Sunday, April 5, 2009

Ubuntu අයිසිං කිරීම (1 කොටස)

අපේ ඉන්ද්‍රනාම සහෝදරයා ඇතුළු කීප දෙනෙකුගේ ඉල්ලීම උඩ Ubuntu අලංකරණය කර ගැනීම පිළිබඳව ලියන්න හිතුවා.ගොඩක් අය කියන දෙයක් තමයි Ubuntu environment එක ලස්සන නෑ. ඒ නිසා පාවිච්චි කරන්න හිතෙන්නෙ නෑ කියන එක. බාහිර ලස්සන උඩ මොනම දේක වත් වටිනාකම තක්සේරු කිරීම හොඳ දෙයක් නම් නෙමෙයි. ඒත් නිතර දකින තැන ලස්සනට තියෙන්නත් එපැයි.Ubuntu defalt එන විදිහට එච්චර ලස්සන නැති වුනාට ඒකට effect එකතු කරලා ගත්තාම වින්ඩෝස් විස්ටාට තියා 7 වලට වත් අහලකට එන්න බෑ.මේක මම කොටස් කිහිපයකටයි ලියන්නේ.මේ ඒ පළවෙනි කොටස.

Ubuntu වලට අමතර මෘදුකාංග ස්ථාපනය නොකර ක්‍රියාත්මක කරගන්න පුළුවන් effect කීපයක් තියනවා. මේවා ක්‍රියාත්මක කරන්න නම් ටිකක් වැඩි වීඩියෝ මතකයක් අවශ්‍ය වෙනව.(වින්ඩෝස් වලදි වගේ 2GB RAM 512MB VGA නෙමෙයි.512MB RAM,64MB VGA තිබුනාම ඇති.) Gnome desktop එකේ right click කරල change desktop background තෝරන්න.නැත්නම් System-->Preferences-->Appearence තොරන්න. දැන් Appearance Preferences කවුළුව ලැබේවි. මේකෙ visual effect tab එකට යන්න. එතනින් Extra කියන පහලම තියන option එක තෝරන්න.

දැන් ඔබ කවුළුවක් Title bar එකෙන් click කරගෙන සොලවන කොට දොදොලයක් වගේ සෙලවීමත් කවුළුවක් minimize හා maximize කරන කොට ඒ අමතු ආකාරය සෙලවීමත් දකින්න පුළුවන් වේවි. තව රෙද්ද උස්සා බැලීමත් දැන් ඔබට කරන්න පුළුවන්. ඒක කරන්නෙ මෙහෙමයි. mouse pointer එක දකුණු හෝ වම් පස පහල(main menu එක ඉහල ඇත්නම් ඉහල කෙලවරට) කෙලවරට ගෙන යන කොට ඒකෙ හැඩය වෙනස් වෙන තැනක් එනව.එතකොට drag කරගෙන mouse එක උඩට(හෝ පහලට) ගෙනියන්න. රෙද්දක් කොනකින අල්ලල ඉස්සුවහම වගේ යට තියන දේ කොනකින් දකින්න පුළුවන් වේවි. කව්ළුවේ ඉහල හෝ පහල මැදින අල්ලා drag කිරීමෙනුක් වෙනස් විදියකට මේක කරන්න පුළුවන්. ලස්සනයි නේද?

හරි සමහරුන්ට Ubuntu වල defalt එන icon එහෙම ලස්සන මදිනේ.මේ සයිට් එකකට ගිහින් icon theme කැමති එකක් බා ගන්න.
http://www.gnome-look.org/ , TechieSouls
ඔබට ලැබෙන්නෙ .tar.gz file එකක් ඒ කියන්නෙ හකුළුවන ලද ගොනුවක්. කලින් විදිහටම Appearance Preferences කවුළුවට ගිහින් ඒකෙ theme tab එකට යන්න.දැන් එතනින් install ගිහිල්ල අර බාගත්තු file එක තෝරන්න නැත්තම් ඒ file එක theme කවුළුව ඇතුලට drag කරල දැම්මත් හරි. අළුත් theme එක ඇතුලත් කරගන්නද කියල අහවි.

Apply new theme click කරන්න. දැන් එය ඔබේ icon,folder වල පෙනුම යන සියල්ල theme එකට අනුව වෙනස් කරාවි.මේ වෙනස් කිරීම save කර ගන්න ඕන නම් ඒ කවුළුවෙම save as තෝරල තමන් කැමති නමකින් save කරගන්න පුළුවනි.

Ubuntu වලට compiz ස්ථාපිත කරගන්නා හැටි සහ එහි effects ගැන ඊළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න.

5 comments:

  1. අනේ පුතේ ,මමනම් තවත් උබුන්ටු වල වැඩ දාන්න යන්නැ...මතකනේ magnifier දාන්න ගිහින් වෙච්ච දේ......හි..හි..

    ReplyDelete
  2. ela machhhhhhhhhhan good work

    ReplyDelete
  3. බොහොම ස්තූතියි.
    දිගටම ලියන්න.

    ReplyDelete
  4. මරු මේ වැඩේ නම් ගින්දරම තමා

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.