Tuesday, October 27, 2009

අර්ධ ශතකය ලැබීම හා ආපසු හැරී බැලීමක්......


ආයුබෝවන් කියල පිළිගන්නවා රවින්දගේ සටහන් පොතේ 50 වැනි සටහනට :) . මම බ්ලොග් කරණයට පිවිසුනේ මීට මාස 10 කට කලින් 2008 දෙසැම්බර් 8 වෙනි සඳුදා. ඒ මගේ විස්තර ගැන කුඩා සටහනක් ලියල. එදා ඉඳල අද වෙනකම් මම දිගටම බ්ලොග් ලිව්ව. සමහර කාල වලදී(විභාගෙ කිට්ටු උනහම ලෙක්චර්ස් ගියේ නැති ඒව නිදි මරාගෙන අදින කාලෙI-) ) ටිකක් මඟ ඇරුනේ නෑම නෙමෙයි. ඒත් මම මේ මුළු කාලය තුලම බ්ලොග්කරණයේ රුඳිල හිටිය. හැමදාම වගේ සින්ඩියටයි ගිහිල්ල බ්ලොග් කියවන්න ඒ වගේම මගේ blogspot එකට feeds ආපු posts කියවන්න පුරුදු උනා. ඒක මගේ දෛනික ජීවිතයේ කොටසක් උනා. net connect උනාම මුලින්ම යැවෙන්නෙ සින්ඩියට. බ්ලොග් කියවීමෙන් ප්‍රතිචාර දැක්වීමෙන් මම තෘප්තියක් ලැබුවා. ඒ වගේම ගොඩක් දේවල් ඉගන ගත්තා.

මම බ්ලොග් එකක් ලියන්න ඕන කියල හිතුනෙ අපේ senior batch එකේ ශාකුන්තල අයියගේ බ්ලොග් එක දැකල. ඒ වගේම තමයි පහන් අයිය. මට මතකයි පහන් අයිය දවසක් අපේ UCSC ගොඩනැගිල්ලෙ පළවෙනි මහලෙ ඉඳල මට මල්ලි මල්ලි කියල කතා කරල "උඹ නේද අර බ්ලොග් එකක් ලියන්නෙ" කියල අහල ඊට පස්සෙ මගේ බ්ලොග් එකේ අඩුපාඩු කියල දීපු හැටි. ඒ අය මට දීපු සහයෝගය මේ වෙලාවෙ මතක් කරන්නම ඕන.

මම UCSC එකේ 6 වෙනි batch එකේ. අපේ කට්ටියගෙන් මුලින්ම බ්ලොග් එකක් ලියන් පටන් ගත්තේ මම. ඒකත් මට බොහොම ආඩම්බරයට කාරණයක්.ඒ වගේම මගේ batch එකේ සාමාජිකයන් comment වලින් වගේම හම්බෙච්ච වෙලාවට වචනයෙන් හරි දීපු ධෛර්ය මට මෙච්චර කාලයක් බ්ලොග් ලියන්න ශක්තියක් උනා. අනික මම බ්ලොග් ලියන්න පටන් අරගෙන නිකං හිටියේ නෑ. අපේ අනිත් එවුනටත් තෙල ගැහුවා බ්ලොග් ලියන්න. ඒ තෙල් වල ප්‍රතිපලයක් විදිහට අපේ ගොඩක් අය බ්ලොග් ලියනවා දැන් =d> . නම් එහෙම කියන්න ගියොත් ලේසි වෙන්නෙ නෑ මොකද බර ගානක් ඉන්න නිසා. පහුගිය දවසක අපේ පොඩි එවුන්ට(පොඩි එවුන් කිව්වට මුන් පොඩිම නෑ ඒ අපේ jouniorsලා :D) අපි Linux workshop එකක් කරපු වෙලාවේ උන්ටත් බ්ලොග් ගැන හොඳ තෙලක් ගැහුවා චමිල අයියයි මායි. ඒ අපේ මල්ලිලා නංගිලාත් ලඟදීම මේ බ්ලොග් කරුවන් අතරට එකතු වේවි කියල තමයි බලාපොරොත්තුව.

බ්ලොග් කරණයෙන් මට ලැබිච්ච තව දෙයක් තමයි තව යාළුවො කට්ටියක්. ඒ නිසා මගේ IM client එකට තව group එකක් එකතු උනා "මගේ බ්ලොග් මිතුරන්" කියල. ඒ අය වගේම මගේ බ්ලොග් එක පැත්තෙ ඇවිල්ල ඒව කියවල ගිය ප්‍රතිචාරයක් දාල ගිය හැම දෙනෙක්මත් මේ වෙලාවෙ බොහොම ආදරෙන් මතක් කරනව.

