Sunday, January 10, 2010

ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - ලිනක්ස් ගැන ඔබ දැනගත යුතු දේ



ලිනක්ස් සිංහලෙන් මුල සිට සරලව - ලිනක්ස් අල ගිය මුල ගිය තැන් - 1කොටස

Linux වල තව දුරටත් ඉදිරියට යන්න කලින් Linux ගැන පවතින මති මතාන්තර හා ඒවායේ සත්‍ය අසත්‍ය ස්භාවය ගැන ටිකක් ලියන්න හිතුනා. මොකද Linux ගැන ඉගෙන ගන්න කලින් Linux කියන්නේ මොකද්ද කියල හරියටම දැනගෙන ඉන්න එක වැදගත්. විභාගෙ කටේ තියාගෙනත් මගේ තියන බ්ලොග් අමාරුවටයි මේක ලිව්වෙ lol. හරි එහෙනම් ඕන් පටන් ගත්තා.

Linux වයිරස් වලින් තොරද?

මෙ ප්‍රශ්නෙට දෙන්න පුළුවන් කෙටිම පිළිතුර නම් නෑ කියන එක. ඒත් windows සමග සංසන්දනය කරාම Linux සඳහා වයිරස් බලපෑම නොගිනිය හැකි තරම් කුඩායි. ඒකට හේතුව මොකද්ද කියන එක අපි සලකල බලමු.

ඕනෑම පරිගනක වැඩසටහනක වැරදි(bugs,errors) තියෙන්න පුළුවන්. 100% ක් නිරවද්‍ය(error free) පරිගනක වැඩසටහනක් නෑ කියල තමයි සලකන්නෙ. මේ නිසා පරිගනක වැඩසටහන් වල කේතයන්ගේ(code) වල තියන දුර්වලතා නිසා ඒ හරහා ඒ වැඩසටන් වල ක්‍රියාකාරීත්වයට බාධා කල හැකි වයිරස් ලියන්න පුළුවන්.වින්ඩෝස් වලදී මෙසේ කේතයේ දුර්වල තැන් වලින් ඇතුල්වන පරිදි වයිරස ලිවිය හැකියි නමුත් Linux මතදී එය එපමණින්ම කල හැකි වන්නේ නැහැ. එයට හේතුව Linux මත විවිධ පරිශීලකයන්ට විවිධ ශක්‍යතා මට්ටම්(privilege levels) ලබා දීම නිසා. Linux පද්ධතිය පාලනය කිරීමට හෝ එයට යම් වෙනසක් කිරීමට හානිකර malware(වයිරස් වැටෙන්නේ malware යටතටයි) වැඩසටහන් වලට root privileges ලබා ගන්න වෙනවා. Linux පද්ධතියක් මත මෘදුකාංගයක් ස්ථාපනය කිරීම system setting එකක් වෙනස් කිරීම වැනි අවස්ථාවලදී ඔබෙන් root password එක විමසනවා ඔබ දැක ඇති. මේ නිසා සීමා සහිත privileges ඇති වැඩසටහනක් විදිහට ස්වයංක්‍රීය පරිගනක වැඩසටහනකට Linux පද්ධතියට බලපෑ හැකි වෙනස් කම් කල හැකි වන්නේ නැහැ.

Linux සඳහා වයිරස් ලියවෙන්නේ ඉතා අඩුවෙන් නැත්නම් නොලියවෙන තරම්. ඊට හේතුව එය නිදහස් වීමයි. අපි වින්ඩෝස් සැලකුවොත් එය මිලදී ගත යුතුයි. ඒ නිසයි එයට විශාල වශයෙන් වයිරස ලියවෙන්නේtwisted. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හැමෝටම ඕන වතුර සලකන්න. කව්රු හරි කෙනෙක් ලෝකයේ සියළු වතුර විශාල ටැංකි වලට එකතු කරලා මුදලට ලබාදෙන්න ගත්තොත්? ඔබ ඒ ටැංකියක සිදුරක් විදින්න පෙළඹෙනව නේද? නමුත් වතුර හැම තැනකම ඕන කෙනෙක්ට ගන්න පුළුවන් විදිහට තියනවනම් කාටවත් ඒකට හානි කරන්න ඕන නෑ.

