Friday, September 25, 2009

ඔබේ පරිගනකයට නිවැරදිව Ubuntu ස්ථාපනය කරගනිමු.


ගොඩක් කාලෙකට පස්සෙ මම ආයෙත් technical post එකක් ලියන්නයි යන්නෙ. මේ මම ටික කාලෙකට කලින් වෙච්ච පොරොන්දුවක්. කැම්පස් එකේ ඇකඩමික් වැඩයි තව අපේ පොඩි එවුන්ගේ වැඩයි(ඒ කිව්වෙ අපේ jouniorsලාගේ) නිසා මේක ලියන එක දවසින් දවස කල් යමිනුයි තිබුනේ. අනිත් එක පහුගිය දවස් වල වයිරස් උණක් හැදිල ජීවිතේ එපා වෙලා හිටියෙ. දැන් යන්තම් හොඳයි. හරි හරි ඔන්න වල් පල් ඇති වැඩේට බහිමු.

ලිනක්ස් නවකයින්ට හොඳම මෙහෙයුම් පද්ධතියක්නේ උබුන්ටු. ඒත් සමහරු උබුන්ටු install කරගන්න හැටි හරියට දන්නෙ නෑ. මේක අමාරු දෙයක් නෙමෙයි මට තේරෙන විදිහට වින්ඩෝස් install කරනවටත් වඩා මේක ලේසියි. ඒක ඔප්පු කරන්නත් එක්ක උබුන්ටු පරිගනයක ස්ථාපනය කරගන්න විදිහ තමයි මේ කියන්න යන්නෙ.මුලින්ම තමන් සතුව Ubuntu CD/DVD එකක් හෝ Super Ubuntu DVD එකක් තියෙන්න ඕන.

ගොඩක් අයගේ hard disk එකේ ජනේලයක්(windows) හයි කරලා තියෙන්න පුළුවන්නේ :-> . එහෙම නම් මුලින්ම ඒ අය ලිනක්ස් ස්ථාපනය සඳහා partition එකක් නිදහස් කරගන්න ඕන. 10GB තිබ්බනම් ඉහටත් උඩින්. අපි මෙහෙම හිතමු තියෙන්නෙ 40GB partition 3ක් නම්. අවුලක් නෑ. එක partition එකක් free කරගන්න. Mycomputer right click කරලා Manage ගිහින් ඒකෙන් disk management යන්න. ඔබේ දෘඩ තැටිය දැනට partition වෙලා තියන හැටි එතනදි පෙන්නාවි. දැන් අර හිස් කර ගත්තු partition එක delete කරලා එතන 30GBක partition එකක් හදාගන්න. තව 10ක් ඉතිරිනේ partition නොකරපු space එක විදිහට ආන්න එතනට තමයි අපි උබුන්ටු දාන්න යන්නෙ. මුළු hard disk එකම erase කරලා ලිනක්ස් විතරක් දාන්න යන අය ඉන්නවනම්(මේ මම වගේ) මේ මුකුත් කරන්න ඕන නෑ කෙලින්ම ඊළඟ පියවරට යන්න පුළුවන්.

දැන් අදාල Ubuntu තැටිය පරිගනකයට ඇතුල් කරලා ක්‍රියාත්මක කරන්න. මතක ඇතුව first boot device එකට CD/DVD ROM එක දාලා තියන්න. දැන් පරිගනකය CD එකෙන් boot වෙමින් මේ වගේ screen එකක් පෙන්නාවි.

default select වෙලා තියන english ම තියෙන්න ඇරල enter කරන්න(කඩ්ඩ හොඳටම තේරෙන්න ඕන නෑ යංතං සංතං ඇති :D). එතකොට පහත window එක ඔයගොල්ලොන්ට ලැබේවි.

Ubuntu install වෙනකම් පොඩි game එකක් එහෙම ගහන්න කැමති නම් පළවෙනි option එක තෝරන්න නැත්නම් දෙවනි එක තෝරගන්න. පළවෙනි එක තෝරපු අය පහල පින්තූරෙ වගේ සාමාන්‍ය ubuntu desktop එකකට ඒවි.මේ OS එක live CD එකෙන් boot වෙලයි තියෙන්නෙ. සාමාන්‍ය ubuntu ස්ථාපිත මැෂින් එකක කරන ඕන දෙයක් මේකෙත් කරන්න පුළුවන්. හැබැයි ටිකක් හිමීට වැඩ මොකද තනිකරම RAM එකෙන් වැඩ කරන නිසා.

