Sunday, April 26, 2009

සුභ මංගලම්


මම මේක ලියනවද නොලියනවද කියල කීප පාරක් කල්පනා කරලයි මේ ලියන්නෙ. මේක ලියල මට විසුමක් වෙන එකක් නැද්ද දන්නෙ නෑ. ඔන්න ඕන බම්බුවක් වෙච්චාවෙ කියල ලිව්ව.

අපේ බැච් එකේ 7වෙනි කපල් එක ගිය සතියෙ ගොඩ ගියා. ගොඩ ගියා කියල කැම්පස් භාෂාවෙන් කියන්නෙ කෙල්ලෙක් සහ කොල්ලෙක් යාළු වීම නැත්නම් පෙම්වතුන් වීම. මේ අළුත්ම කපල් එක තමයි සාරංග(කල්ලා) සහ නිලූෂි(මැගී). කැම්පස් එකේ ගොඩ ගියාම විශේෂ චාරිත්‍ර එහෙම තියනව ඉෂ්‍ඨ කරන්න. කොල්ලට කෙල්ල ගාව දණගහල ප්‍රේමය ඉල්ලා සිටින්න එහෙම වෙනව. තව දිව්රුම් දෙන්න එහෙමත් වෙනව. නියම කරපු දේවල්ම කියල නෑ එවෙලෙ කට්ටියගෙ ඔළුවට එන දේවල් අරුන් දෙන්නට කියල කරවනව. වද දෙනව හිංසා කරනව එහෙම නෙමෙයි අපේම එවුන් ආතල් එකටයි කරන්නෙ. මේ කියන ඒව අළුත් කපල් එක කරන්න ඕන.
ඔය පිටිපස්සෙන් තියෙන්නෙ පාමසෝලයා A.K කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගහ.

ඔය ප්‍රශ්න ඇහිලි අනම් මනම් වලින් පස්සෙ තමයි බකට් එක තියෙන්නෙ සාමාන්‍යයෙන් බකට් කරන්නෙ කොල්ල විතරයි. තව බකට් වෙන්න කොල්ල නිකම්ම ඇවිදගෙන යන්නෙ නෑ. පෙලක් අය නට නට යනව. සමහරෙක් අය කරපිටින් යනව. එහෙම අරගෙන යන්නෙ M.C එක ගාව තියන ටැප් එක ලඟට. M.C එක කිව්වෙ Majestic City එහෙම නෙමෙයි අපි M.C කියන්නෙ Medical Centre එකට. දැන් ඉතිං මනමාලයව ටැප් එක ගාව වාඩි කරල ස්නානය කරවනව. හික්ස්. නිකම්ම වතුරෙන්ම විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට විශේෂ ද්‍රව්‍ය කවලම් කරල හදා ගත්තු මිශ්‍රනයකුත් පාවිච්චි කරනව. මේ වෙලාවට ඉතිං මනමාලයට විරෝධය දැක්වීම තහනම්. බකට් එකෙන් පස්සෙ ඉතිං මනමාලය කොච්චර ලස්සනද සුවඳද කියල කියන්න ඕන නෑනෙ. මිනිහව බස්එකේ යන්න පුළුවන් මට්ටමට ගන්න අඩුම තරමේ පැය 1/2ක් වත් නාවන්න වෙනව. අපේ සූටියා බකට් වෙච්ච වෙලාවෙ මමයි තව දෙන්නෙකුයි තමයි ඌව පිරිසිඳු කලේ ඒක නිසා මම දන්නව තියන අමාරුව. ඔන්න ඉතිං අළුත් කපල් එක කැම්පස් එකේ නිල වශයෙන් පිළිගන්නව දැන්. මේක මෙහෙම කියනවට වඩා ආතල් සීන් එකක්. එහෙමම කියන්න අමාරුයි තේරුම් ගන්න පිංතූර කීපයක් දාන්නම්.
ඔන්න දැන් කල්ලා මාව කන්න ලෑස්ති උනොත් එහෙම ඕගොල්ලො මාව බේරගන්න ඕන. හොඳද?



10 comments:

  1. මොන කෙහෙම්මලක්ද ? මේක මහ විකාරයක් නෙ ?

