Monday, October 5, 2009

Ubuntu අළුත් කෝලා වළහා සංස්කරණය ගැන

මේ මාසෙ 29 වෙනිදා Ubuntu වලට ආදරය කරන්නන් බොහොම උනන්දුවෙන් බලන් ඉන්න දවසක්. ඒ මොකද කියනවනම් Ubuntu වල අළුත්ම සංස්කරණය වන Ubuntu 9.10 හෙවත් Karmic Koala නිළ වශයෙන් නිකුත් වෙන්නෙ එදාට තමයි. මේ දවස් වෙනකොට මේ Karmic Koala කේත නාමයෙන් හඳුන්වන සංස්කරණයේ Beta නිකුත්වක් එළි දක්වල තියනවා. කැමති අය ඉන්නවනම් බාගෙන වැරදි අඩුපාඩු සොයන්න පුළුවනි.

ඔය Ubuntu 9.10 එහෙම කියල ලැබෙන හැටි දන්නවද? ඔතන 9 කියන්නෙ 2009 කියන එක. 10 කියන්නෙ දහවෙනි මාසෙ කියන එක. සාමාන්‍යයෙන් Ubuntu වර්ශයකට සංස්කරණ දෙකක් නිකුත් කරනවා. එකක් අප්‍රේල් මාසෙ(9.04) අනික ඔක්තෝම්බර මාසෙ. අනිත් දේ තමයි මේ සංස්කරණ වලට කේත නාමය දෙන්නෙ සතෙකුගේ නමින්. ඉස්සර ඉඳල මේ සංස්කරණ ආපු නම් දකින්න කැමතිද?

  • Ubuntu 4.10(Warty Warthog)
  • Ubuntu 5.04(Hoary Hedgehog)
  • Ubuntu 5.10 (Breezy Badger)
  • Ubuntu 6.06 LTS (Dapper Drake)
  • Ubuntu 6.10 (Edgy Eft)
  • Ubuntu 7.04 (Feisty Fawn)
  • Ubuntu 7.10 (Gutsy Gibbon)
  • Ubuntu 8.04 LTS (Hardy Heron)
  • Ubuntu 8.10 (Intrepid Ibex)
  • Ubuntu 9.04 (Jaunty Jackalope)
  • Ubuntu 9.10 (Karmic Koala)
කළින් සංස්කරණයේ Jaunty Jackalope කියන්නෙ ජේත්තුකාර හාවා කියන එකනේ. මේ පාර Karmic Koala කිව්වට මට තාම Karmic කියන වචනේ තේරුමක් හොයාගන්න බැරි උනා. මොකක් හරි කෝලා වලහෙක් ගැන තමයි කියනනෙ. මමත් අද රෑ කැම්පස් එකේදි මෂියර්ගෙ(තරිඳු) ලැප ඉල්ලගෙන wifi වලට පිං සිද්ධ වෙන්න විනාඩි 25කින් විතර beta iso එක බා ගත්ත. ඊට පස්සෙ හිමීට Virtual Box එකට දාල බැලුව. Virtual Box එකේ උනත් විනාඩි 20කින් විතර ස්ථාපනය උනා. මුලින්ම දැක්ක වෙනස තමයි boot screen එක වෙනස් කරල තියනව.
ඒගොල්ලො නම් කියන්නෙ ලස්සන කලා කියල. මට නම් එහෙම පේන්නෙ නෑ.installation එකෙත් වැඩි වෙනසක් නෑ. window වල පොඩි පොඩි වෙනස් කම් කරල තියනව.
installation process එක පෙන්නන තැන නම් පැහැදිල වෙනසක් කරල තියනව. Ubuntu ගැන සහ අඩංගු සමහර මෘදුකාංග ගැන කෙටි විස්තරයක් පෙන්නනව මෙතනදි.

ඔන්න install වෙලා ඉවරයි desktop එකට ආව.

මේ අළුත් සංස්කරණයේද ඔවුන් හඳුන්වාදෙන දේවල් විදිහට කියන්නෙ මේව.


1. Boot Experience - මම කලින් කිව්ව Splash screen එකයි මේ.

2. Software Centre - කලින් තිබිච්ච Add/Remove වෙනුවට මේකෙ තියෙන්නෙ මේක
කලින් තිබිච්ච විදිහ හොඳයි මටනම්.

3. GOME 2.28 Desktop Environment එක.
  • Pidgin වෙනුවට Empathy Default IM client විදිහට ඇතුලත් කරල තියනව.
4. Linux 2.6.31-11.36 kernel එක මෙයට ඇතුලත්.

5. 9.04 වල තිබුනු ප්‍රධාන performance ප්‍රශ්න විසඳමින් vedio driver එක EXA acceleration mode එකේ ඉඳල අළුත් UXA එකට වෙනස් කරල තියනව.

6. Ext4 file system එක පෙරනිමියෙන් ඇතුලත්.

7. Grub2 පෙරනිමි boot loader එක විදිහට ඇතුලත්.

ඉතිං හැමෝටම ආරාධනා කරනවා 29 වෙනිදට Ubuntu 9.10 original සංස්කරණය බාගත කරගෙන ඒ අත්දැකීම විඳගන්න කියල.

No comments:

Post a Comment

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.