Tuesday, May 19, 2009

ලක් මවුනි ඉතින් ඔබ නිදහස්........



ඝාතකයා ඝාතනය වී ඇත. මුළු මහත් ශ්‍රී ලංකාවක් බලාපොරොත්තුවෙන් සිටි ඒ ආරංචිය අද මධ්‍යාහ්නයේදී අපට අහන්නට ලැබුනා. වසර 30කට ආසන්න කාලයක් මිනිසුන්ගේ ලේ රස බැලූ ඒ මලේච්ඡයාගේ සිරුර හමුදාව විසින් සොයා ගත්තා. ඇත්තෙන්ම ප්‍රභාකරන් මිය ගිය බව ඊයේ ආරංචි උනත් සමහරුන්ට ඒක විස්වාස කරන්න බැරි උනා. ඔය කිව්වට මිනිය පෙන්නුවෙ නෑනෙ උන් කිව්වෙ එහෙමයි. සමහර සිංහල මිනිස්සුන්ටත් රටේ ජයග්‍රහනයක් විඳගන්න බැරි වීම හරි පුදුමයි. ඇත්තෙන්ම උන් ඉපදිලා තියෙන්නෙ මේ ලංකාවෙද කියලත් හිතෙනවා.

අද පාරට බැහැපු තැන ඉඳල හැම තැනම දැක්කෙ ජාතික කොඩි. හැම ගෙදරකම කාර්යාලයකම වගේ ජාතික කොඩියක් ඔසවලා තිබුනා. හැම වාහනේකම වගේත් ජාතික කොඩිය. ඒ ජාතික කොඩියෙ වෙනසක් තියනව කියල මට හිතුන. ජාතික කොඩියෙ ඉන්න සිංහයා වෙනදට වඩා ගාම්භීර විදිහට අභිමානවත් විදිහට ඉන්නව කියල හිතුන. ජාතියක් රටක් වශයෙන් අපි ලැබූ ජයග්‍රහනයෙන් හිතේ තිබුනු අභිමානයේ ප්‍රතිබිම්බය වෙන්න ඇති මම ඒ දකින්න ඇත්තෙ.

මතකද අපේ ජනාධිපතිතුමා පත්වෙච්ච කාලය? ලංකාවෙන් 1/4ක් පමණ කොටි ග්‍රහනයෙයි තිබුනෙ. සාම කතා කියල කරපු විකාරයකින් ඒ භූමිය ඔවුන්ට නීත්‍යානුකූලව දිලයි තුබුනෙ. අපේ හමුදාව කඳවුරු වලට සීමා කලා. හැබැයි කොටි පෝෂණය උනා. ආයුධ එකතු කරගත්තා පිරිස් බලය මුදල් එකතු කරගත්තා. කර්නල් මුතාලිෆ් කර්නල් මිඩීන් වගේ හමුදාවෙ දක්ෂම නිළධාරීන් මරල දැම්ම මතකද? යුධ හමුදාවෙ බුද්ධි අංශ නිළධාරීන් 150ක් විතර ඝාතනය උනා. තව අවුරුදු 2ක් ඔය විරාමය තිබුනා නම් මොකද වෙන්නෙ. එහෙනම් සිංහල රටක් අද නෑ මතක තියා ගන්න. මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙච්ච වෙලාවෙ දියසෙන් කුමාරය පහල උනා කියල සමහරු කිව්ව රට මේ උවදුරෙන් ගලව ගන්න. ඔහු කිව්ව ඒ කාර්යය කරන බව. මිනිස්සු ඒකටයි ඔහුව ජනාධිපති කලේ. ඇත්තෙම්ම ඔහු ඒ දේ කලා. නායකයින් ගණනාවකට කරන්න බැරි වෙච්ච දේ ඔහු කලා. කොහොමද ඒ.

නියම තැනට නියම පුද්ගලයා පත්කලා.යුධ හමුදාපති නාවික හමුදාපති ගුවන් හමුදාපති ඒ තනතුරු වලට සුදුසුම පුද්ගලයින්. ඒ සුසංයෝගය මේ ජයග්‍රහනයට එක් හේතුවත්. වෙනදා මේ හමුදාවන් ක්‍රියාත්මක උනේ හමුදාවන් තුනක් වගේ. ඒත් මේ පාර ඔවුන් එකට එකා වගේ ක්‍රියාත්මක උනා. පාබල සේනාංක වලට ඉදිරියට යන්න අසීරු ස්ථාන වලට ගුවන් ප්‍රහාර ඒල්ල කරල සහය දුන්නා. මුල්ලයාලි වෙල් යායෙදි කොටින්ට කොටු වෙන්න ගිය හමුදා කණ්ඩාමක් බේර ගන්න M.I.24 හෙලිකොප්ටර් නියමුවෙක් කරපු වික්‍රමය අපිට මතකයි. යානයට ගුවන් යානා නාශක අවි කිහිපයකින්ම ප්‍රහාර එල්ල උනත් අමාරුවේ වැටී හිටිපු සහෝදර සෙබළු දාල යන්න නියමුවා කැමති උනේ නෑ. යානයට උන්ඩ 21 වැදිල නියමු කුටියෙන් දුම් දානකම් ඔහු කොටි බංකර් වලට ප්‍රහාර එල්ල කරමින් පාබල සෙබළුන්ට බේරෙන්න අවස්ථාව හදල දුන්න. පාරක් මුලත්ව් කැලේ දිගු දුර ප්‍රහාරයකට ගිහිල්ල තුවාල ලබපු කමාන්ඩෝ සෙබළු කණ්ඩායමක් ආපහු ගන්න කොටි ප්‍රදේශයට ගිහිපු ගුවන් නියමුවො දෙන්න අපිට මතකයි. ඒ සහයෝගය තමයි අපේ ජයග්‍රහනයට හේතු උනේ. කොටින්ට ආයුධ සපයපු නැව් 10ක් මූදු බත් උනේ නිකම්ම නෙවෙයි. ඒ අපේ නාවික හමුදාවෙ විශිෂ්ඨත්වය.

