Sunday, August 29, 2010

දෑ අවුරුද්දකදි..


අවුරුදු දෙකකට කලින්
ජීවිතේ අළුත් ඉමකට පා තියල
කැම්පස් ජීවිතේ පටන් ගන්නකොට
උඹට මතකද
හැම ඉරිදම අපේ කෙල්ලො කොල්ලො
පහලවක් විස්සක්
එකිනෙකාට මුහුණ දාපු ආසන දෙකේ
ගුලිවෙලා වාඩි වෙලා
හිටගෙන උන්නු උන්ව කකුල් උඩ වාඩි කරගෙන
සින්දු කිය කිය කොළඹ ගිය හැටි,
දෑ අවුරුද්දකදි
ජීවිත වෙනස් වෙලා කාර්යබහුල වෙලා
හිතවත්කම් වෙනස් නොවුනත්
අර පන්ති මේ පන්ති project, exam
අපේ උන් දුරස් කරලා
මොනව උනත් වෙනදා වගේම
සෙනඟ පුරවගෙන
උඹ යනවා
හරියට මොනදේ උනත්
අපේ ජීවිතත් ගලාගෙන යන්න වගේ

10 comments:

  1. ජීවිතේත් ඔය වාගෙම නේද?..නියමිත පීල්ලක් උඩ ඔහෙ දුවනවා...:(

    ReplyDelete
  2. ඉස්සර ඉරිද හවස ගාල්ලෙන් යන 2.15 ( 2.45 ද මන්ද ) ට්‍රේන් එක මතක් උනා.... කැම්පස් යන... කෝර්ස් කරන.. ජොබ් කරන කොල්ලො කෙල්ලො ඔක්කොම දන්න කියන උන්... හ්ම්ම්...

    ReplyDelete
  3. @ හේමලයා
    හ්ම්..

    @පිස්සා
    ඔව් ඔව් එක තමයි. 2.30ට ගාල්ලෙන් යන එක. මාතර මහනුවර

    ReplyDelete
  4. නෑ බන්... ඒක නෙමෙයි. ගාල්ලෙන් පටන් ගන්න විශේශ එකක් තිබ්බා.. ( දැන් තියෙද දන්නෙ නැහ ). නුවර එකට පස්සෙ....

    උබ උලුවිටිකේද.... මොකක්ද බන් ස්කෝලේ... අපේ ස්කෝලෙද... හි හි

    ReplyDelete
  5. he he.... mathakada api apu hati... dan ithin bus ekatama thama... mokada ko matarata train????

    ReplyDelete
  6. ඔන්න අපේ කෝච්චි සගයෙක් අදහස් දක්වලා. දිනුෂි කිව්වාට අපි කියන්නෙ වොඩ්කි.

    @පිස්සා
    දැන් නම් මහනුවරට පස්සෙ තියෙන්නෙ 4.20ද කොහෙද? ඒක හැබැයි උඹේ විස්තරේට ගැලපෙන්නෙ නෑ. මොකද ඒකෙ ගිහින් කොළඹට යන්න වෙන්නෙ 7ට විතර. පිස්සා මොන ඉස්කෝලෙද මට දැන් පැටලෙනවා මොකද බ්ලොග් ලියන පිස්සො කීප දෙනෙක්ම හිටයා. මම අම්බලන්ගොඩ ධර්මාශෝකයට ගියේ ගාල්ල ඇලවීෂියස් විද්‍යාලයටත් ගියා.

    @දිනුෂි
    අනේ බං. ගාල්ල බස් එකක නැගල වරෙන් ගාල්ලට. ඉස්සර මාතර ඉඳල යනකොට වගේ නෙමෙයි දැන් ගාල්ලෙන් පිටත් වෙන නිසා කෝච්චි ටක්කෙට වෙලාවට යනවා.

    ReplyDelete
  7. අමතක නොවෙන මතකයක්
    ආයෙත් මතකයට

    ReplyDelete
  8. හ්ම්...සුන්දරයි ඒ අතීතය...
    ගෙවෙන ක්ෂණයක් ම අතීතෙට එක්වෙලා ජීවිතේ ගලාගෙන ඉදිරියට යනවා...වෙලාවකට ඒකත් හරියට කෝච්චිය වගේ..
    උපතින් පටන්ගෙන මරණය තෙක්..අසවල් තැන්වල නවත්වයි..මෙතෙන්ට යනකම් මන්දගාමී, මෙතන ඉඳන් සීඝ්‍රගාමී...හිටී ගමන් අතරමඟ ඇණහිටිනවා...
    එක එක තැන්වලින් එක එක කට්ටිටිය ගොඩවෙනවා, බැහැලයනවා..සමහරු ටිකට් එකක් ගන්නවා, සමහරු ඉබ්බාගහනවා...තවත් සමහරු ඉබ්බත්ගහලා දොරක තියෙන හැන්ඩ්ල් කොක්කක් හරි ගලවගෙන යනවා...අපේ ජීවිතවලට එන සමහරු වගේ...

    ජයවේවා!!!

    ReplyDelete
  9. මතයන් සුන්දරයි

    ReplyDelete
  10. @සම්පත්
    හ්ම් උඹලා අපි අද වෙනකන් එකට හිටියා වගේ හැමදාමත් ඉඳීවි.

    @හසිත
    "ක" යන්න හැලුනද කොල්ලෝ?

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.