    කම්පුස් යන්න හිතං ඉන්න අයට කියන්නෙ, යන්න කළිං කෑල්ලක් දාගෙන යන්න.. එතකොට වැඩේ හරි :-P

    ReplyDelete
  2. ‍හෆොයි!
    සුපුන් මල්ලි කිව්ව දේම තමා කියන්න වෙන්නේ

    ReplyDelete
  3. බැරිද මේක හොරෙන් කරන්න?
    මම් කිව්වේ ලව් කරන එක

    ReplyDelete
  4. ෙමක කැම්පස් කථාවක්ද? නැත්නම් ෙපර පාසල් කථාවක්ද ? ෙපාඩ්ඩක් හරියටම කියනවද?ෙමාකද ෙපාඩි සැකයක් තිෙයනවා කැම්පස් වල ඉන්ෙන් කව්ද කියලා,ෙමාකද ෙමච්චර දවසක් අෙප් අම්මා මට බැන බැන හිටිෙය් ෙහාදට ඉෙගන ෙගන කැම්පස් ගිෙය් නැහැ කියලා දැන්නම් හිෙතනවා ෙහාදට ඉෙගන ගත්ත අයමද කැම්පස් යන්ෙන් කියලා

    ReplyDelete
  5. @ම
    ඒක නම් අමාරුයි.කවද හරි මාට්ටු වෙනවා.

    @සුපුන් @මලී @සසික
    මට තේරෙනව ඕගොල්ලො හිතන හැටි. කැම්පස් ගිහිපු මිනිස්සු මොනවද මේ කරන පිස්සු විකාර වැඩ කියල නේද?
    මට කියන්න අපි මෙතන වැරදි දෙයක් කරල තියනවද? ශාරීරික හිංසා වගේ. මෙතන තියෙන්නෙ අහිංසක විනෝදයක් විතරයි. කිසිම කෙනෙක්ට කරදරයක් නෑ. බලන්නෙකො අපේ කළු මල්ලි(කල්ලා) පින්තූර වල හිනා වෙවී ඉන්නේ. මේ වගේ විනෝදයක් වත් නැති උනොත් කැම්පස් ඇවිල්ලා අවුරුද්දක් දෙකක් යනකොට කට්ටියම මානසික රෝගීන් වේවි.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. මේක තමයි අපෙ කැම්පස් සම්ප්‍රදාය ගොඩ ගිය හැමෝටම මේක විදින්න වෙනවා අපේ කෙල්ලො කොල්ලොනගෙ කැම්පස් වෙඩින් 1 මාරම ආතල් බලන්න අපෙ කල්ලයි මැගියි හිනා වෙන ලස්සන උන්ට මෙක වදයක් නෙමේ කැම්පස් 1කෙ නිදහසෙ ලව් කරන්න නීතයානුකූලව ලැබෙන අවසරය.. මොකද කැම්පස් 1ක් කියන්නෙ ආතල් පිරිච්ච ලොකයක් ඉතින් මේකත් 1කෙ පොඩි කොටසක්.. එක තියන ආතල් දැනෙන්න ඔය කියවන අය දවසකට හරි කැම්පස් ඇවිත් බලන්න.. එතොකොට තේරෙයි...

    ReplyDelete
  8. මට නම් මේක පට්ට ආතල් වැඩක් බ‍ව පෙනීයනවා.... හික් හික්

    ReplyDelete
  9. අඩේ! මුන් දෙන්නා දහයට ගණං කරන්න බෑ වගේ හිටියෙ... බලහල්ලකො!!

    ‍‍මේ ගැන වැරදි වැටහීමක් ඇති වෙන්න කලින් පොඩි කාරණා කීපයක් කියන්නම්. මේක රැගක්වත් තගක්වත් නෙමෙයි. බැච් එකේ කස්ටිය කාටවත් හානියක් නොකර නිදහසේ ගන්න පොඩි ආතල් එකක්. වෙන බැච් වල අය මැදිහත් වෙන්නෙත් නෑ. විහිළුවක් විහිළුවක් ආකාරයෙන් බාරගන්න අපේ අන්‍යොන්‍ය අවබෝධය ශක්තිමත්.

    මේ වගේ ආතල් වැඩ දේවල් තරුණ කාලෙ බොහෝ දෙනා අත්විඳින දේවල්. ඒකට කැම්පස්-කැම්පස් නෙවෙයි කියල බෙදීමක් නෑ. කැම්පස් එකක් වුණාම ඒකට උරුම උපසංස්කෘතියක් තිබීම නිසා ඔය වැඩ පොඩ්ඩක් විතර බාහිර සමාජයෙන් වෙනස්.

    @Supun Budhajeewa, malee_msg,
    ඒකනෙ මං කලින්ම ගොඩ ගියේ...

    @සසික නානායක්කාර,
    මොකද ජෙලස් ජෙලස් වගේද?

    ReplyDelete
  10. @සුපුන් බුදා

    ඕක දැන් ඔහොම කීවට ඔය ආතල් එක ගත්ත දවසට කියන්නෙ නෑ ෂුවර් එකට...මේක කාටවටත් හානියක් නෑනේ...බලන්නකෝ මේ දෙන්නා හිනාවෙවී ඉන්න අපූරුව

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.