Sunday, February 14, 2010

ජෙප්පන්-විශ්වවිද්‍යාල-හපන් කං යයි සිතන ගොං කං

මම කිසිදවසක මේ බ්ලොග් එකේ මේ වගේ ලිපියක් ලියන්න හිතාගෙන හිටියේ නෑ. ඒත් අද මෙතනට මාව පොළඹවල තියනවා. ඒ පේරාදෙනිය විශ්ව විද්‍යාලේ අන්තරේ කට්ටියක්(පිරිමි වෙන්න බෑ ගෑනු වෙන්න ඕන) හන්තාන චාරිකාවක ගිහිපු අපේ පොඩි batch එකේ නංගිලා මල්ලිලා පිරිසකට පේරාදෙනිය කැම්පස් එකේදි අන්තරේ අය සලකලා තියන විදිහ නිසා. මේ ගොල්ලො තමයි විශ්වවිද්‍යාල වල නම කැත කරන්නේ. කැම්පස් ඇතුලේ ගහගෙන මරාගෙන රැග් කරල කොල්ලො මරල විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කිව්වහම මිනිස්සු සැකෙන බලන තැනට ආකල්පයක් හදල තියෙන්නේ මේ වගේ මානසික අසහන කාරයෝ තමයි.

ලංකාවෙ විශ්ව විද්‍යාල ගොඩක් ඒව පළමු වසර කණ්ඩායම් චාරිකාව යන්නෙ හන්තානෙ. හන්තාන අයිති වෙන්නෙ පේරාදෙනිය විශ්ව විද්‍යාලයට නිසා ඒකෙන් අවසර අරගෙන ඒකෙ ශිෂ්‍ය සංගම් වලටත් දන්වලා තමයි මේ ගමන යන්නෙ. සාමාන්‍යයෙන් ගමන පටන් ගන්න උදේ පේරෙ කැම්පස් එකට ගියාම ඒ ශිෂ්‍ය සංගම් නායකයෙක් ආපු සහෝදර ශිෂ්‍ය පිරිසට කතා කරනව. එච්චරයි. ඒත් ඊයෙ අපේ පොඩි බැච් එකේ නංගිලා මල්ලිලා හන්තානෙ යන්න ගියාම. ඔවුනට ඒ අය කතා කරල තියනව. අපේ පොඩි අයට කතා කරන එක ගැන අපේ ගිහිපු සර්ලා දෙන්නා කැමති වෙලා නෑ. මොකද ඒ අය කතා කරන්නේ දේශපාලනේ. අන්තිමට උන්ට කතා කරන්න දීල. පස්සෙ අන්තරේ අය කියල තියනව අපේ අය යන්න නියම කරගත්තු පාරෙ යන්න බැරි බව ඒ වෙනුවට ඔවුන් නියම කරන පාරක යන්න වෙන බවත් කියල තියනවා.යන්න ඕන උනේගෙ කට්ටියක් එක්ක. අපේ පොඩි එවුන් ගමන නවත්තන්නත් හදල පස්සෙ ඔවුන් දීපු 6 දෙනෙක් එක්ක කන්ද නැගල තියනව. බොහොම කෙටි පාරකින් අපේ අයව එක්කගෙන ගිහින් මේ අය උත්සාහ කරල තියෙන්නෙ ඉක්මනටම ආයෙ කට්ටියම කැම්පස් එකටම එන පාරකින් එක්කගෙන එන්න. අපේ අයට ආයෙ කතා කරන්න ඕන කියල කියල තියනව. අපේ පොඩි එවුන් මේක ප්‍රතික්ෂේප කරල. බස් වලින් එන්න පිටත් වෙලා. අපේ බස් 3ක් ගිහන් තියනව. මේකෙන් 2ක් ආපහු ඇවිත් තියෙන්නෙ පේරෙ කැම්පස් එක ඉස්සහර පාරෙන් අනිත් බස් එක වට පාරකින් එන්න පිටත් වෙලා තියනව. ඒ බස් එක මගදි සංවිධානය වෙලා ඉඳපු පිරිසක් නවත්ගෙන ඔව්න්ට පේරෙ විශ්ව විද්‍යාලෙ "වල" කියන තැනට අරගෙන ගිහින් බොහොම කැත විදිහට සලකල තියනවා. කීප දෙනෙක්ට පහර දීලත් තියනව. කෙල්ලොන්ට කුණුහර්ප කියන එක මහ වීර කමක් කියල ජෙප්පො හිතන් ඇති. අපි එහෙම අයට කියන්නෙ පො*** කියල.අනිත් බස් දෙකත් ආපහු ගේන්න කියලයි උන් කියල තියෙන්නෙ. ඒ බස් දෙක පොලිසියට ගිහින්. පස්සෙ පොලිසිට මැදිහත් වෙලා පැය ගණනකට පස්සෙ තමයි බස් එක නිදහස් කරල තියෙන්නෙ.

