Wednesday, August 5, 2009

විභාගෙ ඉවරයි දැන් ආයෙ නිදහස්



ගොඩක් කාලෙකට පස්සේ අදයි ලියන්න ඉඩක් ලැබුනේ. අම්මෝ මැරිල ඉපදුනා වගේ. විභාග නම් ආයෙ එපා. :D අපේ කට්ටිය ඒ කිව්වෙ බොට්ටා, ඇකා, එහෙමත් පහුගිය කාලෙ නිශ්ශබ්ද ඔය නිසා තමයි. අද තමයි යන්තන් අන්තිම subject එක ඉවර උනේ. ඒ තමයි data structures and algorithm. මේ සමාසිකයට තිබිච්ච විෂයන්ගෙන් මම ආසම එක. කොහොමත් මේ මාසෙකට විතර පස්සෙනෙ ආයෙ බ්ලොග් කෙරුවාවට බැස්සෙ. මෙච්චර කාලයක් මැරුනට විෂයන් 10ක් විතර තිබුනේ නෑ. ඔක්කොම subject 4යි තිබුනෙ. හැබැයි ඒ හතර ඇති 40කට විතර. ඒ වගේ වැඩ කිරිල්ලක් A/L වලටත් කලේ නැද්ද කොහෙද? උදේට කැම්පස් දුවනවා ගිහින් කුප්පියකට සෙට් වෙනවා. හවසට බෝඩිමට ඇවිත් ආයෙ tute වලට ඔළුව ඔබා ගන්නවා. ඉතින් රෑ 2 විතර වෙනකම් වැඩ. හැබැයි 11 විතර පහු වෙනකොට ටික ටික නිදිමත එනවා. ඊට පස්සෙ පැය බාගෙන් බාගෙට තේ තමයි. අපේ සූටියා හදනවා කෝපි එකක් ඒක බිව්වහමනම් ආයෙ පැය දෙක තුනකට නිදිමත එන්නේ නෑ. අපි කියන්නේ සූටියාගෙ බෙහෙත් ප්ලේන්ටිය කියල. හික්. ඔන්න 12 පහුවෙන කොට එක එකා නිදා ගන්න පටන් ගන්නවා. මෙට්ටෙට ගිහිල්ල පිළිවෙලකට එහෙම නෙමෙයි. ඔන්න පුටුවෙ වාඩි වෙලා ඉන්නවා නේද නිදිමත වැඩි උනහම එහෙමම බිමින් හාන්සි වෙනව ටිකකින් ගොරව ගොරව නිදි. වෙලාවක බෝඩිම විසාලා මහනුවර තුන්බිය ඇතිවෙච්ච කාලෙ වගේ. ඇයි මුන් ටික වැටිච්ච වැටිච්ච තැන් වල බුදිනේ.

එක අතකින් අපේම වැරුද්ද. ලෙක්චර්ස් කට් කරපුවාගෙ ලෙක්චර්ස් ගිහින් බුදිය ගත්තුවගේ ප්‍රතිඵල තමයි. හැබැයි කැම්පස් එකේ තියෙන්නෙ එකෙක් වත් අත අරින්නෙ නෑ. දවස් ගනන් නිදි මරාගෙන කොහොම හරි අදිනවා. ගිරව දාල හරි ලියනවා(software engineering වගේ ගොඩ දාන්න නම් හොඳ ගිරවෙක් ඉන්න ඕන ). බැච් එකේ කාටවත් හැලෙන්න දෙනෙනෙත් නෑ. පුලුවන් එකා අනිත් එවුන්ට කියල දෙනවා(කුප්පි දානවා). මමත් algo කුප්පියක් දැම්මා. උන් ටික හොඳට ලිව්ව කියල කිව්වම ඒ වගේ සතුටක් තවත් කොහෙද?

ලියන්න බැරි උනාට පහුගිය කාලෙ පුලු පුලුවන් විදිහට බ්ලොග් ටික කියෙව්වා. හැමදාම නම් කියවන්න උනේ නෑ. කමෙන්ට් එකක් දාන්න බැරි උනත් කියවලා හරි ගියා. ඉස්සර හට ලියන්න කියල පෝස්ට් කීපයක් හිතේ තියාගෙනයි ඉන්නෙ. ඒවගෙන් බහුතරය සුපුරුදු පරිදි FOSS වේවි. මම ආස subject එකනේ. :D Ubuntu අයිසිං කිරීම තව එක ලිපියකින් ඉවරයි. ඊට පස්සෙ අළුතින් ubuntu වලට එන අයට උදව්වෙන ලිපි ටිකක් ලියන්නයි අදහස.

ම්...තව මොනවද? මේක දැන් නිකන් අච්චාරුවක් වගේ වෙලාද කොහෙද. ආ අපේ අළුත් බැච් එක එනවනේ. ඒ කියන්නේ අපි senior වෙනව කියන එක. ඒ වැඩ කටයුතුත් ඉස්සරහට කරන්න වෙයි. එහෙනම් ගිහින් එන්නම් ඉක්මනටම ආයේ තව සටහනකින් හමුවෙමු. එතකන් ආයුබෝවන් =D>

2 comments:

  1. "මමත් algo කුප්පියක් දැම්මා. උන් ටික හොඳට ලිව්ව කියල කිව්වම ඒ වගේ සතුටක් තවත් කොහෙද?"

    සහතික ඇත්ත. ඒ වෙලාවට තමන්ට බැරි වුණත් අනිත් එකා විභාගෙ ගොඩ දාගන්න හැටි දැක්කම ලොකු සතුටක් දැනෙනව.

    හැබැයි මේ සැරේ මම නං එක කුප්පියක්වත් දැම්මෙ නෑ. දම්මගත්තා. මේ සැරේ අපි සෙට් වෙලා පාඩම් කරද්දි මගේ කටහඬ ටිකක් සැරට ඇහුණෙ IT Security ගැන සාකච්ඡා කරන වෙලාවෙ විතරයි. :D

    ReplyDelete
  2. සහෝදරයා වැඩ පටන් අරන් වගේ,,මටනම් තාම ඔලුව උස්සන්න ලැබුනෙ නෑ...ඉක්මනටම හොඳ දේකින් හමුවෙමු!

    :D

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.