Tuesday, May 5, 2009

වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ


සති කීපයකින් බ්ලොග් එක ලියන්න උනේ නෑ. වෙන කිසිම හේතුවක් නිසා නෙමෙයි තියන වැඩ කන්දරාව නිසා වෙලාවක් නෑ. කැම්පස් එකේ වැඩ ගොඩ ගැහිල. ඒ කිව්වෙ අධ්‍යයන වැඩ. Algorithm කියල තියනව subject එකක්. අපට තියන subject වලින් මම කැමතිම එක. ජාව එහෙම සම්බන්ධ නිසා programming තියන කොට කරන්න ආසයි. පළවෙනි පාර lecture එකේදි අහන කොට නම් මේ ලෝකෙ දෙයක් තේරෙන්නෙ නෑ. Assignment දීල code ලියන කොට අපූරුවට තේරෙනව. ආයෙ තියනව DBMS දන්නවනේ DataBase Management Systems ඒකත් එච්චරම අවුලක් නෑ. ER Diagram අඳින්න තව SQL එහෙම තියෙන්නෙ.අනෙක් subject දෙකේ නම් lecture ගිහිල්ල ගොඩක් වෙලාවට කරන්නෙ නිදාගන්න එක තමයි. අනේ හිතල නිදා ගන්නෙ නෑ. lecture එකට ගිහිල්ල විනාඩි 15ක් විතර යනකොට දන්නෙම නැතුව නින්ද යනව. lecture විතරක් තියනවනම් අවුලක් නෑ. විභාගෙ කට උඩට එනකම් ඉන්න පුළුවන්. කොහෙද මේ Assignment දෙනවනේ පෝලිමට. අද වෙනකොට Assignment 4ක් තියනව. Algo take home එකයි, DBMS සහ S.E group assignment 2යි. ලබන සතියෙ maths inclass එකයි. හෆෝයි එපා වෙනව.ඒ අස්සෙ මේ දවස් වල කට්ටිය වෙසක් එකට කැම්පස් එකේ කූඩු හදනව. තව භක්ති ගීත එහෙමත් තියනව. මටත් තියනව ගීතයක් කියන්න. මේකත් මේ algo assignment එක කරන ගමන් කොටල දාන්නෙ මොනව හරි ලියන්න ඕන නිසා. Ubuntu අයිසිං කිරීම 2කොටස ලියන්නත් ඕන. ඉක්මනටම ලියන්න උත්සාහ කරන්නම්. එහෙනම් නවතිනවා. හැමෝටම තෙරුවන් සරණයි.

3 comments:

  1. හිමීට වැඩ ටික කරමු....වෙසක් කිව්වමයි මතක් වුනේ කූඩු හදන්නත් ඕනෙ...

    ReplyDelete
  2. හරි හරි කලබල නැතිව නිවාඩු පාඩුවේ ලියන්න.අපි බලන් ඉන්නම්

    ReplyDelete
  3. මම ඒත් බැලුව කොල්ලට මොකද උනෙ කියල? ඉඩ තියෙන වෙලවක ලියපන් මචො!

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.