මෙතන උන්ට අවුල වෙලා තියෙන්නෙ අපේ පොඩි එවුනට අන්තරේ තෙලක් ගහන්න බැරි වෙච්ච එකද කොහෙද. UCSC එකේ අපි කවදාවත් කැම්පස් එකේ දේශපාලනේ කරලත් නෑ. කරන්නෙත් නෑ. අපේ අයියල අපිට කිව්වෙත් අපි අපේ පොඩි එවුනට කිව්වෙත් යමක් කරනවනම් ඒක එක්කෝ UCSC එක වෙනුවෙන් නැත්තම් රට වෙනුවෙන් කරපන් කියල. අපේ ශිෂ්‍ය සංගම් නායකයො මාසෙට ගානක් හම්බෙනවට නැත්තම් මෝටර් බයිසිකලේකට ශිෂ්‍යයො පාව දෙන්නෙ නෑ. රට ගැන බඩ බැඳගෙන කෑගහන ජෙප්පන්ගේ නිරුවත මේකයි. මේවගෙන් වෙන්නෙ විශ්වවිද්‍යාල වල නම කැත වෙන එක විතරයි. තමන්ගෙ මතයට යට නොවෙන අය බලෙන් යට කරන්නයි උන් හදන්නෙ. අපිට දේශපාලන හයිය නෑ ඒත් ජාති ආගම් කුල මල බේද නැති සහෝදර කමේ හයිය UCSC එකේ අපිට තියනවා. ඒ එකමුතුකම අපිට හැමදාම විශ්වාසයි. ඒ නිසා ජෙප්පනි ප්‍රවේසමෙන්!!!.....

32 comments:

  1. මේව මහ නින්දිත වැඩ , තමන් තැනට පිටින් කට්තියක් ආවාම ආගන්තුක සත්කාර කරන්නෙ ගෙහෙම නම් අන්තරේ ජෙප්පන්ගේ මානසිකත්වය හිතා ගන්න පුලුවන්... උන් මහලොකුවට අසාධාරණයට එරෙහිව වැඩ කරන විමුක්ති කාමීන් කියලා ලෝකෙට පෙන්නන්න හදන්නෙ , මේකෙන් උන්ගෙ බොරු ප්‍රෝඩාව හෙලිවෙනවා ... අන්තිම කැතැයි

    ReplyDelete
  2. බොහොම හරි මචන් උන් හිතන් ඉන්නෙ කොළඹ අල කැම්පස් එකක් කියල
    මුන්ට පාඩමක් උගන්නන්න ඕනේ

    ReplyDelete
  3. ballanta giya peradeniya vishwavidhyalaya...

    ReplyDelete
  4. සල්ලි වලට කහින කාලකාණ්නින්ට රට විනාශ කරන බලු හැත්තට ‍වරද්ද ගත්ත තැන මේකයි. ලජ්ජනැති වැඩ කරන එකෙත් සීමාවක් තියෙන්න ඕන බල්ලොත් උඩ පනින්නේ උන්ගේ area එකේ විතරයිනේ බලමු......

