Saturday, April 11, 2009

වයිරසයක් කල හදියක්


මේ දවස් වල අවරුදු නිවාඩුවට ගෙදරට වෙලානෙ ඉන්නෙ. මගෙ ගෙදර පරිගනකය වින්ඩෝස් උබුන්ටු dual boot තමයි තියෙන්නෙ. මොකද මගෙ නංගියි මල්ලියිත් මේක පාවිච්චි කරන නිසා තමයි මෙකෙ OS දෙකම ස්ථාපනය කරල තිබුනෙ. මේ පාර මම ගෙදර ආවෙ මාසෙකට වඩා කාලෙකින්.මම නම් වැඩ කරන්නෙ ලිනක්ස් වලනේ. ඉතින් මම පරිගනකයෙ වැඩ කර කර ඉන්න අතරෙ සිංදුවක් අහන්න කියල හිතල සිංදු ගබඩා කරල තිබුන partition එක mount කරල විවෘත කරල බැලුව. මම සිංදු සහ පින්තූර දාල තිබුනෙ ntfs වලින් හදපු multimedia කියල වෙනම partition එකක. ම්ම්.... ගායකයන්ගෙ නම් වලින් folders නම් තියනව. ඒත් ඒවයෙ ඇතුලෙ සිංදු නැහැ.thumbs.db සහ desktop.ini කියන file දෙක විතරක් ඉතිරි වෙලා හැම folder එකකම. ඉඳල හිටල folder එකක සිංදුවක් දෙකක් ඉතිරි වෙලා තියනව. දයාන් විතාරණගෙ නම් සිංදු ඔක්කොම තියනව. අනේ දෙයියනේ මම අවුරුදු 10ක් විතර එකතු කරපු සිංදු. අමරදේවයන්ගෙ සුනිල් එදිරිසිංහයන්ගෙ කරුණාරත්න දිවුල්ගනේගෙ එහෙම ඉතා පැරණි ගීතත් මම එකතු කරල තිබ්බා. ඔක්කොම ටික මැකිල. ඊළඟට මම මගෙ පින්තූර එකතුව බැලුව. ඒකටත් ආනිසංසෙමයි. folders විතරයි. හින්දි සිංදු වල DAT file විතරක් තියනව. දරුණු වයිරසයක් වෙන්න ඇති. මම නැති ටිකේ මලයා game එහෙම යාළුවොන්ගෙන් ඉල්ලන් ඇවිත් දාන්න ඇතිනේ.

මේ වයිරස් කරදරේ හැමදාම කරන්න බෑ. ගත්තා GParted මෘදුකාංගය. තේරුව /dev/sda1(වින්ඩෝස් තිබුන partition එක)right click කලා format to ext3 දුන්න. වයිරස් කරදරේ ඉවරයි.

21 comments:

  1. Pissu Harakek!! Format karaama virus yanawa kiyala hithan innawa kiyanne Linix modayo!

    ReplyDelete
  2. එ‍තකොට සිංදු ටික?

    ReplyDelete
  3. නුවණක්කාර Anonymous මහතා වෙත

    මුලින්ම ඔබේ චෝදනාව Anonymous ආකාරයෙන් දමා යාමට තරම් ඔබේ කොන්ද පණ නැති වීම පිළිබඳ මගේ සාතිශ්‍ය සංවේගය.

    දෙවනුව මා කල දෙය(මා format කලේ මගේ වින්ඩෝස් partition එකයි. දැන් එය boot කල හැක්කේ ලිනක්ස් වලින් පමණයි) හා එහි ප්‍රතිඵලය(මතුවට වයිරසයට මගේ පරිගනකයේ ක්‍රියාත්මක විය නොහැක) ඔබට නොතේරීමට තරම් ඔබ හරකෙක් වීම පිළිබඳ මම කණගාටු වෙමි.

