Friday, May 8, 2009

කාලකණ්නි බස්



කාලකණ්නි කියන්නෙ කාලය කාදමන කියන එකටනේ. මේ කියන්නෙ කාලය කා දමන බස් ගැන.

ඊයෙ කැම්පස් එකේ උදේ ධර්ම දේශනාවක් භාවනා වැඩසටහනක් හා හවස භක්ති ගීත ගායනා වැඩසටහනක් සංවිධානය කරල තිබුන. මමත් ගීතයක් ගායනා කලා. ගිලෙම් ඔබේ ගුණ මූදේ කියන පණ්ඩිත් අමරදේව මහත්මයා ගායනා කරන ගීතය. මගේ උපරිමයෙන් මම ඒ සිංදුව කිව්වා ඒකෙන් සිංදුවට අසාධාරනයක් එහෙම උනානම් සමාවෙන්න ඕන. මේ වැඩසටහන ඉවර උනේ හවස 4.20ට විතර. මම දඩබඩ ගාලා සරම කමිසය මාරු කරලා අයිතිකාරයොන්ට දීල(සරම කමිසය දෙකම යාළුවොන්ගෙන් ණයට ගත්තෙ) ගෙදර යන්න පාරට බැස්ස. මම කලින් හිතාගෙන හිටියෙ සාගරිකා කෝච්චියට කොහොම හරි යනව කියල. ඒත් පාරට බහින කොටත් 4.40යිනේ. කෝච්චිය මරදානෙන් පිටත් වෙන්නෙත් 4.40ට. කොටුවට ගිහිල්ලත් අල්ලන්න බෑ වෙලාව මදි. ඊළඟට තියෙන්නෙ සමුද්‍ර දේවී කාර්යාල දුම්රිය. ඒක අළුත්ගමින් පස්සෙ මන්දගාමී. ඉතින් අකමැත්තෙන් හරි බස් එකේ යන්න කල්පනා කරලා. කැම්පස් එක ගාවින් නැග්ගොත් ඉතින් හිටගෙන අර කියමනට කියන්නෙ අල්ප "ද" යන්න වගේ කියල අන්න එහෙම තමයි යන්න වෙන්නෙ. මතක් වෙනකොටත් ඔළුව කැරකෙනව. එහෙනම් කොටුවට ගිහිල්ල වාඩිවෙන කියල ගියා කොටුවට. මාතර බස් වලට මාර පෝලිම බස් 3ක් වත් යනකම් බස් එකට ගොඩවෙන්න බෑ ඒ පෝලිමේ ඉඳල. ගාල්ල බස් පෝලිමේ සෙනඟ ටිකක් අඩුයි. ඒක නිසා මම ඒකට ගියා. ඔන්න එතකොටයි දැක්කෙ පහන් අයිය,දමිත් අයිය සහ අපේ තව senior අයිය කෙනෙක් මාතර බස් පෝලිමේ ඉන්නව. දැන් පහන් අයිය මට අඬගහනව මේකට වරෙන් කියල. ඒගොල්ලො නම් පෝලිමේ මුල හරියෙ එවෙලෙ පෝලිමට ගිහිල්ල ඒ බස්එකේ යන්න බැරි නිසා මම කිව්ව කමක් නෑ මම මේකෙ එන්නම් කියල. කොෙහාම හරි ගාලු බස්එකට නැගල.තවත් වරුවක් හිටියට පස්සෙ තමයි බස්එක පිටත් උනේ.වෙලාව 5.45යි. මතක තියාගන්න. ඔන්න ඉතින් බස් එක යනව මොරටුවට විතර යනකම් හැම හෝලට් එකක්ම වගේ නෑර නවත්තලා "අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල" කිය කිය සෙනඟ එකතු කරා.දැන් බස් එකේ සූ ගාලා සෙනග. හිටගෙන ඉන්න මිනිස්සුන්ට ඉන්න ඉරියව්ව වෙනස් කරල අනෙක් පැත්තට හැරෙන්නත් බෑ. ඔය අස්සෙ ඩයිවරයා බස් එක නවත්තල කියනව.foot board එකේ අය වැටෙයි ඒගොල්ලො පව් කියල තව කොහොම හරි පොඩ්ඩක් පස්සට යන්නලු. ආයෙ ඊළඟ හෝලට් එකේ නවත්තලා තව කීප දෙනෙක් නග්ග ගන්නවා. කොහොමින් කොහොමින් හරි බස් එක කළුවතරට එනකොට කීයද දන්නවද වෙලාව. 7.45යි. පැය දෙකක්. සීඝ්‍රගාමී කෝච්චයක නම් උපරිම විනාඩි 40යි මරදානෙ ඉඳලම කළුතරට. මොන දෙයියන්ට කියන්නද? ඒ අස්සෙ මගේ කොන්ද රිදෙන්න අරගත්තා. දුර ගමන් සේවා බස් වල තියනවනේ සැපපහසු ආසන එක පැත්තක සීට් 3යි අනෙක් පැත්තෙ 2යි විදිහට. වාඩිවෙලා ඉන්න එකත් ඒ විදිහටම ඉන්න ඕන පොඩ්ඩක් හරිබරි ගැහෙන්නවත් බෑ. දනිස් දෙක ඉස්සරහ සීට් එකේ වදිනවා. අන්තිමට මම ගාල්ලෙන් බස් එකේන් බහින කොට වෙලාව 9.35යි. ආසන්න වශයෙන් පැය 4ක් ගතවෙලා. මෙතන ඉඳලා උළුවිටිකෙට යන්නත් එපැයි. 9.30 බද්දෙගම බස් එකත් ගිහිල්ලා. මොනව කරන්නද ඉඳලා 10 බස් එකේ ගිහිල්ල ගෙදර යනකොට 10.30 විතර වෙලා. හොඳ ගනන්.

