. "දුන්නත් එය උණුසුම් යහනක සුව ඒත් මට දීපන් නුඹේ එක අහිංසක සුන්දර සිනහවක්"

    රාගයෙන් තොරම නෙවූ ආදරයකට !!!!

    ReplyDelete
  2. නුඹ කෙතර්ම් පැතුවත් එය,
    කෙදිනක තේරුම් යාද ඇයට,
    නුඹ මෙතරම් අහිංසක වග,
    දැනේවි ඇයට තෙරපෙනා විට,
    තවත් එකෙකුන් අතරට මැදිව,
    එය ආදරය නොවන වග..

    ReplyDelete
  3. කරුමක්කාරයා හරියටම හරි!

    ReplyDelete
  4. රාගයෙන් තොර ප්‍රේමය කියලා එකක් මෙ ලොකේ නෑ...එහෙම තියෙන්නෙ සින්දු වල.රාගය හැමවිටම ප්‍රේමය නොවුණට ප්‍රේමය හැමවිටම රාගිකයි.

    bamba...

    ReplyDelete
  5. හිතේ ඉන්න කෙනා කවුද කියල අපිටත් කියපන්.....!

    ReplyDelete
  6. @චැප් @සුපුන් @තමීර
    ස්තූතියි ප්‍රතිචාරයට

    @කරුමක්කාරයා
    කීමට බොහෝ දේ ඇතත් ඇයට
    කීමට නොහැකි විය ඇයට
    අදහස් කරමි කීමට දිනක
    දැන දැනත් අවසානය

    @තුෂාර(බම්බා)
    නෑ මචං මම උඹත් එක්ක එකඟ නෑ. රාගයෙන් තොරවූ ආදරයක් තියෙන්න පුළුවන්.

    @මධුරංග(පාල)
    කාටවත් කියන්න බෑ. කියන්න තත්වයක් නෑ. කියල තේරුමකුත් නෑ.

    @ප්‍රසාද්(ලුකා)
    :D

    ReplyDelete
  7. මේ ලියලා තියෙන්නේ උඹේ ජීවිතේදි දැකපු සුන්දර හීනයක් නම් ඒ සුන්දර හීනය හැබැවක්ම වෙයි...... මොකද ආදරේ ගැන උඹේ හිතේ තියන හැඟීම පිවිතුරු නිසා................

    ReplyDelete
  8. ඔයාගෙ නිසඳැසට හඉර්යටම හරියනවා කියල මට හිතුණු නිසඳැසක් මගේ ළඟ තිබිල මට ලැබුනා. ඒක මම උසස් පෙළ කාලෙ ලියපු එකක්... බලන්න....

    ආත්මය පුරාවට සැඟවුණු
    දයාබර බැල්මකින් ඉපදුණු
    රහසින්ම හදවතේ පීදුණු
    යලිත් හිත අද්දරින් වියැකුණු......

    සොඳුරු සිතුවිලි වලින් කැලඹුණු
    යාන්තම් නෙත් අතර නැවතුණු
    යලිත් නෙතුපිය මතින් ගිලිහුණු
    මිතු දමක් සේ හදෙහි පැතිරුණු.......

    මංමුලා වූ හිතින් බොඳවුණු
    ටජ්මහල් මාළිගා ඉදිවුණු
    ඔපදැමූ පළිඟු සේ දිලිසුණු
    බයකි හැඟුමන් පෙලා මතුවුණු.......

    හදිසියේ නෙතින් නෙත හමුවුණු
    මුහුදු රැලි සේ සැනින් වෙන්වුණු
    වෙන්වෙනා හැමවිටම ළංවුණු
    නාදුනන රුවකි හිත රැවටුණු.......

    ලෙන්ගතුයි සුවඳ ගත දැවටුණු
    සසල වෙයි හිත තවම තනිවුණු
    පද බැඳුණු කවියකින් හැඩවුණු
    තාලයකි නුඹ මසිත රජවුණු......

    ඔයාගෙ ආදරේ හීනයක් නොවේවා කියල මම ප්‍රාර්තනා කරනව... ඔන්න ඔයාගෙ ඉල්ලීම මම ඉශ්ටකලා... දැන් සතුටුද??

    මේ කවිය කියවල ඒකෙ හැම කවිපේළියකම මුල් අකුරු ටික පහලට කියවගෙන යන්න.....

    .....ආදරය සොයායමි මටඔබ හමුවෙනා ලෙසපතා.....

