Sunday, May 10, 2009

Ubuntu අයිසිං කිරීම (2 කොටස)-Compiz Fusion


මොකද්ද මේ Compiz Fusion කියන්නෙ. Compiz Fusion කියන්නෙ Compiz කියන composite window manager එකෙත් Beryl නම් ව්‍යාපෘතියේත් එකතුවක්. මේකෙන් කරන්නෙ පරිශීලකයාම භාවිතා කිරීමට පහසු විනෝදාත්මක කවුළුමය වටපිටාවක්(windowing environment) නිර්මාණය කරන එක. තවත් මේක ගැන කියනවනම් මේක open source ව්‍යාපෘතියක්. ඒ නිසා ඔබටත් මෙහි දියුණුවට දායකත්වය දැක්විය හැකියි.තවත් කිව යුත්තක් නම් Compiz Fusion යනු Compiz නොවේ. නමුත් Compiz Fusion හි හරය Compiz ය. Compiz වලට තවත් functionalities,pugins,tools සහ libries එක් කරයි Compiz Fusion නිර්මාණය කර තිබෙන්නේ. මෙහි ඇති විශේෂත්වයක් නම් අවම hardware අවශ්‍යතාවන්ගෙන් ඉතා විශිෂ්ඨ ත්‍රිමාන පරිසරයකි නිර්මාණය කිරීමයි. සාමාන්‍යයෙන් 64MB වීඩියෝ මතකයකත් මෙම මෘදුකාංගය සාර්ථකව ක්‍රියාත්මක වෙනවා.

Compiz Fusion install කර ගැනීම

මුලින්ම ඔබේ පරිගනකයේ graphic drivers ඇතුලත් කර ක්‍රියාත්මකව ඇත්දැයි බලන්න.

1.Applications-->Add/Remove Applications වලට යන්න.
2.Compiz යනුවෙන් සඳහන් කර search කරන්න.
3.ලැබෙන ප්‍රතිපල වලින් Advanced Desktop Effects Settings (ccsm) හා Compiz Fusion Icon ඉදිරියේ tick mark එක දමා Apply Changes Click කරන්න.
නැත්නම්

1.System-->Administration-->Synaptic Package Manager වෙත යන්න.
2.Compiz යනුවෙන් සඳහන් කර search කරන්න.
3.Compiz යන්න ඉදිරියෙන් tick කර Apply කරන්න.
දැන් Compiz Fusion ඔබේ පරිගනකයේ ස්ථාපිත වේවි. ඔබට System-->perparances-->Advanced Desktop Effect Settings වලට ගොස් ඔබට අවශ්‍ය plugins active කිරීම කල හැකියි.

Compiz Fusion plugins

ඉහත කවුළුවට ගිය විට ඔබට plugin විශාල ප්‍රමානයක් දැකිය හැකියි. මේ එයින් ප්‍රසිද්ධ කීපයක් ගැන විස්තර.

1. Desktop Cube
Ubuntu හි ඔබට workspaces කිහිපයක් පවත්වාගෙන යාමය හැකියි. මෙය Desktop කිහිපයක් තබා ගැනීමට සමානයි.එක් Desktop එකක අවශ්‍ය සියළුම windows තබාගෙන වැඩ කිරීම වෙනුවට ඒවා workspaces කිහිපයක් තබාගෙන පහසුවෙන් වැඩ කල හැකියි. gnome desktop එකේ දකුණුපස පහල(හො ඉහල) ඔබේ දැනට ඇති workspaces සංඛ්‍යාව පෙන්වන අතර right click කර preferences යාමෙන් workspaces ප්‍රමාණය වෙනස් කල හැකියි. මෙම desktop cube මගින් ඔබට එම workspaces cube එකක හතර පැත්ත ලෙස පෙන්වනවා.cube rotation නම් අයිතමයත් ක්‍රියාතමක කල විට මේ cube එක කරකැවිය හැකියි.(උඩ සහ යට හැර අනෙක් හතර පැත්ත).මේ සඳහා අවම workspaces 4ක් වත් අවශ්‍යයි. මේය සාමාන්‍යයෙන් Ctrl+Alt+LMB කර drag කිරීමෙයන් ලබාගත හැකියි. ඔබ drag කරන දිශාව අනුව cube එක බ්‍රමණය වේවි. මෙහි අලංකාරත්වය වන්නේ එක් workspace එකක වීඩියෝ එකක play වන අවස්ථාවක වුවද cube එක බ්‍රමණය වන අතර තුරදීද එම වීඩියෝ දර්ශනය play වීමයි. තවද cube reflection නම් අයිතමය ක්‍රියාත්මක කල විට cube එක mirror එකක් උඩ බ්‍රමණය වන ලෙස පෙනේවි.

2.Ring Switcher
මෙය තවත් ඉතා අලංකාර plugin එකක්.මෙයින් ඔබේ විවෘත කර ඇති කවුළු(එම workspace එක තුල) මුදුවක හැඩයට මාරු කිරීමේ හැකියාව ලබා දෙනවා. මෙය ක්‍රියාත්මක කර Windows key+Tab press කල විට දැනට විවෘත කර ඇති කවුළු මුදුවක හැඩයට පෙන්වන අතර (Windows key එක ඔබාගෙන සිටිය යුතුයි) Tab එක එබීමේදී එම කවුළු දක්ෂිණාවර්තව බ්‍රමණය වනවා. නැවත Windows key එක අතහරින විට පහලම තිබුනු කවුළුව ඉදිරියට ගෙන දක්වනවා. Shift Switcher
ද මේ ආසන්නම හැසිරීමක් දක්වන අතර එහිදී කවුළු තිරස් තලයක බ්‍රමණය කර පෙන්වනවා.