    ReplyDelete
  5. අන්තිම කැත වැඩක්...(පේරෙ ඉන්න උනට කියන්න තියෙන්නෙ, තොපි චන්දෙ අහන්න අතිනෙ...පේනවනෙ තොපේ දේශපාලනයට වෙලා තියන දේ. තව කාටවත් තෙල ගහන්න දෙයක් ඉතුරු වෙලා නෑ.)
    අපේ ජූනියර්ස් ලා වෙනුවෙන් මේ දේ ලිව්ව උඹට ස්තූතියි මචන් ...

    ReplyDelete
  6. තමන් මාර දේශපාලනික නොවන බව දන්න අදේශපාලනික හීනමාන කාරයො ටිකක් කොහොමද දේශපාලනික තෙලක් බෙදන්නේ? ගලහ හන්දියෙ සීමා වලින් පිට මුන් හිස් සත්වයො ටිකක්. ඕක ඇතුලෙදී හන්තානේ වැදීගෙන එන හුළඟ අරගෙන පපුව ටිකක් පුම්බගත්තට පස්සේ මුන් මාර වීරයො.

    අවුලක් නෑ. කොළඹ එවුන්ට ගහද්දී මාර ගට් එකක් එන්න ඇති. ඒකම අපිට හයියක්. අපිට ගහන්න තොපි ආසයි කියන එක. රැග කියන දේ කෑවෙත් තොපි. දේශපාලනය බල්ලට දැම්මෙත් තොපි. කාලයක් දකුණු ආසියාවේ තිබුණු හොඳම විශ්ව විද්‍යාලයක් කාලා දැම්මෙත් තොපි. සරච්චන්ද්‍රලාගේ ඇගේ වඳින හුලං පොදක්වත් තොපේ ඇගේ වදින්නේ නෑ. ඒකට අවශ්‍ය මොල පරිමාවක් තියෙනවා. ඒක තොපිට නෑ. මේ ටික කියා ගන්න ඕනෙ වුනත් තොපේ මහ ලොකු ශිෂ්‍ය සංගම් නායකයා ෆෝන් එක උස්සන්නේ නෑ. ඌටම කියපන් මේක.

    ReplyDelete
  7. anthare jeppanta one hem wedakma kadakappal karanna, unge maha awunuth akatama purudu wechcha athiyakne. owunwa sadahatama athugala danakam lankawe campus walata hari yanne ne. hemoma akathu wela oya anthre kalakanninwa kohoma hari pannamu.....apita ka karanna puluwan

    ReplyDelete
  8. "පිරිමි වෙන්න බෑ ගෑනු වෙන්න ඕන" කියන එකට මම එච්චරම එකඟ නෑ මල්ලි. මොකද ගෑනුවත් මේවගෙ පර වැඩ කරන්නෙ නෑ. ඔය එවුන් ටික පො***ම වෙන්නම ඕනේ.

    ReplyDelete
  9. සිද්ධියට ලොකු ප්‍රචාරයක් දෙන්න ඕනේ... එතකොටයි මිනිස්සු මුන්ගේ නිරුවත ගැන දැනගන්නේ...

    දැන් ඉවසුවා ඇති - ජෙප්පන්ව මර්දනය කළ යුතුමයි.

    ReplyDelete
  10. අන්තිම බලු වැඩක්....

    ReplyDelete
  11. අපි කරන දෙයක් හිතල බලල කරන්න ඔන. මොකද මේ සිද්ධියෙනුත් අනිත් සිද්ධි වලිනුත් වාසි ලබාගන්නෙ බිස්නස් කාරයෝ. මේ ප්‍රශ්ණ දකින කොට උන්ට රජ මගුල්. කොහෙද මුන්ට(ජෙප්පන්ට) එච්චර දෙයක් තේරුම් කරල දෙන්න පුළුවනෑ........