මම හැමදාම උත්සාහ කල දෙයක් තමයි බ්ලොග් එකෙන් මම දන්න දෙයක් අනුන්ට කියල දෙන්න. මේක අපේ කැම්පස් වල නම් සංස්කෘතියෙම කොටසක්. දේශනයක් ගත්තහම හැමෝටම තේරෙන්නෙ නෑ ඒත් ඒක තේරෙන කීප දෙනා batch එකම ගොඩ දානව. එහෙම කෙනෙක්ට කියල දීල ඌව ගොඩ දාල ලබන තෘප්තිය වෙන කිසිම දේකින් ලබන්න බෑ. ඒක නිසා තමයි මම බ්ලොග් එකෙත් මම දන්න දේවල් ලිව්වෙ. Bandluxe modem එක linux වල configure කරන විදිහ ගැන මම ලියපු සටහන සෑහෙන්න ජනප්‍රිය උනා. කොච්චරද කියනවනම් "bandluxe c120 in" කියල google කලාම මම ucsclodge එකේ කඩ්ඩෙන් ලියපු post එක දෙවනියට ආව. තව පිටරට වල කීප දෙනෙක්ම මට mail කරල, IM එකේ set වෙලා ඒ ගැන වැඩි විස්තර ඇහුව. බ්‍රසීලෙ ලුසියානෝ කියන පොර තාමත් මම online හිටියහම linux ගැන එක එක දේවල් අහනව #-o . මම ඉතින් ගොඩක් FOSS පැත්තට බර නිසා ඒ ලියැවුනු ගොඩක් දේවල් Linux ගැන තමයි ලිව්වේ. ඉස්සරහටත් ඒ වගේ දේවල් ගොඩක් ලියන්න බලාපොරොත්තු වෙනවා. දැන් 2වසරෙ හින්ද වැඩ වැඩි එකයි එකම අවුල (ඉස්කොලෙ 2වසර නෙමෙයි හොඳේ). ඒ ඇරෙන්න බ්ලොග් එකේ වල් පල් නොලිව්වම නෙමෙයි. අපි කව්රුත් අපේ සුන්දර අත්දැකීම් බෙදා හදා ගන්න කැමතියිනේ. කැම්පස් ජීවිතේ කියන්නෙ බොහොම සුන්දර දෙයක්නේ ඉතින් ඒ සුන්දර දෙවල් වලින් ටිකකුත් මම ඔයගොල්ලොත් එක්ක බෙදා හදා ගත්තා. මේ ලඟදි මම මගේ හිතේ තිබුන දේවල් කිහිපයකුත් නිසඳැස් විදිහට(මම දන්න විදිහට ඒවාට කියන්නෙ නිසඳැස් කියල. එහෙම නොවෙනවනම් සොරි වෙන්න ඕන) බ්ලොග් එකේ ලිව්ව. අන්තිමට ලියපු එක නම් ටිකක් abstract මදි උනාද මන්දා. ඒ නිසා දැන් මට කැම්පස් එකේ කනක් ඇහිලා ඉන්න නැති වෙලයි ඉන්නේ :"> .

බ්ලොග් ලියනකොට මම කවදාවත් කාටවත් මඩ ගැහුවේ නෑ. මොකද මගේ ලිවීමේ අරමුණ මම දන්න දෙයක් අනෙක් අයටත් කියල දීල මගේ අත්දැකීම් අනෙක් අයත් එක්ක බෙදා හදා ගැනීම මිසක් කාටවත් මඩ ගහල කව්රුවත් විවේචනය කිරීම නොවෙන නිසා. සමහර වෙලාවට විවිධ පුද්ගලයො මට මම ඉගන ගන්නා තැනට කැත විදිහට මඩ ගහල මාත් එක්ක පැටලෙන්න හැදුවත් මම මගේ බ්ලොග් එක ආපහු ඔව්න්ට මඩ ගහන්න පාවිච්චි කලේ නෑ. එහෙම ඉන්න පුළුවන් වීම ගැන මම අද සතුටු වෙනවා=; .

ඉතිං අන්තිමට ආයෙත් මතක් කරනවා මට උදව් කරපු ධෛර්ය දීපු හැමෝවම. ඉස්සරහටත් රවින්දගේ සටහන් පොත එක්ක රැඳිල ඉන්න කියල ආරාධනා කරනවා. ;;)

~~බොහොම ස්තූතියි~~

12 comments:

  1. ඔන්න මගෙන් බොක්කෙන්ම සුභ පැතුම්..,මමත් ඉතින් බ්ලොග් ලියන්න පටන් ගත්තෙ උඹෙන් තෙල කාලනේ...,ඉදිරියටත් උඹේ හැම වැඩක්ම ගොඩයන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා..........
    ~ʞɔnן ɟo ʇsǝq~

    ReplyDelete
  2. 50 වන බ්ලොග් සටහනට, උණුසුම් සුබ පැතුම් තව අවුරුදු 50ක් බ්ලොග් ලියන්න වසනාව ලැබේවා...........................

    ReplyDelete
  3. ඕං ගොයියෝ උඹට මගෙනුත් සුභ පැතුම් ... මමත් මගේ එක බ්ලොග් එකක 50 ගැහුව අද 74 වෙනි post එකත් දැම්ම හැබැයි කවුරුත් දන්න මනෝ විකාරෙ නං තාම 31 :( කොල්ලෝ 50 ගැහුවට මදි දිගටම ලියහන් කොමෙන්ට් නොකලත් අපි හැමදාම කියවනව.. ආහ් 50 ගැහුවට හෙට party එකක් ඕන හරිද ??