    ReplyDelete
  9. @ක්‍රිෂාන්
    බොහොම ස්තූතියි අලියා උඹේ ප්‍රතිචාරයට. මේක මම දැකපු සුන්දර හීනයක් තමයි. ඒත් ඒක සැබෑ වෙයි කියල නම් හිතන්න අමාරුයි. මොකද අපේ හිතේ තියන දේ මොන තරම් අවංක උනත් මේතනදි දෛවයත් බලපානවනේ.

    @දිනුෂි
    උඹේ ලස්සන කවි පෙලට ගොඩාක් ස්තූතියි. ප්‍රතිචාරයත් එක්කම රසවිඳින්න දෙයක් දුන්නනේ. "රහසින්ම හදවතේ පීදුණු" ඇත්ත :) . හැමදාම මට මේ වගේ ලස්සන ප්‍රතිචාර දක්වන්න කියල ඉල්ලනව. හීනෙ ගැන නම් කියන්න තියෙන්නෙ අලියට කියපු දේම තමයි.

    ReplyDelete
  10. හ්ම්..... රාගය නැති ප්‍රේමයක් නෑ කින එකට මමත් එකඟයි හැබැයි ප්‍රේමය කියන්නෙ රාගය නෙමෙයි ඒක ඊට වඩා උසස්..
    රාගය නැතුව ප්‍රේමය තියෙනවනං එතන තියෙන්න පුළුවන් වෙන්නෙ ඒක පාර්ශවික ආදරයක්.. මම හිතන්නෙ අපි හැමෝම කරනව වගේ නේද? හැබැයි ඒක කොච්චර වේදනාකාරී උනත් රාගය කියන ගිනි දැල්ලෙන් වෙලෙන්නෙ නැති නිසා සුන්දරයි නේද? මොකද ආදරය කියන්නෙ පරිත්‍යාගයක් මිසක් අනෙක් කෙනාගෙන් ලබා ගන්න දෙයක්ම නෙමෙයි නෙ. අපි ආදරය කරන කෙනා අපිට ආදරේ නොකරන්න පුළුවං අපිට ආදරේ කරන කෙනාට අපි ආදරේ නොකරන්න පුළුවං හැබැයි අපි ඇත්තටම ආදරේ කරනවනං උඹ කියනව වගේ එක හිනාවක් ඇති හිත හදාගන්න
    අනේ මංද හ්ම්.....

    ReplyDelete
  11. @කේෂාන්
    උඹේ බෙහොම සංවේදී ප්‍රතිචාරයට ස්තූතියි. උඹේ ආදරයත් සාර්ථක වේවා කියල ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  12. කේෂාන්ගෙ කතාවට මමත් ටිකක් එකඟයි..එත් අපි අදරය මොකක්ද රාගය මොකක්ද කියලා හරියට තේරුම් ගන්නවානම්...,අදරය කියන වචනෙත් එක්ක රාගය කියලා දෙයක් ගැන කතා කරන්න ඕන නෑ කියලයි මම හිතන්නෙ.මොකද අදරය කියන්නෙ ස්වර්වසම්පූර්ණ දෙයක්. .හැම දෙයක්ම වෙනස් වෙන ලොකේ ආදරෙත් සාපේක්ෂවෙලා..,ආදරෙ අතිවෙන්න, නැති වෙන්න, දෙන්නගෙ හිතේ තියන ආදරෙ විතරක් නෙමෙයි තවත් බොහොමයක් භාහිර සාධකත් බලපාන්න අරන්.එක දෙයක් මම උබට කියන්නම් ආදරය ජීවිතයට අනිවාර්‍ය්‍යයෙන්ම ඕන දෙයක් වුනාට අදරය කියන්නෙ මුළු ජීව්තේම නෙමෙයි කියලා මතක තියා ගනින්.හිත කියන්නෙ මහ පුදුමාකාර දෙයක්, උඹ උඹේ හිත තෙරුම් ගත්ත දවසට උඹට උඹේ අදරෙ වැඩියෙනුත් එක්ක ලැබෙයි.

    ReplyDelete
  13. @මංජු
    "ආදරය කියන වචනෙත් එක්ක රාගය කියලා දෙයක් ගැන කතා කරන්න ඕන නෑ කියලයි මම හිතන්නෙ"
    ඇත්ත මම ඒ වචනෙ පාවිච්චි කලේ නෑ ඔය අනිත් අය තමයි ඒක ඇදලා ගත්තේ. විශේෂයෙන්ම තුෂාර(බම්බා)

    "හිත කියන්නෙ මහ පුදුමාකාර දෙයක්"
    ඇත්ත අපි උත්සාහ කරන්න ඕන හිතට එකඟව ජීවත් වෙන්න කියලයි මම හිතන්නෙ. මම කරන්නෙ ඒකයි.

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.