මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට අපිට අරමුණු වෙන්නේ UCSC යේ පරිගනක අධ්‍යාපනයට වසර 25ක් මේ වන විට සපිරීම(1985-2010). අපේ ආයතනය University of Colombo School of Computing නමින් ආරම්භ වෙලා තවම වෙන්නේ වසර 8ක් විතරයි ඒත් 1985දී සංඛ්‍යාන හා පරිගනක විද්‍යා දෙපාර්තමේන්තුව විදිහට තමයි අප පරිගනක අධ්‍යාපනය ආරම්භ වෙන්නේ. ඒ එකල විද්‍යා පීඨයේ පීඨාධිපතිවූ විද්‍යාජෝති වී.කේ. සමරනායක මැතිතුමාගේ මැදිහත් වීමෙන්. මේ කාලයේ තමයි පළමු වර්ට Mini computer වර්ගයේ පරිගනකයක් සමරනායක මැතිතුමා විසින් ලංකාවට රැගෙන එන්නේ. පසුව ජපානයේ JICA ආයතනයේ ව්‍යාපෘතියක් මහාචාර්ය සමරනායක මැතිතුමාගේ විසින ශ්‍රී ලංකාවට ලබා ගැනීමෙන් විද්‍යාගාර දේශන ශාලා සහ නවීන තාක්ෂණික උපාංගයන්ගෙන් සමන්විත ගොඩනැගිලි පරිශ්‍රිය ඉදිකිරීනු ලැබ 2002 කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය ආරම්භ වෙනවා.
එසේ ආරම්භ වූ අප ආයතනයේ පළමු අධ්‍යක්ෂකවරයා වන්නේ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ පියා වන මහාචාර්ය සමරනායක මැතිතුමායි. එවන් වූ අභිමානනීය ඉතිහාසයක් අනුස්මරණය කිරීම සහ ලංකාවේ පළමුවෙන් පරිගනක අධ්‍යාපනය ආරම්භ කල ආයතනය ලෙසින් තොරතුරු තාක්ෂණයේ තුන් කාලයම ශ්‍රී ලාංකික ජනතාවට පෙන්වා දීම අප අරමුණයි.
මෙම ප්‍රදර්ශනයට පහත සඳහන් අංගයන් ඇතුලත් වෙනවා ඇති.
- Research Projects
Download:
- Innovative Projects
- Robotics Room
- ICT Education Zone
- Computer Museum
- ICT seminar series - පාසල් සිසුන් ගුරුවරුන් සඳහා
වෙනත් ප්‍රදර්ශන මෙන් නොව අප ප්‍රදර්ශණය වඩා ක්‍රියාකාරී කරමින් පාසල් සිසුන්ට සහ ගුරුවරුන්ටම සැකසූ වැඩමුළු පෙලක් සෑම දිනකම උදේ 9 සිට සවස 5 තෙක් පැවැත්වෙනවා ඇති. පාසල් ICT විෂය මාලාව ආශ්‍රය කරගෙනයි අප මෙහි අන්තර්ගතය සකසා තිබෙන්නේ.
- Advanced Computer Science seminars
- Game Zone
- Lots of other entertainment activities
නවතම තොරතුරු සඳහා සම්බන්ධ වන්න
- අපේ Facebook fan page එක සමග.
- Youtube චැනලය
- ඔබ twitter හි සිටිනවානම් අපේ twitter ගිනුම.
ඉතාම වටින සේවයක් UCSC එකෙන් කරන්නේ රටේ තොරතුරු තාක්ෂණයේ උන්නතියට ඔබ සැමට උපරිම සුභපැතුම්!!!
ReplyDeleteවී කේ සමරනායක වගේ මිනිස්සු කීප දෙනයි ලන්කාවට ඉන්නෙ...මෙඩිකල් පැත්තෙන් සේනක බිබිලේ,සිවිල් ඉන්ජිනේරු අංශයෙන් ඒ එන් එස් කුලසිංහ,විදුලිබල පැත්තෙන් විමලසුරේන්ද්‍ර...තව නමක් තමා රේ විජේවර්ධන...ඒත් මේ ලඟදි තිබුන රේ විජේවර්ධන මහත්තයගෙ අවමඟුලට සහභාගි උන අඩු පිරිස කියාපෑවේ අපි අපි ගැන තියෙන අසංවේදීතවය....කොහොම උනත් ඔයා සමරනායක මහත්තය මතක් කරපු එක බොහොම වටිනව...
ReplyDeleteඅනිවාර්යෙන්ම සහභාගීවිය යුතු ප්‍රදර්ශනයක් නේ....
ReplyDeleteමම එන්න ඉන්නෙ
ReplyDeleteබොහොම ස්තූතියි හැමෝටම.එන්න අපි හැමෝටම බොහොම ආදරයෙන් ආරාධනා කරනවා.
ReplyDelete