    ReplyDelete
  4. @malee

    සිංදු ටික කොහොමටත් මැකිල ඉවරනෙ අක්කෙ.ආයෙ මුල ඉඳල එකතු කරන්න ගන්නව වෙන මොනව කරන්නද? මම format කලේ ඒ සිංදු තිබ්ච්ච partition එක නෙමෙයි(ඒ partition එකේ නම Multimedia). මගේ C: drive එක. ඒ කියන්නෙ windows මෙහෙයුම් පද්ධතිය අඩංගුව තිබූ partition එක.

    ReplyDelete
  5. රිකවර් කරගන්න බැලුවෙ නැද්ද?, ගියපාර ටෙක් කතා එකේ අර කිව්ව රිකවරි එක හොඳයි වගේ

    හිකිස්. නංගිටයි මල්ලිටයි. හුලං. දැන් ඉතින් මාරුවෙන්න කියන්න ඕපන් ලෝකෙට.. හිකිස්. ගෙදරින්ම පටන් ගමු (අපේ අම්මත් වැඩ කරන්නෙ ලිනක්ස්, අම්ම ICDL කලා, මම කිව්ව එව්ව මෙහෙ බෑ.මෙහෙ වැඩ නම් ලිනක්ස් විතරයි කියල )

    ReplyDelete
  6. ඔය උඩ ඇනෝනිමස් කියල තියෙන්නේ (ඉස්සෙල්ලම ගොනා නෙමෙයි ) මම.. Name & URL දාන්න ගිහින් ඇනෝනිමස් උනා

    ReplyDelete
  7. hane manda kauda danne ithin oowwaye eththa neththa neada...?

    ReplyDelete
  8. හ්ම්ම්... ඔය Virus එක මගෙ යාළුවො ගොඩක් දෙනෙකු‍ටත් ඔය හදියම කරල තිබ්බා... කෝකටත් recover කරන්න උත්සාහයක් දාල බලන්න... අපරාදෙනෙ සිංදු ටික...

    ReplyDelete
  9. Multimedia partition එක recover කරගන්න පොඩ්ඩක් උත්සාහ කරල බලන්න. පුළුවන් වෙයි සමහර විට. අනෙක... නංගියි මල්ලියි .NET ඉගෙනගන්න නෙමෙයිනෙ ඕක පාවිච්චි කරන්නෙ, ඒ නිසා ලිනක්ස් දැන්ම ඉඳල පාවිච්චි කරන්න පුරුදු කරන්න. ගයාන් කිව්ව වගේ පටන් ගන්න ගෙදරින්.

    මමත් තව ටික දවසකින් මගේ මුළු හාඩ් ඩිස්ක් එකම ext4 කරනවා. වයිරස් මට ප්‍රශ්නයක් නෙවෙයි.. ඒත් නිදහස වටිනවා.

    ReplyDelete
  10. අපොයි, වින්දෝරේ දාලා තිබ්බා නම් හොඳ ප්‍රතිවෛරසක් දාන්න තිබ්බේ. අනේ මන්දා ඉතිං පොඩි ඇත්තෝට වින්දෝරේ ඕනම වෙලා තිබ්බා නම් පොඩ්ඩක් ව්යින් හරි Virtural BOX හරි කියලා දෙන්ඩ තිබ්බේ. කිව්වට මන් දාම මාරු වෙලා නැහැ දෙකම තියන් ඉන්නවා වගේ, අප්පච්චි කැමැතිම නැහැනේ. දවසක මාත් මටම එකක් ගත්තෝත් මාරු වෙනවා තිතටම. හාඩ් එක Recover කොරලා බලන්න. අනිත් අතට මීට පස්සේ ඔය වගේ එව්වා දාගෙන ඉන්න වැඩිපුර හාඩ් එකක. මාත් එහෙමයි ඉන්නේ. අපරාදේ අයියේ, සිරාවටම මට ඉල්ලාගන්න තිබ්බ ඒ සින්දු ටික. දැන් කොහොමත් හොයාගන්න තියෙන එව්වා ඇහුවාම....

