Sunday, May 31, 2009

Ubuntu අයිසිං කිරීම (3කොටස)-Screenlets

මේක නම් මාත් ලගක් වෙනකම්ම දැනගෙන හිටපු නැති මෘදුකාංගයක්. මට මේ ගැන කිව්වෙ පහන් අයියා. පස්සෙ පහන් අයිය මට කිව්ව මගේ Ubuntu අයිසිං කිරීම ලිපි පෙළ යටත් මේක ලියන්න එයාට වෙලාවක් නෑ කියල. මේන් එහෙනම් ලිව්ව.

මේක අපිට ඩෙස්ක්ටොප් එකේ පැත්තකින් දාන්න පුළුවන් ඔරලෝසු,දින දර්ශන,CPU meter වගේ අඩංගු මෘදුකාංගක්(widget framework).නම Screenlets. අර Vista වල ඔරලෝසුව එහෙම තියන එක වගේ කිව්වනම් තේරේවි. හැබැයි මේක දැම්ම කියල Vista වල වගේ load වෙන්න වරුවක් යන්නෙ නෑ. මේකෙ අඩංගු වෙන්නෙ සරල කුඩා applications. ඒ වගේම ලස්සනයි.

මෙහෙමයි ස්ථාපනය කරගන්නෙ. පහත ක්‍රම 3න් ඕනෑම එකකින් මේක ස්ථාපනය කරගන්න පුළුවන්.

1.Application--->Add/Remove applications ගිහිල්ල screenlets කියල search කරල screenlets අයිතමය ඉස්සරහින් tick එකක් දාල apply click කරන්න.
2.terminal එක අරගෙන මෙහෙම type කරන්න.
sudo apt-get install screenlets

3.
System--->Administration-->Synaptic Package Manager ගිහිල්ල screenlets කියල search කරල screenlets අයිතමය ඉස්සරහින් tick එකක් දාල apply click කරන්න

දැන් Application--->Accessories-->Screenlets විදිහට Screenlets Manager එක ගන්න පුළුවන්. මේකෙ විශාල Screenlets ප්‍රමාණයක් දැකගන්න පුළුවන්.
Desktop එකට දාන්න ඕන Screenlets තෝරල Launch/Add click කරන්න නැත්නම් අදාල Screenlets උඩ doulble click කරල කරන්න. සාමාන්‍යයෙන් එතකොට ඒ Screenlets එක screen එකේ වම් පැත්තෙ ඉහලින් තමයි එන්නෙ. මේක Desktop එකේ ඔබට කැමති තැනකට ඇදල දාන්න පුළුවන්. අවශ්‍ය තැනට ගෙනිච්චට පස්සෙ ඒ Screenlets එක උඩ right click කරල lock option එක තේරීමෙන් ඒක එතන ස්ථාවරව රඳවල තියන්න පුළුවන්. තව Screenlets එක window වලට උඩිත් තියනවද යටින් තියනවද කියන එකත් තෝරන්න පුළුවන්. අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් තියනව. Screenlets manager එකේ දැන් ඇතුලත් කරපු Screenlets එක තෝරල Auto start at login කියන තැන tick එක යොදන්න ඕන නැත්නම් ඊලඟ පාර පරිගනකය on කලාම කලින් පාර දාපු Screenlets තියන එකක් නෑ. ඕනනම් තවත් Screenlets බාගත කරල ඇතුලත් කරන්න පුළුවන්. ඉතින් තම තමුන්ගෙ කැමැත්ත අනුව Screenlets දාගෙන ඔබේ Ubuntu මූලික තිරය ලස්සන කරගැනීම ඔබට බාරයි.මේ මගේ මූලික තිරයෙ තිරපිටපතක්.

8 comments:

  1. බොලේ.....මරු වැඩක්නෙ ...
    කිව්වට බොහෝම පින්.!!

    ReplyDelete
  2. මට නම් එපා වෙලා අයින් කරල දැම්ම.

    ReplyDelete
  3. මටනම් මොකක්දෝ වෙන සොෆ්ට්වෙයා එකක් හොයද්දී මේක හම්බ වෙලා තිබුනා.මේ වගේම තව එකක් තියනවා ඩෙස්ක්ලට්ස්(gdesklets) කියලා හැබයි මේ තරම් ලස්සන නෑ.

    ReplyDelete
  4. බොහොම ස්තුතියි!

    ReplyDelete
  5. හපෝ ලොකු දෙයක් මේක ලිව්ව එක. ස්තුතියි ලිව්වට.
    මගේ ubuntu desktop එක දැකල කස්ටිය ඉල්ලීම් කරන්න පටං ගත්තා මේක ගැන ලියන්නම කියල. ලියන්න තරම් වෙලාවක් මේ දවස්වල නෑ project වල වැඩ හිරවෙලා. දැන් ඒගොල්ලන්ට මේකේ ලින්ක් එක දෙන්න පුළුවන්.

    ReplyDelete
  6. ආ තව දෙයක් අමතක උනා. http://www.gnome-look.org/ මෙතැනින් තව screenlets ගන්න පුළුවන්

    ReplyDelete
  7. නියමයි..සිංහල බ්ලොග්කරණ තරඟාවලිය ගැනත් මට කියන්න...

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.