ඔන්න ගිනි නරියා 3.5 නිකුත් වෙන්න කිට්ටුයි. ගිනි නරියා කියනකොට හැමෝම දන්නවනේ Mozilla Firefox. දෙවන බ්‍රව්සර් යුද්ධයේ IEගෙ ප්‍රතිවාදියා. Firefox 3.0 සංස්කරණය නිකුත් වෙච්ච වෙලාවෙ පැය 24ක් ඇතුලත ලක්ෂ 83ක් පමණ පිරිසක් ඒක බාගත කරලා වාර්තාවක් පිහිටෙව්වා මතක ඇතිනේ. ඒකෙන් පස්සෙ එන අළුත්ම සංස්කරණය Firefox 3.5 ඒ පරණ වාර්තාව අළුත් කරන පාටකුයි දැනට පේන්න තියෙන්නෙ.දැනෙට මේකෙ release candidate 3 නිකුත් වෙලා තියනව. ඕන කෙනෙකුට පුළුවන් ඒක download කරගෙන ගුණදොස් විචාරන්න. මුලින්ම කියන්න එපැයි Firefox නිර්මාපකයෝ කියන කතාව.
නව සංස්කරණයේ දියුණු කර ඇති ලක්ෂණ.
- Firefox සංස්කරණයන්හි වේගවත්ම සංස්කරණය මෙයයි. මේ සඳහා TraceMonkey javascript rendering engine එක උපයෝගි කර ගන්නවා.
- Private browsing mode මෙකෙදි අපේ අනන්‍යතාව හංගනවා වගේම අපේ දත්ත ආරක්ෂා කරල දෙනව. අපි යන sites browser එකේ සටහන් වෙන්නෙ නෑ වගේම cookies වැටෙන්නෙත් නෑ.
- Geko layout engine එක දියුණු කරල තියනව. මේ මගින් වෙබ් පිටු ඉක්මනින් render කරල දෙනව.
- මීට කලින් සංස්කරණයන්ට වඩා ස්ථායීලු(windows උඩදි Firefox crash වෙනව දැකල ඇතිනෙ) කලින් tab ගොඩක් විවෘත කලාම ඇතිවෙන memory අවුල නිරාකරණය කරල කියල හිතන්න පුළුවන්.
- සිංහල භාෂාව ඇතුලුව ලෝකයේ භාෂා 70ක් පමණ සහය දැක්වීම.
- අළුත් technologies මැනැවින් සහය දැක්වීම.(HTML5-video,CSS,SVG etc.)
වින්ඩෝස් වලට නම් බාගෙන නිකම්ම ස්ථාපිත කරගන්න පුළුවනි(user friendly :D).Linux වලට නම් terminal එකට යන්න වෙනව.දැනට තියන 3.0 එක තියෙද්දිම 3.5 දාන්න පුළුවන් අවුලක් නැතුව.
- දැනට තියන firefox එක open කරගන්න. මෙතන click කරල public key එක අරගෙන text file එකක් විදිහට save කර ගන්න.
- System > Administration > Software Sources ගිහින් Third-Party Software වලට පහත පේලිය ඇතුල් කරන්න.
- Authentication tab එකට ගිහින් කලින් save කරපු text file එක import කරන්න.
- දැන් System > Administration > Synaptic Package Manager වෙත යන්න. reload button එක click කරන්නත් අමතක කරන්න එපා.
- firefox 3.5 විදිහට සෙව්මක් දාලා select කරල apply කරන්න.
- දැන් Applications-->Internet වල Shiretoko web browser කියල තියෙන්නෙ firefox 3.5 තමයි.