    ReplyDelete
  11. Partition kadala iwaranam ithin recover karath godak sindu beraganna bari wei RTT data recovery thama man paawichchi karapu hodama recovery mrudukaange.
    Windows walata virus hadana un man hithana hatiyata ehema balu wada karanne na anith eka ochara loku data thogayak delete wena wela yanawa aniwa userta maatu wenawa mallige wadak wenna one hehe kawru korath dan sindu tika beraganna nam recovery thamaa

    ReplyDelete
  12. @ගයාන්
    ඔව් ඔව් උන් දෙන්නටත් FOSS වලට මාරු වෙන්න කියනවා. වෙන විකල්පයක් නැති උනාම ඉගන ගනීවි.

    @චතුර අයියා @ශාකුන්තල අයියා @බින්කු @madura
    ඔව් ඔව් recover කරන්න උත්සාහයක් ගන්න ඕන. එක පාරක් මම turn up utility වලින් සිංදු වගයක් recover කරා. දැන් සිංදුව අහනව කියමුකෝ. පටන් ගන්නෙ වික්ටර් රත්නායක තනිවෙන්නට මගේ ලොවේ කියන සිංදුවෙන්. ඉවර කරන්නෙ දයාන් විතාරණ සිත්තම් කරමින් කියන සිංදුවෙන්. හික්ස් කෑලි මාරුවෙලා බට් වෙලා. අමුතුම සිංදු ටිකක් හැදිල තිබ්බ.කෝකටත් හොයාගන්න ඕන ලිනක්ස් උඩ ඉඳගෙන ntfs recover කරන්න පුළුවන් එකක්.

    ReplyDelete
  13. මම තනිකරම linux වෙනවා Photoshop linux version එකක් ආපු දවසට.
    ඒ නිසා දැනට කණගාටුවෙන් උනත් Windows මත යැපෙන්න සිදු වෙලා තියෙනවා :)

    ReplyDelete
  14. @Indranama,
    Windows ain't a simple plan... :P
    Try GIMPShop

    ReplyDelete
  15. @ශාකුන්තල
    "Photoshop වෙනුවට GIMP" කියන්නේ හරියන alternative එකක් නෙමෙයි. මොකද Photoshop වලින් කරන්න පුලුවන් වැඩ වලින් 1/4 ක් වත් GIMP වලින් කරන්න බෑ නේ.
    අනික industry standard එක තියෙන්නේ Photoshop වලට නේ.

    (මම මේ මයික්‍රොසොෆ්ට් එකට කඩේ යනවා නෙමෙයි ආහ්?)

    ReplyDelete
  16. @ප්‍රවීන් ඉන්ද්‍රනාම,
    මම කිව්වෙ GIMP ගැන නෙවෙයි GIMPShop ගැන. ටිකක් ට්‍රයි කරල බලන්න. ඒක download දෙන්නෙ rapidshare මගින් නිසා මට බාගන්න ක්‍රමයක් නැහැ.

    ReplyDelete
  17. @ශාකුන්තල
    අප්පේ ඒකත් එහෙමද? කවුද දන්නෙ GIMPshop කියල තව එකක් තියෙන බව ! සොරි වෙන්න ඕනෙ හො‍ඳේ. මං බලඤ්ඤංකො දාලා.

    ReplyDelete
  18. photoshop wine වලින් වැඩ නැද්ද?

    ReplyDelete
  19. @පහන්,
    අපෝ ප්‍රායෝගික නෑ බං. පොටෝෂොප් තියා මං අර ඕමි ගේම ගැහුවා වයින් වලින්. ඒකත් චා.

    ReplyDelete
  20. මටත් ඉතින් ඔය ටිකම වුනා.. අයියෝ මතක් වෙනකොට කියල වැඩක් නෑ... වින්ඩෝස් කියන්නෙ හරිම විකාරයක් තමයි... දැන් නම් ඉතින් වින්ඩෝස් වලට ආයුබෝවන් කියන්න කාලය හරි වගේ....

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.