Thursday, October 29, 2009

Ubuntu අයිසිං කිරීම (5කොටස)-Emerald

අයිසිං කිරීම ඉවරයි කියල මං කලින් කිව්වට ඉවරම නෑ. තව තියනවා. :D මේක ලස්සනම එකක් වෙලත් මට කොහොම අමතක උනාද කියල හිතා ගන්න බෑ. කොහොම හරි දැන් මතක් උනානේ ඔන්න ලියනවා.

Emerald කියන්නෙ කවුළු අලංකාර කරනයක්(window decorator). මෙම Emerald theme manager එක මගින් ඔබට emerald themes install කරන්න edit කරන්න සහ emerald theme අතර මාරු වීමට අවස්ථාව ලබා දෙනවා.

Window decorator එකක් විදිහට emerald කරන්නෙ ඔබේ window border වල පෙනුම පාලනය කිරීම. Window එකක අනෙක් අයිතමයන් වෙන button, scroll bars වැනි දේවල් වෙනස් කිරීමට desktop environment එකේ settings වලට යන්න ඕන.

  • Emerald ස්ථාපනය කිරීම.
terminal එක ගෙන පහත විධානය ඇතුලත් කරන්න(ඔබේ repository indexes update කර තිබිය යුතුයි)

$ sudo apt-get install emerald

ඊළඟට emerld, CompizConfig Settings Manager වල plug in එකක් විහිදට active කිරීමට. CCSM වලට ගිහින් එකේ Window decoration කොටසට ගිහිල්ලා එතන තියන command කියන text box එකට "emerald --replace" කියල ඇතුලත් කරන්න.
මේක ක්‍රියාත්මක කරන්න නම් පරිගනකය නැවත පණගන්වන්න වෙනවා. ඒ session එකට විතරක් ක්‍රියාත්මක කරන්න නම් Run එකේ emerald --replace ඇතුලක් කරලා පුළුවන්.

  • Themes install කිරීම.
System--> Preferences --> Emerald Theme Manager වෙත යන්න.
මේකට කැමති themes www.gnome-look.org වලින් බාගන්න පුළුවන්. (Mac OS වගේ Vista වගේ හදපු ඕනෑ තරම් themes මෙතන තියනවා) ඊට පස්සෙ theme manager එකේ import බොත්තම click කරලා theme එක අරගෙන. ඒ අවශ්‍ය theme එක උඩ double click කරලා ක්‍රියාත්මක කරගන්න පුළුවනි. =D>
Mac OS theme එකක් :)

4 comments:

  1. හරිම ලස්සනයි. මා ගාව තියෙන්නෙ Fedora සහ Mac4Lin, Do . බාමි, බාමි. ස්තුතියි.

    ReplyDelete
  2. වැදගත් ලිපි පෙලක්..

    ReplyDelete
  3. අයියට පිං සිද්ධ වෙන්න ඔන්න මම දා ගත්තා. :)
    Beryl තිම්ස් (මේ Emerlad තිම්ස්) මේ තැන් වලිනුත් ගත්ත හැකි.

    www.Beryl-themes.org

    www.compiz-themes.org තැන් වලිනුත් ගත්ත හැකි. :)

    ReplyDelete
  4. @Dappi Sira
    :D

    @anthraX
    :D

    @බින්කු
    තැන්කූ කිව්ව ලින්ක් වලට.

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.