    ReplyDelete
  12. Anthima balu wedak mekata mokak hari karanna ona e karana ona deyakata apith innawa.

    ReplyDelete
  13. මල්ලීලා ගැන අපිට සතුටුයි. අපි, අෙප් අයියලා හිතපු විදියට UCSC ඵක ගැන ඔයාලත් හිතන ඵක.

    මීට,
    අාදී වාසී ෙදවනි අත්තන්

    ReplyDelete
  14. ශිහ්.. මේ මොන ජරා වැඩක් ද? දැන් ඔය ජෙප්පො ටිකව කවුරුත් ගණන් ගන්නේ නැති නිසා හිතේ අමාරුවට ගන්න මෝඩ ආතල් තමයි මේ. මේ කතාවට හොඳ publicity එකක් දුන්නානම්, මුළු රටටම තේරෙයි මහ ලොකු දේශ හිතෛෂී අන්තරේ තරම. මේ වගේ දේවල් ආයෙ සිද්ද නොවෙන්න අපිට මොනවද කරන්න පුළුවන්?

    ReplyDelete
  15. මට පුදුම සන්තෝසයක් දැනෙන්නෙ අපේ UCSC එකේ අපි අපේ සින්නො පටං ගත්ත දේවල් දිගටම යනව දැක්කහම.
    මම UCSC උන්නෙ 2004 ඉඳන් 2007 වෙනකං.

    ReplyDelete
  16. උන්ට ගහන්න ඔනි උන දෙශපාලන තෙල අපි ගහන්න දුන්නෙ නැහැ.....UCSC එකෙ සම්ප්‍රදාය කෙලසන්න, අපිව තුප්පහි දෙශපාලනයට ගාවන්න අපි දුන්නෙ නැහැ....අපිට බස් වටකරන්න හම්බ වෙන බයික් එකකට වඩා අපෙ කැම්පස් එකෙ අභිමානය වටිනවා!!!

    ReplyDelete
  17. This comment has been removed by the author.

    ReplyDelete
  18. නියමයි ‍සුසිත. සිරා ලිපිය. ජෙප්පෙක් අල්ලලා කියවන්න දෙන්න ඕන.

    ReplyDelete
  19. රුහුණ විශ්ව විද්‍යාලයේ මේ පාර science batch එක තමයි පිල් ඛෙදෙන්නේ නැතිව තනිකරම අල වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් අනිත් faculty වලින් වෙන්වෙලා තනි වෙන එක නම් හොද දෙයක් නෙමෙයි. "රුහුණෙ අල නියම අල" කියල නෙ සමහරු කියන්නේ. අනේ මන්ද මම නම් විශ්ව විද්‍යාලයේ යන කාලෙ ප්‍රගතිශීලි තමයි. තාමත් ප්‍රගතිශීලි තමයි. අල වුනේ නම් නැහැ. හැබැයි දේශපාලනේ කරෙත් නැහැ. මහවුන්ගේ තෙල් ඛෙදිල්ල අහන්න මට වෙලාවක් තිබ්ඛෙත් නැහැ. ඒ දවස්වල මහලොකුවට අන්තරේගැන කතා කරපු අය තමයි අද වෙනත් රටවල් වලට ඉගිලිලා ගිහින් තියෙන්නේ. කිවේ නම් මොකක්ද දේශමාමක, දේශප්‍රේමි , පරගැත්තන්ට ගැති නොවෙමු ... පුහ්... අන්තිමට නතර වුනේ මහරැජිනගෙ මහගෙදර .... ඕව ඔහොම තමා කවුරුත් කැමති තමන් ඉහලට යන්න ... ඔන්න ඕකයි තත්ත්වෙ

    ReplyDelete
  20. jara jeerna deshapalane karana jepponge bankoloth wadak....