දැන් ඔය install කියන icon එක තෝරන්න. දැන් ලැබෙන window එක තමයි අර මුල් menu එකෙන් install ubuntu තෝරපු අයට desktop එකට එන්නෙම නැතුව ලැබෙන්නෙ.
default එන විදිහටම English තියෙන්න ඇරල forward click කරන්න. පස්සෙ ඕන නම් සිංහලට මාරු කරගන්න බැරියැ. දැන පල්ලෙහා image එකේ වගේ window එකක් ලැබේවි.
Region සහ City දෙක රූපයේ විදිහට තෝරලා Forward යන්න.
මෙහේ සාමාන්‍යයෙන් තියෙන්නෙ USA layout එක තියන keyboard නේ. ආයෙ Fordward කරන්න. එපා වෙනවා නේද මොන්ටිසෝරි වැඩක් වගේනේ. :D
මෙතනින් මතක ඇතුව Specify partitions manually කියන අවසාන option එක තෝරල forward කරන්න.
දැන් තමයි කල්පනාවෙන් වැඩ කරන්න ඕන. මෙතන ඔබේ hard disk එක දැනට partition වෙලා තියන විදිහ සහ ඒවායේ විස්තර පෙන්නනවා.ලිනක්ස් OS එකක් install කරද්දි මූලිකවට swap area එකත් root partition එකත් හදා ගන්න ඕන. අපි කලින් ඉතිරි කරලා තියපු 10GBක free space කොටස තෝරන්න. (අළුත්ම hard එකක් පාවිච්චි කරන අය මුලින්ම /dev/sda තෝරල create new partition කියන තැන click කරන්න.)දැන් new partition කියන button එක click කරන්න. එතකොට පහත පින්තූරෙ වගෙ එකක් ලැබේවි.
swap එකේ size එක සාමාන්‍යයෙන් RAM එක වගේ දෙගුණයක් දෙන්න කියලයි කියන්නෙ. ඒත් 2GB වගේ RAM තියන අය ඒ වගේ දෙගුණයක් දෙන්න එපා. උපරිම 1000MB swap එකට දුන්නම ඇති. පහල use as කියන තැනින් swap area කියන එක තෝරල OK කරන්න.
ඊළඟට ඉතිරි free space එක තෝරල ආයෙ new partition ගිහින් අවම 8GB වගේ වෙන්න ext3 partition එකක් හදා ගන්න. මේක use as කියන තැනට / දෙන්න ඒ කියන්නෙ root. කැමති නම් /home එක වෙනම හදල දෙන්නත් පුළුවන්. එතකොට ආයෙ linux install කරන්න උනොත් තිබ්ච්ච data වලට හානියක් වෙන්නෙ නෑ. මම කලින් කිව්ව වගේ ඔය ගොල්ලො වින්ඩෝස් වල 30GB විතර partition එකක් delete කරල linux වලට partition හැදුව නම් තව සෑහෙන ප්‍රමාණයක් free space විදිහට ඉතිරි ඇතිනේ. ඒක තියෙන්න අරින්න පස්සෙ ඒක වින්ඩෝස් වලින් ntfs වලට format කරගන්න. අනිත් දේ තමයි දැන් මෙතන අළුත් partiton පෙන්නුවට තාම hard එකේ partition හැදිල නෑ. preview එකක් විතරයි පෙන්නන්නෙ. තව ඉස්සරහදි උබුන්ටු install කරන්න දුන්නහම තමයි මේව disk එකට save කරන්නෙ. දැන් partiton හදල ඉවර නම් forward යන්න.
දැන් ලැබෙන window එකේදි නම username එක passward එක එහෙම දීල forward යන්න. auto login දෙන්න එපා. එක භයානකයි එතකොට ඕන කෙනෙකුට machine එකට log වෙන්න පුළුවන්.
අන්තිමට අපි දීපු ඔක්කොම තොරතුරු සාරාංශ කරල නිවැරදිද කියල අහනව install කරන්න කලින් මෙතනින් install කියල දුන්නම අර partition එහෙම හැදිල OS එක install වෙනව.
මේක install වෙන්න යන වෙලාව machine එකේ processer speed එක RAM එක මත වෙනස් වෙනව. Core2Do වගේ එකක නම් විනාඩි 12කින් විතරත් install වෙනව. අර මුලින් live cd එකෙන් machine එක boot කරගෙන install කරපු අයටනම් OS එක install වෙනකම් game එකක් ගහන්නත් පුළුවනි.
install වෙලා ඉවර උනහම restart කරන්න කියල massage එකක් ඒවි. එතකොට restart click කරන්න. CD තැටිය ඉවත් කරන්න කියල machine එක restart වේවි. ඔන්න ඔයගොල්ලෝ Ubuntu නිවැරදිව ස්ථාපනය කරගෙන ඉවරයි. වින්ඩෝස් install කරනව තරම් අමාරු නෑ නේද. මේ පෝස්ට් එක ටිකක් විතර අච්චාරුවක් වගේද මන්දා :D. පිළිවෙලටම ලියන්න තරම් වෙලාවක්නෑ. ඒකට සමාවෙන්න. අර්බුදයක් තියනවනම් comment එකක් දාල යන්නකෝ.