මුලු රටේම මිනිස්සු බඩ ගැන නොසිතා රට ගැන හිතල දීපු සහයෝගයත් මේ ජයග්‍රනයට තව හේතුවක්. ආහාර වෙනත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය කොච්චර ගණන් ගියත් මිනිස්සු යුද්ධයට සහය දුන්න. තවමත් අපේ සමහර නායකයො තේරුම් නොගන්න සත්‍ය ඒකයි.

මේ දේවල් සාර්ථකව සිද්ධ වෙද්දි අපේම සමහර සිංහල මිනිස්සු පෞද්ගලික වාසි වලට එක එක ප්‍රකාශ කලා. හමුදාව කිලිනොච්චි කියල මැදවච්චි යන්නේ අලිමංකඩ කියල පාමංකඩ යන්නේ. මන්ත්‍රී කෙනෙක් කියන එක්තරා හරකෙක් එහෙම කිව්ව. හමුදා සෙබළු ලේ දහඩිය අතපය ජීවිත කැපකරල ලබාගන්න ජයග්‍රහනයට ඒ නරුමය අපහාස කලේ එහෙමයි. ඕක කියපු එකා අහුවුනොත් මම ඕකගේ කටට වෙඩි තියනව එක් සෙබලෙක් කියල තිබුන. ඒ මිනිස්සුන්ට කොච්චර වේදනාවක් දැනෙන්න ඇත්ද? ඇයි ඔවුන් හමුදාවට ගිහිල්ල රුපියල් 25000 විතර පඩියකට ජීවිතේ පූජා කරන්නෙ. ඔය වගේ කතා කියපු එවුන්ට ඒවට දඬුවම් මේ ආත්මෙදිම ලැබේවි.

අන්තිමට කොටි පරාද වීගෙන යද්දි අමාරුව හැදිච්ච තව කොටසක් හිටිය. අර අන්තර්ජාතික ප්‍රජාව කියල කියන්නෙ.මෙච්චර කල් කොටි බෝම්බ වලින් සිය ගනන් මිනිස්සු මැරෙද්දි දෙමළ ලමයි කොටි හමුදාවට පැහැරගෙන යද්දි ඇහැක් ඇරල නොබලපු අය හඬා වැලපෙන්න ගත්ත. අන්තිම මොහොත වෙනකනුත් මහ කොටියව බේර ගන්න කියල එංගලන්තෙන් ඇමරිකාවෙන් ආපු පාහර සුද්දො කොච්චර උත්සාහ කලාද? මේ යක්කු අනුන්ගෙ ඇහේ තියන පොල් කෙන්ද හොයන්න එන්නෙ තමන්ගෙ ඇහේ තියන පොල් පරාලෙ දකින්නෙ නැතුව. අති නවීන තාක්ෂණය ඔක්කොම තියන ඇමරිකාව පහුගිය දවසෙ ඇෆ්ගනිස්තානෙ කැරලිකරුවන්ට ගුවන් ප්‍රහාරයක් එල්ල කරපු හැටි දැක්කනේ. සාමාන්‍ය මිනිස්සු 140ක් විතර මැරුන ඒකෙන්.පස්සෙ හිලරි ක්ලින්ටන් එහෙමත් අත්වැරදීමක් කියල අතපිහිද ගත්ත. ඔය මානව හිමිකම් කාරයො උන්නද මලාද දන්නෙ නෑ ඒ දවස් වල. අපේ ගුවන් හමුදාව අවුරුදු ගානක් පරණ යානා වලින් හරියටම ඉලක්කෙටම ප්‍රහාර එල්ල කරනව. වැරදිලාවත් අර වගේ සිවිල් වැසියො මැරුන නම් මෙහේ ඔක්කොම ටික යුධ අධිකරණෙට ගෙනිහිල්ල. සමහර වෙලාවට ආධාර දෙන්නෙ නෑ කියල ජනාධිපතිතුමා බය කරන්නත් හැදුව.මගේ ජනතාවට කන්න දෙන්න මම හඟාකන්නෙ නෑ. උඹලගෙ ආධාර උඹලම තියාගන්න. ඒ වගේ බලපෑම් වලට නැවෙන්නෙ නැතිව ජනාධිපති තුමා කරපු ක්‍රියාදාමය ප්‍රශන්සනීයයි. ඇමරිකාවෙන් බාධා කරත් ඔහු කොන්ද කෙලින් තියාගෙන වැඩ කලා. ඒ පෞරුෂය හමුදාවට වගේම රටටත් ලොකු ධෛර්යයක් උනා. කොටි සාමාන්‍ය මිනිස්සු යුධ මුක්ත කලාපෙ හිර කරගෙන හිටපු වෙලාවෙ ඇමරිකාවෙ යුධ විශේෂඥයො දෙන්නෙක් ඇවිත් බලල කිව්වලු මේ තත්වය උඩ මෙහෙයුමකින් මිනිස්සු බේරගන්න බෑ කියල. ඒත් අපේ යුධ හමුදාපතිතුමාගෙ බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා වගේ අයගේ සැලැස්මෙන් ඔක්කොම මිනිස්සු බේරගත්ත. ඒ කියන්නෙ අපේ වීරයො ලෝකෙ ඉන්න විශිෂ්ඨම හමුදා වීරයෝ කියන ඒක නේද? සරත් ෆොන්සේකා මැතිතුමා මගේ පාසල වෙන අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයෙ ආදිශිෂ්‍යයෙක් කියල මේ වෙලාවෙ මතක් කරන්නෙ බොහොම ආඩම්බරයෙන්.