    ReplyDelete
  21. මේ වැඩේම අපිට උඩ බැච් එකේ අයටත් පේරෙදි වුනා. ඉන් පස්සෙ අපේ ෆැකල්ටියෙ බැච් ට්‍රිප් එක අපි හන්තානෙ යාම නැවැත්තුවා. ඒ වෙනුවට දැන් පලමු වසර ට්‍රිප් එක යන්නේ කන්නෙලිය කැලේ. ඒකත් හොඳ ආදේශකයක් :)

    ReplyDelete
  22. ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාට,

    මුලින්ම ලංකාවෙ විශ්වවිද්‍යාල වලට පිළිකාවක් වෙලා තියන මේ කාලකණ්නි ක්‍රියා ගැන විරෝධය පල කරන්න අපිත් එක්ක එකට ඉන්නවට ස්තූතියි. කිසිම දෙයක් තවත් කෙනෙකුගෙ ඔළුවට බලෙන් ඔබ්බන්න තව කෙනෙකුට අයිතියක් නෑ. ඒත් කෙනෙක්ට තවත් කෙනෙක්ගෙ මතයක් අහලා තමන්ගෙ හිතට එකඟව ඒක පිළිගන්නවානම් ඒ මතය අනුගමනය කරන්න පුළුවන්. විශ්වවිද්‍යාල ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් හා සමස්ත නිහදස් අධ්‍යාපනය වෙනුවෙන් අතීතයේ විශාල මෙහෙවරක් ඉටුකල ශිෂ්‍ය සංවිධාන නොවෙයි අද පේරාදෙනිය වැනි විශ්වවිද්‍යාල වල තියෙන්නෙ. හැබැයි හැමෝම නෙවෙයි කොටසක් විශ්වවිද්‍යාල වලට එන අහිංසක කොල්ලො කෙල්ලොන්ගෙ මොළ හෝදලා උන්ගෙ මානසිකත්වය විනාස කරලා පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදව ගන්න පරිසරයක් අද තියෙන්නෙ.මේවා විශ්වවිද්‍යාල තුලින් අතුගාල දාන්න සරසවි සිසුවාම පෙරමුණ ගත යුතුයි. විශ්වවිද්‍යාලය හා විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් පමණක් කටයුතු කරන ශිෂ්‍ය සංවිධානය නැවත බිහිකරගත යුතුයි. නැත්නම් ජෙප්පන් සමගම විශ්වවිද්‍යාලත් ලඟදීම වල පල්ලට යනු ඇති.

    @ශාකුන්තල අයියා
    අපි මේ ගැන මාධ්‍ය දැනුවත් කරනවා.

    @ sura,ruvinitl,gayan අපේ අයියලා අක්කලාට
    සැබැවින්ම විශ්වවිද්‍යාල තුල තිබිය යුතු ආකාරයේ සංස්කෘතියක් UCSC තුල බිහි කලාට හා එය පවත්වාගෙන විත් අපිට දායක කලාට බොහෝම ස්තූතියි. අපි අපි ගැන ආඩම්බරයි ඔබ ගැන ආඩම්බරයි. අපි ඒතන ඉඳලා වැඩ කරන බව Nimesh මල්ලිගෙ ප්‍රතිචාරයෙන් පේනව. ඔහු මේ සිද්ධියට මුහුණ පාපු කෙනෙක්.

    @නිසන්ස
    අපේ කිං කොං ට මම link එක යැව්වා.

    @wath
    අපි අල හරි බතල හරි මයියොක්කා හරි ඕන කෙනෙක් ඕන දෙයක් කිව්වට අපිට කමක් නෑ නේද? දේශපාලනය ගාව නොගත්ත අපි රට වෙනුවෙන් ගොඩක් දේවල් කරල පෙන්නල තියනව.

    "ඒ දවස්වල මහලොකුවට අන්තරේගැන කතා කරපු අය තමයි අද වෙනත් රටවල් වලට ඉගිලිලා ගිහින් තියෙන්නේ. කිවේ නම් මොකක්ද දේශමාමක, දේශප්‍රේමි , පරගැත්තන්ට ගැති නොවෙමු ... පුහ්... අන්තිමට නතර වුනේ මහරැජිනගෙ මහගෙදර ...."