3.Aimations සහ Mininize Effects
ඔබ කවුළුවක් විවෘත කරන විට හෝ වසාදමන විට හෝ minimize කරන විට මොකද වෙන්නෙ. ඒක නිකම්ම වැහිල යනවද? ඒකට අලංකාර effect එකක් එක් කර ගැනීමට කැමතිද? මේම plugins දෙක මගින් එම කාර්ය කර ගත හැකියි.මුලින් Animations නම් plugin එක මුලින් activate කරන්න. ඊළඟට Minimize Effect active කර එය තුලට යන්න. එවිට Close Animation ,Open Animation, Minimize Animation ලෙස tabs දැකගත හැකියි. ඔබට කවුළුවක් වසන විට effect එකක් යෙදීමට උවමනා යයි සිතමු. Close Animation ටැබයට යන්න.එහි Animation Selection යටතේ විවිධ කවුළු වලට(Normal,Menu,tooltip ලෙස) යොදා ඇති effect පෙන්වනවා. සාමාන්‍ය කවුළු වලට effect එකක් දැමීමට නම්. එම පේල්ය තෝරා එතනම ඇති button වලින් edit තෝරා ලැබෙන කවුළුවේ ඇති close effect නම් drop down list එකෙන් ඔබට අවශ්‍ය effect එක තෝරන්න. උදාහරණයක් ලෙස ඔබ burn effect එක තේරුවා යයි සිතමු. ඔබ සාමාන්‍ය කවුළුවක් close කල විට එය ගින්නෙන් දැවී යන ආකාරයක් පෙන්වාවි. මේ අකාරයෙන් අනෙකුත් ඒවා සඳහාද වවිධ effect යෙදිය හැකියි.(ලාම්පුවෙන් මතුවන ලෙස. දියවී යන ලෙස)

3.Water effect
මෙය ඇක්ටිව් කර Shift+F9 එබීමෙන් තිරය මතට වර්ශාවක් පතිත වන ආකාරයේ effect එකක් දැකිය හැකියි.

4.Paint Fire On the Screen
මෙය ඇක්ටිව් කර key stroke එකක් යෙදීමෙන් පසු එම keys ඔබාගෙන මවුස් drag කිරීම මගින් තිරය මත ගින්නෙන් පින්තාරු කල හැකියි.

5.Window Preview
එකම වෙලාවේ විවෘත කර ඇති window වල කුඩා thumbernil view එකක් taskbar එකේ එම කවුළුව උඩට මවුසට ගෙන යාමෙන් ලබා ගත හැකියි.
මෙවැනි plugins විශාල ප්‍රමාණයක් Compiz Fusion හි අඩංගු අතර ඒ සියල්ලම විසිතර කිරීම ප්‍රායෝගික නැත(දැන් මට පට්ට මහන්සිය. ටයිප් කර ඇඟිලි ද රිදේ). Compiz Fusion ස්ථාපිත කරගෙන ප්‍රායෝගිකව භාවිතා කිරීමෙන් මෙහි ඇති තවත් විශාල effect සංඛ්‍යාවක් භාවිතා කරන අන්දම ඉගනගත හැක.

ඊළඟ කොටසින් emerald ගැන බලාපොරොත්තු වන්න.

5 comments:

  1. එමරල්ඩ් තීම්ස් දැම්මාම මාර ලස්සනයි. කියුබ් වැඩ නම් එච්චර වැඩක් නෑ මට. මමත් දැම්මනේ jounty. WIFI එකත් වැඩ අන්න ඒක නම් ලොකු දෙයක්.
    customize කලා කියලත් දැක්කානේ?
    icon pack එකකුත් දැම්ම නං එල.
    http://img231.imageshack.us/img231/792/noname.png

    ReplyDelete
  2. ඔබ පාවිච්චි කරන Gnome සිංහල ස්ථාපනේ කරගන්න හැටි කියල මට ඊමේල එකක් එවන්න : budhajeewa AT gmail DOT com

    ReplyDelete
  3. @පහන් අයියා
    හටින්න හිටින්න ඊළඟ එක emarald ගැන තමයි. මොකද හදිස්සි. wifi adapter එක athores ද? එහෙනම් හෙට කැම්පස් එකේදි මාව හමුවෙන්න.:D හදලා දෙන්නම්

    ReplyDelete
  4. @සුපුන්
    මේල් එකකුත් දැම්මා කාටත් දැනගන්න ඕන්න මෙතනත් ලිව්වා
    System-->Administration-->Language Support යන්න
    supported languages වලින් sinhala තෝරල install කරගන්න.defalt language එක විදිහට sinhala දෙන්න.
    9.04 වල මීට ටිකක් වෙනස් මේ 8.04 වල විදිහ.
    හැබැයි සමහර දේවල් ටිකක් මඥ්ඥං වගේ වේවි. unmount volume වලට තියෙන්නෙ පරමාව අස්ථාපනය කරන්න කියල. ඒ වගේ.

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.