Thursday, April 23, 2009

උණු උණුවේ අරගන්න අළුත්ම එක


ඕන්න ආවා අළුත්ම එක මේ දැන් ආවා. උණු උණුවේ අරගන්න අළුත්ම එක

ලෝකය පුරා ඉන්න Ubuntu පාවිච්චි කරන නිදහස් පරිගනක පරිශීලකයන් බොහොම දෙනෙක් බලාපොරොත්තුවෙන් බලන් ඉඳපු දවසක් තමයි අද. වසරකට සංස්කරණ 2ක් නිකුත් කරන Ubuntu නිදහස් සහ විවෘත මෙහෙයුම් පද්ධතියේ අළුත්ම සංස්කරණය Ubuntu 9.04 නොහොත් ජේත්තුකාර හාවා අද දින ලෝකයේ ඕනෑම කෙනෙකුට නොමිලේ බාගත කර ගැනීම සඳහා නිදහස් කරනු ලැබුවා.

Ubuntu සංස්කරණ වලට නම් තබනු ලබන්නේ සතුන් අධාරයෙන්. මීට කලින් තිබුනු Ubuntu 8.10 හි නම උනේ නිර්භීත එළුවා(Intrepid Ibex) යන්නයි. මේ අනුව මෙම අළුත්ම සංස්කරණයේ නම වන්නේ ජේත්තුකාර හාවා යන්නයි(Junty Jackalope).

මෙම නවතම සංසකරණයේ වැඩි දියුණු කිරීම් කිහිපයක් කර ඇති බව පැවසෙනවා.
  1. boot performance - පරිගනකය boot වීම සඳහා ගතවන කාලය අළුත් සංස්කරණය තුල 20%කින් පමණ අඩුකර ඇති බව කියැවෙනවා.
  2. Desktop Applications අන්තර්ජාල පහසුකම් සමග සම්මිශ්‍රණය කිරීම. - මේ මගින් උදාහරණයක් ලෙස open office වලින් online වචන වල තේරුම සෙවීම හා පරිවර්තන සඳහා සහාය දක්වන බව කියනවා.
  3. Better hardware support - hardware තවත් වැඩි ප්‍රමාණයක් සමඟ හොඳින් ක්‍රියාකල හැකි ලෙස Ubuntu 9.04 හි kernel එක සවිගන්වා ඇති බව කියනවා. මෙහිදි Nvidia graphic card වල drivers සඳහා අළුත් සංස්කරණය වඩා හොඳින් සහය දක්වයි කියල හිතන්න පුළුවන්.
  4. ext4 සහය - පෙරනිමියෙන්ම දෘඩ තැටි ආකෘතීකරණය සඳහා ext4 නම් අළුත් ආකෘතීකරණ ක්‍රමය ජේත්තුකාර හාවා සමග එනවා. මේකෙදි එක් partition එකක් තියන්න පුළුවන් ගොනුවක උපරිම ප්‍රමාණය ටෙරා බයිට් 16ක්. මේ ගිගා බයිට් එහෙම නෙමෙයි හොඳේ ටෙරා බයිට්. ගිගා බයිට් 1024 =ටෙරා බයිට් 1 ක් . දන්නවනේ. ඉතිං හිතා ගන්නකෝ.

ඉතින් තව බලන් ඉන්නෙ නැතුව දුවල ගිහින් බා ගන්න මෙන්න ලනුව.

11 comments:

  1. එළ..අපිත් බාන්න දාල තියෙන්නෙ..හෙට උදේ වෙනකොට හාව ඇවිත් ඉදියි..

    ReplyDelete
  2. හා හා හා හරි ආවා පැන පැන මැෂිමට රිගුවා!

    හික්ස්! මාත් ගන්න ඕනෑ!

    ReplyDelete
  3. මගෙ මැසිමෙ නම් හාවාගෙ පොඩි කාලෙ එකක් තියෙන්නෙ (බීටා) අපිට කොහෙන්ද පූසො බ්‍රොඩ්බෑන්ඩ්, අපි ගෙදරට එනකම් ඉන්නව :(

    ReplyDelete
  4. මමත් මගේ එලුවාව හාවෙක් බවට පරිවර්තනය කරන්න ඕන.

    ReplyDelete
  5. කට්ටිය ආතල් එකට ගෙන්වා ගන්න නම් එපා හොදේ වැඩක් ගන්න අය ගෙන්වා ගන්න.........!! :D

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. ඔක download කරන්න ලංකාවට ලගම තැන මොකක්ද ?

    ReplyDelete
  8. @ Manushan
    ලෝක සිතියමේ මට මතක හැටියට ඔතන තියන server වලින් ලංකාවට ලඟම ජපානය කොරියාව තායිවානය තුනෙන් එකක් වෙන්න ඕන.

    ReplyDelete
  9. @ U R A J

    ඇත්තටම මම ඔබ හා එකග වෙනවා. සමහර අය 10 - 15 බොරුවට ගෙන්වා ගන්නවා. අන්තිමේදී ඉන්ස්ටෝල් කරන්නෙත් නැතුව විසිකරලා දානවා. හරිම අපරාදයක්

    හිමීට Suntel CDMA එකෙන් බාන්න ඕනෙ. (දවසට 100MB බැගින් දවස් 7 යි. සිම්පල් ප්ලෑන් එකක්)

    ReplyDelete
  10. ඔන්න මම නම් ආපු ගමන් බාලා දාගත්ත සේවර් අවුල් යන්න කලින් ;)

    ReplyDelete
  11. හාවගේ DVD එක පට්ට. සිංහල පෙරනිමියෙන්ම එනව. language එක සිංහලට හැරෙව්වහම ගතියක් තියනවා

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.