Saturday, July 11, 2009

අනාගතය



පුරුදු බවක් දැනුනි වර්තමානයෙහි
සිතුනි එය අතීතයෙහි සිදුවී ඇති බව
ඔව් එය සිදුවී ඇත
අතීතය වර්තමානයෙහි පුනරූපනය වෙමින් පවතී
අතීතය දනිමි
එසේ නම් අනාගතයද එයම විය යුතුය
නැතහොත් අනාගතය වෙනස් කල යුතුය
ඔව්
අඳුරු අතීතය මෙන් නොවන ලෙස අනාගතය වෙනස් කල යුතුය
නමුත් අදත් ඒ අතීතයම පුරුදු ලෙසින් ගලා ගියේය
අතීත වැරදි එලෙසින්ම නැවත දැන දැනම සිදුවේ
ඉතින් අනාගතය වෙනස් කල හැකි වේද?

6 comments:

  1. අනාගතය ගැන මතක් කරලා බයකරන්න හදනවාද බන්

    ReplyDelete
  2. සෑහෙන්න බොන්න ඔනෙ ප්‍රශ්නයක්

    ReplyDelete
  3. @දිසා
    අතීතය මතක් වෙන නිසයි මම අනාගතයට බය.

    @කරුමක්කාරයා
    බ්ව්වහම ප්‍රශ්න විසඳෙනව නම් මම ගමකට බොනවා. ඒත් එහෙම වෙන්නෙ නෑනෙ.

    ReplyDelete
  4. උඹේ කතාව මේ විදිහට කතා කරන්න පුලුවන් එකක් නෙවේ.අනාගතය අතීතයේම පුනරූපනයක්ද කියන කාරනාව පුලුල්ව සාකච්ඡාවට යොමු වුණු දෙයක්.
    දෙවියන් වහන්සේගේ(සාංකල්පික )පැවැත්ම ඔප්පු කරන්නත් ඔය මතවාදය යොදා ගන්නවා.ඒ කියන්නෙ
    ඒ කතාව කොහොම වෙතත්, මේ කතාවත් පොඩ්ඩක් මතක තියා ගනින්.
    "අතීතය ගෙවී ඇත,අනාගතය පැමිණ නැත.ඇත්තේ වර්තමානය පමණි"..

    ReplyDelete
  5. @තුෂාර
    මම කිව්වෙ එච්චරම බරපතල කතාවක් නෙමෙයි බම්බා. මම අත්විඳපු දේ හා අත්විඳින දේත් අනාගතය ගැන ඇති බලාපොරොත්තුත් අතර මම දැකපු සම්බන්ධයයි මම ලිව්වෙ. කොහොම නමුත් ඒ කතාව අදටත් එහෙමමයි.

    ReplyDelete
  6. අවසානයේ අතීතය අනාගතයෙහි ප්‍රතිනිර්මාණය විය. අනාගතය වර්තමානය බවට පත් විය. මම තවමත් ඒ අතීතය දෙස බලා හිඳිමි.

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.