
Assignment, Viva ,විභාග උණුසුම අස්සේ පොඩි පෝස්ට් එකක් ලියන්න ඕන කියල හිතුනා. ලිනක්ස් ගැන ඊළඟ ලිපිය දාන්න තව ටිකක් කල්යාවි. හිමීට පිළිවෙලට හදන්න එපැයි.
ෆිල්ම් බාන කට්ටියට මරු සයිට් එකක් අහු උනා. දැන් ටිකක් කල් මේක හම්බෙලා සමහරවිට ඕගොල්ලො දන්නවත් ඇති මේක ගැන. මේක blog එකක්. www.300mbmovie.com .සාමාන්‍යයෙන් හොඳ quality චිත්‍රපටියක් avi format එකේ 700MB විතර වෙනවනේ. ඒත් මේ සයිට් එකේ තියෙන්නෙ mkv format එකට හරවපු movies. මේවගෙ size එක ආසන්න වශයෙන් 300MB වෙනවා. ඊට වැඩි ඒවත් තියනව ඒ තවත් quality එක වැඩි ඒව. film එක තියෙන්නෙ කොටස් විදිහට. Rapidshare සහ Hostfile වල තමයි download කරගන්න දීල තියෙන්නෙ. Free file share කරන තැන්වල බාන්න ගියාම තියන කට්ට ඉතින් මෙතනදිත් කන්න වෙනවා
$ unrar e TWT.part1.rar
එච්චරයි කොටස් කීපයක් තියනව නම් ඔක්කොම එකතු වෙලා තනි mkv ගොනුව හැදේවි. අපේ බිල් අයියගේ OS එකේ නම් මෙහෙම වෙනවද දන්න නෑ. ජනේලයක් තියන කෙනෙක් උත්සාහ කරල comment එකක් දාන්න. එහෙනම් උත්සාහ කරල බලන්න(මේ command එක කොහොමත් වැඩ කරන්නෙ නෑ ජනේලෙන් මුල් file එක extract කරල බලන්න ඔක්කොම එකතු වෙලා එක file එකක් එනවද කියල). දැන් මට බඩගිනියි කැම්පස් එකට ගිහින් බවනෙන්(කැන්ටිම) බඩට මොනව හරි දාගන්න ඕන. ගිහින් එන්නම්.