අද උදේ පහන් අයියා online ඉන්නව දැකල මම චැටක් දැම්ම.මෙන්න බලන්න.

(16:10:34) ravindasenarath@gmail.com/Home: මාතර එකේ ඇවිල්ලත් අන්තිමට 10 බස් එකේනෙ යන්න උනේ
(16:10:42) ravindasenarath@gmail.com/Home: 9.30 මිස් උනාද?
(16:12:54) පහන් අයියා: ????????
(16:13:11) ravindasenarath@gmail.com/Home: ගාල්ලට එනකොට වෙලාව කීයද?
(16:13:12) පහන් අයියා: හ්ම්
(16:13:16) පහන් අයියා: උඹත් 10 නේද ගියේ
(16:13:29) ravindasenarath@gmail.com/Home: ඕගොල්ලො මට කලින් ආවනේ
(16:13:34) පහන් අයියා: මහ චාටර් බස් එකක් බං ඒක
(16:14:17) ravindasenarath@gmail.com/Home: හෆෝයි මම නම් ඊයෙ කාපු කට්ට මතක තියනකං බස් එකේ ගෙදර එනේනෙ නෑ
(16:15:56) ravindasenarath@gmail.com/Home: 5.15ට සමුදූ දේවී එකේ නැග්ග නම් 8.30-8.45 වෙනකොට ගාල්ලෙ.
(16:16:10) පහන් අයියා: සිරාවට බං
(16:16:34) පහන් අයියා: 5.45ට බම්බා ඇවිත් නගින්න තිබ්බ
(16:17:10) පහන් අයියා: මටත් ඊයේ එපා උනා බං


කලින් ඇවිල්ලත් මිනිහත් අන්තිමට ගෙදර ගිහිල්ල තියෙන්නෙ මම ගිහිපු බස් එකේමයි. මම අද දුම්රිය දෙපාර්තමෙන්තුවේ සයිට් එකට ගිහිල්ල බැළුව හවසට ගාල්ල මාතර යන කොච්චි ඒව ගාල්ලට එන වෙලාවත් එක්ක. ඔන්න බලන්න.
5.25ට පිටත් වෙන මන්දගාමී කොච්චියත් 9.10ට ගාල්ලට එනව. අපි සීඝ්‍රගාමී බස්එකේ 5.45ට කොටුවෙන් පිටත් වෙලා ඊට තවත් පැය භාගෙකට පස්සෙ ගාල්ලට එනව. කොහොමද කාලකණ්නි කම?

5 comments:

  1. එකත් එකකත්ද මචෝ? ඔන්න ෂුවර් එකටම ක්මේන්ට්ස් වැටෙයි ඩෝ ගාලා. මොන හත්ලිව්වකට මන්දා බස් සේවාව මුලුමනින්ම පෞද්ගලික කරණය කරේ!

    ReplyDelete
  2. මේ සංගෙදිය දන්න නිසා මම අකමැත්තෙන් උනත් හවස ලෙක්චර් කට් කරලා ටිකක් වේලාසනින් ගෙදර එන්න පිටත් වෙනවා !

    කෝච්චියේ එන එක තමා හොඳම වැඩේ. ඉක්මනින් එන්නත් පුලුවං, අඟට අමාරුවකුත් නෑ.

    ReplyDelete
  3. අපේ රටේ තියෙන පොදු ප්‍රවාහන සේවයේ තියෙන දුර්වලතා නිසා උඹලට විදින්න වෙන දුක් කරදර ගැන නම් ගොඩක් දුකයි බං එත් ඉතින් මොනවා කරන්නද? ඉවසපන් ඉවසපන් ......... :)

    ReplyDelete
  4. ඒකනේ මචන් මම ගෙදර යන්නෙ නැත්තෙ,,,,නැතුව වෙන හේතුවක් නිසා නෙමෙයි..

    ReplyDelete
  5. @Manju(ඇකා)
    යා යා මම දන්නව.ඒක තමයි හේතුව.
    අනෙ පලයං බං යන්න.

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.