දැන් අන්තිමට මස්වැද්ද උගේ සගයො ටිකත් එක්කම වල පල්ලට ගියානෙ. රටින් පැන්නයි කියපු චාල්ස් ඇන්තනිත් වෙඩි කෑව. අපේ නාවික හමුදාව එක කොටියෙකුටවත් රටින් පනින්න නොදීපු බව මේකෙන් තේරෙනව. තාමත් පිටරට ඉන්න දෙමල හැත්ත නහින්න හදනට මෙහේ දෙමල මිනිස්සු මරනව කියල. උන් දැන් බය වෙලා ඉන්නෙ ලංකාවෙ යුද්දෙ ඉවර නිසා දේශපාලන රැකවරණ යටතේ ඉන්න උන්ට ආපහු ලංකාවට එන්න වෙයි කියල. උන් දන්නෙ නෑ උන්ගෙ නෑදෑයො බේරගන්න ගිහිල්ල තමයි අපේ හමුදාවෙ සෙබළු මැරුනේ කියල. මිනිස්සුත් මරන්න ඕන නම් යුධ මුක්ත කලාපෙ වට කරලා මල්ටිබැරල් අවි 14 තියල පැය භාගයක් ගැහුව නම් ප්‍රභාකරනුයි ඔක්කොම ඉවරයි. එහෙනම් අපේ කොල්ලො මැරෙන්නෙත් නෑ. හමුදාවට බර අවි ඔක්කොගෙන්ම ගහල අඩිය අඟලට තලන්න පුළුවන්කම තියෙද්දිත් එහෙම නොකලෙ සාමාන්‍ය මිනිස්සු බේර ගන්න ඕන නිසා.

කොහොම හරි ලක් මව දැන් සම්පූර්ණයෙන්ම නිදහස්. මෙච්චර කාලයක් අපේ රටේ සංවර්ධනයට තිබිච්ච ලොකුම බාධාව ඉවරයි. දැන් ඉතින් අපි ඔක්කොම එකතු වෙලා අපේ කාලයේදීම තව යුද්ධයක් කරමු. ඒ යුද්දෙ තමයි රට සංවර්ධනය කිරීම. මේ රට දියුණු රටක් කරන්න අපිට පුළුවන් ඒ වෙනුවෙන් හැමෝම එකතු වෙලා වැඩ කරමු. මවුබිමට මේ ජයග්‍රනය ලබාදෙන්න තමන්ගේ ජීවිතය පූජා කල අතපය අහිමි කරගත් දාඩිය හෙලූ ඒ උතුම් මිනිසුන්ට මේ සටහන උපහාරයක්ම වේවා...........

මල් යහනාවක් මත සුව මරණය
හෙළ විරුවන් හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පිබිදේවා
විරුවන් මළ රණ බිම මත්තේ....


1 comment:

  1. අපිටත් ඉන්නව දැන් කොන්ද පන කියෙන නායකයේක් කාටවත් දෙවැනි නැති හමුදාවක් රට ගැන හිතන මිනිස්සු පිරිසක් අද මම පුදුම විදියට ආඩම්බර වෙනවා මම ලංකාවේ ඉපදුන එක ගැන. අවුරුදු තිස් ගානක් තිස්සේ රට කාපු ත්‍රස්ත්‍රවාදය අවුරුදු තුනෙන් ඉවර කලා නම් ඉතිරි පියවර කජ්ජක් නෙම්. අපිට එතතු වෙලා වැඩ කරමු දැන් තමයි ඒකට හොදම කාලේ රවින්ද මම ලැස්තියි සටනට... දැන් මේක අපේ රට

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.