    ඔය කතාව සහතික ඇත්ත.කට්ටිය වට වෙලා එකතු වෙලා ඉන්නකම් තමයි ඔක්කොම වීරකම් විප්ලව. එලියට ගියාම ගානට මඩිය තරකරගන්න සුද්දගෙ අමුඩෙ පල්ලෙ හරි රිංගන්න ලැජ්ජ වෙන්නෙ නෑ මේ අය.

    ReplyDelete
  23. Pere inna ballo tika Kelaniye Science eke Batch trip (1st year) ekedith gemak adda..

    ela kollo tikak innawa pere..
    e unata para ballo tikakuth innawa..

    api munwa chaa karamu...

    ReplyDelete
  24. මේ සිදුවීම සම්බන්ධව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් හැටියට මම ඉතාමත් කණගාටු වෙනවා. මම හිතන්නෙ ඔබ පැහැදිලිවම දන්නවා මේ පහරදීම පිටුපස ඉන්නෙ කවුද කියලා. විශ්ව විද්‍යාලය කෙළෙසන මේ අමන දේශපාලනයට මමත් පහරදෙන්න පටන්ගත්තේ විශ්ව විද්‍යාලයට ඇතුල් වුණු දවසේ ඉඳලාමයි. සමහරුන්ට ඒවා ඒ දවස් වල වහකදුරු වුණා. ඒ ප්‍රශ්නය ඔඩුදුවා තිබෙන තරම අඩුම ගානේ මේ සිද්ධියෙන් වත් ඔවුන්ට ප්‍රත්‍යක්ෂ වනු ඇතැයි මම සිතනවා.

    මේ සිදුවීම ගැන අද ඇතැමුන් කතා කළ ආකාරය හරිම කණගාටුදායකයි. බලු වැඩ කර ඒවා වීරක්‍රියා ලෙස දකින පුද්ගලයන් ගැන තවත් කුමන කතාද? නමුත් මම පැහැදිලිව කියනවා, මෙවන් ක්‍රියාවන්ට දායක වන්නේ විශ්ව විද්‍යාල සිසුන්ගෙන් හරිම සුළුතරයක්. සාතිශය බහුතරය මීට ප්‍රබල ලෙස විරුද්ධයි; නැතහොත් විරුද්ධව හඬක් නැගිය නොහැකි තරමට අසරණයි. මේ කරුණ වටහාගෙන, සමස්ත විශ්ව විද්‍යාලයම විවේචනය නොකර, මෙම සිදුවීම පසුපස තිබෙන දේශපාලනයට පමණක් පහර ගැසීම ගැන මම අරවින්ද සොයුරාට ස්තූති කරනවා.

    මේ වගේ සිද්ධි දිගින් දිගටම ඇතිවෙන්න හේතු වන්නේ නවක වදය කාලයේ දවස ගානේ සිසුන්ගේ මොළ ශෝධනය කර, පාසලින් විශ්ව විද්‍යාලයට ආ සිසුවා විකෘති සත්ත්වයෙකු තත්ත්වයට පත්කළ ඒ දේශපාලන මාෆියාව මිසක් වෙන කිසිම දෙයක් නෙවෙයි. නැත්තම් ඔබ නිකමට වත් සිතනවද මීට මාස 6කට කලින් විශ්ව විද්‍යාලයට පැමිණි සිසුන් පිරිසක් ගතවූ දින ගණනට මේ තරම් විකෘතියකට ඉබේ ලක්වෙයි කියලා? ඔබගෙන් සමහරෙකුට පෙරේදා පේරාදෙණිය WUS කැන්ටිමේදී බෙදුව තෙල මාස දෙක තුනක් තිස්සෙ, දවසට පැය 3-4 ගානෙ වදිනකොට මොළේ අවුල් වෙන්නෙ නැතුව තියෙන්නේ කාගෙද? හොඳින් හිතලා බලන්න...