    ReplyDelete
  4. උඹේ 50 ට මගෙන් උණුසුම් සුබ පැතුම්.

    ReplyDelete
  5. මගේ සුභ පැතුම්. !!
    ඔහොම යමු.

    ReplyDelete
  6. නියම පොරක්නේ ඔයා.ඔහොමයන්.ඉන්ටර්නෙට් සම්පත් වැඩසටහනත් හොදට කරනවා.ජයවේවා.

    ReplyDelete
  7. ආහ්, ජය ශ්‍රි මචං! ‍සුභාසිරි තව තවත් ලියැවෙන්නටැයි කියලා.

    ලිනක්ස් ගැන A to Z ලිපියක්වත් ලියන්නඩකෝ! :)

    ReplyDelete
  8. නියමයි. ලිවීම දිගටම කරගෙන යන්න. හැබැයි ඉගෙනීමෙ වැඩ වලට බාධාවක් කර ගන්න එපා. :)

    @chamara,
    ඔව්. රවින්ද සැබෑවටම දක්ෂයෙක්. ලිනක්ස් සම්බන්ධයෙන් මම රවින්දට කළ එකම උදව්ව ලිනක්ස් ගැන හඳුන්වා දීමත්, ලිනක්ස් ස්ථාපනය කර දීමත් පමණයි. දැන් පේනව නෙව කොල්ලගෙ තරම -- ශිෂ්‍ය ප්‍රජාව අතර ප්‍රසිද්ධ ලිනක්ස් ගුරෙක්. ;)

    ReplyDelete
  9. එළ දිගටම ලියමු

    ReplyDelete
  10. මගේ බ්ලොග් ලෝකේ වීරයෝ කිහිප දෙනෙක් ඉන්නව.... එයින් එක්කෙන්ක් තමයි උඹ මචං... අද මම බ්ලොග් එකක් ලියනවා නම් ඒ උඹේ බ්ලොග් එක දැකලා ගත්ත පන්නරයෙන් තමයි... ඕන තැනක මම ඒක නිහතමානීව කියනවා... උඹ දිහා බලලා අපිටත් තව ඉස්සරහට යන්න හිතෙනවා... මගෙන් උනුසුම් සුබ පැතුම් මචෝ... දිගටම ලියපන්.......

    ReplyDelete
  11. @චරිත්(ඇකා)
    ස්තූතියි මචං. හිතෙන දේ කියන තැනත් තව තව හොඳට කරගෙන යන්න ධෛර්ය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව. උඹ වටින් ගොඩිත් කියපු දේත් තේරුනා. :D

    @nel(ලුකා)
    බොහොම ස්තූතියි මචං. මොකද්ද බං මේ නෙල් කෑල්ල අපි දන්න විදිහට ලුකා හරි ප්‍රසාද් හරි කියල දාපන්කෝ.

    @කේෂාන්
    තැන්කූ කිව්වා මචං. පාටි දාන්න නම් මට සල්ලි නැති බව දන්නවනේ. හරි හරි ප්ලේන්ටියක් වත් අරන් දෙන්නම්. :))

    @පහන් අයියා
    බොහොම ස්තූතියි ගුරු හරු කම් වලට.

    @chamara
    අපොයි මම මහ ලොකු පොරක් නෙමෙයි. කොහොම වෙතත් බොහොම ස්තූතියි. ඉන්ටර්නෙට් සම්පත් භාවිතය අපේ රේඩියෝ වැඩසටහන අහන කෙනෙක් බ්ලොග් කරුවන් අතර ඉඳල හම්බුනාමයි. බොහාම සන්තෝෂයි.

    @බින්කු
    ubuntu install කරන හැටි කියල පටන් ගත්තේ ඒකට තමයි. ඉස්සරහට බොහොම සරලව ලිනක්ස් ගැන ලිපි ටිකක් ලියන්න බලාපොරොත්තු වෙනවා. දිරි ගැන්වීමට ස්තූතියි.

    @ශාකුන්තල අයියා
    බොහොම ස්තුතියි අයියේ.
    "ශිෂ්‍ය ප්‍රජාව අතර ප්‍රසිද්ධ ලිනක්ස් ගුරෙක්" ගුරෙක් නම් තමා :D අපේ අය දන්නවා ඒ ගැන. ප්‍රසිද්ධද මන්දා.

    @thilina
    අනිවාර්යෙන්ම දිගටම ලියනවා.

    @ක්‍රිෂාන්
    එළ කිරි මචං. මගෙන් තව කෙනෙක් හොඳ දේකට ආදර්ශයක් ගත්තා කියන එක මට ලොකු ආඩම්බරයක්. උඹේ කවි පට්ට. මම ආසම බ්ලොග් එකක් තමයි උඹේ බ්ලොග් එක.

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.