දැන් ඉතින් මම කලින් ලිව්ව post වල විදිහට කැමති විදිහට ubuntu හැඩ කරගන්න එකයි තියෙන්නෙ.


5 comments:

  1. එළ කිරි මචන් දැන් හදිස්සියකට කව්රුහරි ඇහුවත් කියලා දෙන්න පුලුවන්..

    ReplyDelete
  2. එළ කිරි පෝස්ට් එක, මචං මට පොඩි ප්‍රශ්න කිහිපයක් තියෙනව,

    01.අර free space එක NTFS විදියට format කරාට පස්සෙ එකෙ store කරන files Linux වලින් පාවිචි කරන්න පුලුවන්ද.

    02. Linux දාපු machine එකක් Windows XP දාපු එකක් එක්ක LAN එකක් හදන්න(cross cable එකකින්) පුලුවන්ද internet connection එක share කරගන්න වගේ මොකද මම internet යන්න පාවිච්චි කරන්නෙ modem එකක් එක Linux වල වැඩකරන්නෙ නැහැ.

    ReplyDelete
  3. @Dilan
    සමාවෙන්න ඕන උඹේ කමෙන්ට් එක දැක්කෙ පහුවෙලා.

    1.අනිවාර්යෙන්ම පුළුවන්. ntfs ලිනක්ස් වලට කිසි ප්‍රශ්නයක් නැතුව mount වෙනවා.

    2.පුළුවන්. ඒ ගැන ලියවුනු බ්ලොග් පෝස්ට් එකකුත් ළඟදි සින්ඩියේ තිබුනා මතකයි. මේ වෙලාවෙ මට හදිසියට හොයාගන්න බෑ. උඹේ මොඩම් එකේ model එක මොකද්ද? prolink හැර ගොඩක් modem උබුන්ටු වලට වැඩ කරනවා.

    ReplyDelete
  4. මචං මගේ මොඩම් එක Prolink H9601 එකක් එකත් එක්ක ලැබුනු CD එකේනම් Linux drivers කියල ෆොල්ඩර් එකක් තියෙනව එකේ තියෙනව "FedoraCore3", "Mandrake10.1", "Note for Kernel 2.6" , "SuseLinux9.2" sub folders ටිකක් එ හැම එකකම "USBAnnexABinary", "ControlPanelApplicationBinary" කියල ෆොල්ඩර්ස් දෙකක් ඇතුලෙ "GUModem.ko", "gsi_cfg" කියල files දෙකක් තියෙනව බැරිද එවගෙන් මොකුත් කරගන්න.

    ReplyDelete
  5. @Dilshan
    අපොයි Prolink :o
    මේ ලින්ක් දෙක පොඩ්ඩක් බලලා try එකක් දෙනවද? මට නම් test කරන්න විදිහක් නෑ :D . මේ අය නම් thread වල කියල තියන විදිහට මොඩම් එක ubuntu වල install කරගෙන තියනවා. මේ කියන ඒවා කරන්න terminal එක ගැන පොඩි අවබෝධයක් නම් ඕන වේවි.

    http://www.linuxquestions.org/questions/linux-hardware-18/how-to-install-prolink-h9601-adsl-usb-modem-in-ubuntu-724373/

    http://www.elakiri.com/forum/showthread.php?t=134577&page=2

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.