    මට මේ ගැන අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, ඔබේ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරිය මාර්ගයෙන් මේ සිදුවීම ගැන වහාම පියවර ගන්න. මේ විකෘතිය දිගින් දිගටම පැවතෙන්න ඉඩදෙන්න බැහැ. ඒ වගේම මේ ක්‍රියාවන්ට සම්බන්ධ සුළුතරයට මේ ක්‍රියාවන් දිගින් දිගටම කරන්න ඉඩදෙන්නත් බැහැ. ඔබට සිදුවුණු අසාධාරණයට, හිරිහැරයට එරෙහිව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් හැම මොහොතකම ඔබ සමඟ සිටිනවා...

    ReplyDelete
  25. @Chamitha and Ravinda,


    CHEERS! come on guys!!!
    කරං එව්වා ටිකම!!!

    ReplyDelete
  26. Im Just passed out from the pera.Please malli can you tell in detail about them(Like faculty) coz it really hurts to us.we can do something.

    ReplyDelete
  27. university වල ප්‍රශ්ණ university අතරේම විසද ගත්තනම් තමයි හොද.මොකද රජයේ විශ්වවිද්යාල වලට කෙලවන්න වෙනම පිරිසක් බලාගෙන ඉන්නවා.යම් පිරිසකගේ සිදුවීමක් අරබයා සමස්ත පේරාදෙණි විශ්... සිසුන්ටම අපහසුතාවයකට ලක් වෙන විදිහකට මේ වගෙ ප්‍රසිද්ධ ස්ථාන වල විශ්වවිද්යාලය අප කීර්තියට පත් කීරීම සුදුසුයි කියා හිතනවද ?
    ඒ වගේම පේරදෙනි විශ්වවිද්යලය (තමන්ගේ පුද්ගලික අදහස් වලට අනුවා) හෑල්ලුවට ලක් කිරීම,පහත් ලෙස සැලකීමට අනික්ව උසස් යැයි කීමටත් පුලුවන්ද?තමන්ගෙ විශ්වවිද්යාලය තමන්ට වටිනවා.ප්‍රශ්නය විසදා ගන්නවා වෙනුවට දේශපාලන පක්ශයකට බැන බැන සිටීමෙන් හැගෙන්නේ ඔබ වෙනත් දේශපාලන පක්ශයකට කඩේ යනවා වගේ නෙවෙයිද?.අනික් අතට මේක ප්‍රධාන විද්යුත් මාද්දියට අනාවරනය උනොත් අද පවතින දේශපාලනික තත්වය අනුව ,මෙම සිදුවීම තම තමන්ගේ දේශපාලන වාසිය තකා පාවිච්චි කිරීම අනිවාර්යයයි(ලියපු,cඔම්මෙන්ට්ස් දාන හැම ඩෙනාම ඇතුලුවා).එවිට ප්‍රශ්නය පැත්තක තියෙද්දි වෙනත් අය වාසි අවාසි ලභාගැනීමයි.එවිට අවසානෙට රටේ මිනිස්සු හිතන්නෙ පේරාදෙනිය විශ්.. ය එක දේශපාලන පක්ශයකට කඩේ යනබවත් කොලොබ විශ්..ය තව පක්ශයකට කඩේ යන බවත්ය.එනම් දේශපාලන මඩ ගොඩට විශ්වවිද්යාල වැටීමත් ඒ කෙරෙහි මහජන විශ්වාසය නැතිවීමත් පමනි.ලොකුම පාඩුව වෙන්නේ ස්වාදීනව කටයුතු කරන විශ්ව විද්යාලයට එක් පීඨයක් නිසා දේශපාලන ලේබල් වැටීමයි.නිර්පාක්ශිකව දුරදිග සිතා පොඅස්ට් දාන්න

    ReplyDelete
  28. @gmgdasun

    මෙම ලිපියේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සමස්ථයම නොව මේ පහත් ක්‍රියාව කල සුළුතරයම ඉලක්ක කරගෙන ලියා ඇති බව ඔබට නොවැටහෙන්නේ ඇයි දැයි මට නොතේරේ. ඉහත ප්‍රතිචාරයක පේරාදෙණියේම සිසුවෙත් වන චමිතගේ ප්‍රකාශයෙන් එය ප්‍රත්‍යක්ෂ වේ.

    "සමස්ත විශ්ව විද්‍යාලයම විවේචනය නොකර, මෙම සිදුවීම පසුපස තිබෙන දේශපාලනයට පමණක් පහර ගැසීම ගැන මම අරවින්ද සොයුරාට ස්තූති කරනවා. "

    දේශපාලන පක්ෂයට බැන්නේ ඔවුන් මෙම සිද්ධියට කෙලින්ම සම්බන්ධ බව දන්නා නිසාය. මම මේ ලිපිය තුල කර ඇත්තේ විශ්වවිද්‍යාල තුල මේ ජරා ජීර්ණ දේශපාලයන ප්‍රතික්ෂේප කර ඇති බව මිසක් ඒ වෙනුවට තවත් දේශපාලන මතයක් අනුගමනය කල යුතු බව නොවේ.

    "UCSC එකේ අපි කවදාවත් කැම්පස් එකේ දේශපාලනේ කරලත් නෑ. කරන්නෙත් නෑ. අපේ අයියල අපිට කිව්වෙත් අපි අපේ පොඩි එවුනට කිව්වෙත් යමක් කරනවනම් ඒක එක්කෝ UCSC එක වෙනුවෙන් නැත්තම් රට වෙනුවෙන් කරපන් කියල."

    අපේම විශ්වවිද්‍යාලයක් වල පල්ලට යනවා අපිට බලා සිටිය නොහැක. මේ තත්වය පාලනය විය යුතුය. මේ සිදුවීම දැනටත් මාධ්‍ය වලින් වාර්තා කර ඇති අතර. එහි අරමුණ වන්නේ මේ කැත ක්‍රියාවට සම්බන්ධ පිරිස ගැන රට දැනුවත් කිරීම පමණි.

    ඔබ ලිපිය හරි හැටි නොකියවා ඒ ගැන ඔබේ හිසේ ඇති මතයක් ප්‍රකාශ කිරීම කණගාටුදායකයි. මෙම ලිපිය තුල මම කිසිම දේශපාලය පක්ෂයකට කඩේ ගොස් ඇත්නම් එතැන හුවා දක්වන ලෙස අභියෝග කරමි. එසේ කලොත් මම මේ බ්ලොග් අඩවිය එම අන්තර්ජාලයෙන් ඉවත් කරමි.

    "නිර්පාක්ශිකව දුරදිග සිතා පොඅස්ට් දාන්න"
    මට ඔබට කීමට ඇත්තේ පෝස්ට් එක හොඳින් කියවා කමෙන්ට දාන ලෙසයි.

    ReplyDelete
  29. @gmgdasun
    කොළඹ විද්‍යා පීඨය සහ UCSC එක කිසිම දේශපාලන පක්ෂයකට කඩේ නොයන බව මතක තියා ගන්න

    ReplyDelete
  30. අපේ campus එකත් ඔලුව කෙලින් තියාගෙන බය නැතුව ඉන්න පුලුවන් එකක් හින්දා මම ගොඩාක් සන්තෝස වෙනවා :)

    ReplyDelete
  31. ජෙප්පො පුප්පන කාලෙ ඉවරයි.....දැන් උන්ගෙ බහින කලාව...

    ReplyDelete
  32. Its time to wipe out JVP fractions from the PERA uni. New students have to make sure that they dont help JVP by getting to the rag side. A false image is spread within the society about ragging, as it is a simple process of mere jokes and fun.
    But the truth is ragging is used by JVP to gather students for their advantage. Since they can be forced anytime to attend JVP political agendas such as strikes, pickets and protests. Everyone has to clearly understand this and not help this.

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.