ඒ කෙසේ වුනත් Linux සඳහා වයිරස ඉතා සුළු ප්‍රමාණයක් හරි ලියවෙනව නේද? කොහොමද ඒවගෙන් Linux වලට හානි නොවී තියෙන්නෙ?

අපි හිතමු Linux සහ වින්ඩෝස් සංස්කරණ දෙකක් එකම වෙලාවෙ නිදහස් වුනා කියල. Linux වල කේතය විවෘතයි ඕන කෙනෙක්ට බලන්න පුළුවන්. මේ නිසා ලොව පුරා මිලියන ගණනක් Linux වලට ආදරය කරන්නන් ක්‍රමලේඛකයන් Linux kernel එක බාගත කරගෙන භාවිතා කරනවා,පරීක්ෂා කරනවා. නමුත් වින්ඩෝස් වල කේතය පිටතට ලබා දෙන්නේ නෑ. ඒත් පරිශීලකයාට executable code එක ලැබෙනවා. මෙකෙන් නැවත source code එක ගන්න බැරිද? ඇත්තෙන්ම පුළුවන්. C වැනි භාෂාවකට පවා executable code එක නැවත හැරවිය හැකි tool දැනට තියනවා. ඒත් Microsoft සමාගම මෙලෙස නැවත වින්ඩෝස් කේතය ලබා ගැනීම සම්පූර්ණයෙන් තහනම් විදිහට නීති සකසලයි තියෙන්නෙsad. නීතිගරුක පුරවැසියෙක් විදිහට ඔබ එය නොකරන්න පුළුවන්. ඒත කවුද ඒක කරන්නෙ. වයිරස් ලියන්නන්, හැකර්වරුන් එලෙස නැවත කේතය ලබාගෙන එහි දුර්වල තැන් සොයාගෙන ඒවාට වයිරස් ලියනවාeek. දැන් කව්රු හරි මේ විදිහට Linux වලත් වරදක් සොයාගෙන එතනට වයිරසයක් ලියනවා කියමු. නමුත් Linux කේතය පරීක්ෂා කරන ලොව පුරා අයගෙන් බොහොමයක්ටද මේ දුර්වල තැන හමුවෙවා. එයින් කවුරු හරි එය report කරනව අදාල තැන් වලට(මේ වගේ http://www.kernel.org/pub/linux/docs/lkml/reporting-bugs.html) ක්‍රමලේඛන දැනුමක් ඇති අය මේ සඳහා patch ලියනවා. එයින් සාර්ථක වන ඒවා submit කරනවා. මේ patches අදාල දුර්වල තැනට ප්‍රතිකර්මයක්ද කියල kernel එක develop කරන අය තහවුරු කිරීමෙන් අනතුරුව ඉතාම ඉක්මනි ඒ security update එකක් වදිහට මුළු ලෝකයේම Linux පරිගනක වෙත නිකුත් කරනවා. මේ වන විට එම දොශ සහිත තැනට ලියූ වයිරසය අන්තර්ජාලයට මුසු කර තිබෙන්නට පුළුවන්. ඒත් එය පරිගනක වලට ආසාදනය වීමට පෙර අදාල patch එක ඔබේ පරිගනකට පැමිණ තිබේවිsmile. නමුත් විනිඩෝස් වැනි OS එකකදී එම සමාගමේ සීමිත ක්‍රමලේඛකයින් පිරිසක් ආරක්ෂාවේ සිදුර සොයාගෙන එයට patch එකක් ලියන කොට ඒයට ලියපු වයිරස් ලෝකය පුරාම පැතිරිලා ඉවරයි. ඉතින් මේ විදිහට අශ්වයා පැන යන්න කලින් ඉස්තාලය වහන එක Linux වල සුවිශේෂී දෙයක්.

මේ නිසා Linux is Virus Free යන්න බොහෝ විට පාවිච්චි වෙනවා. මෙම නිසාම ලෝකයේ සුපිරිම පරිගනක 500න් 90% පමණ ධාවනය වන්නේ Linux වර්ගයේ මෙහෙයුම් පදධති වලින්. පහත දැක්වෙන්නේ www.top500.org අඩවිටයන් ගත් තිරපිටපතක්.

ඔබට අවශ්‍ය සෑම දෙයක්ම Linux මත කල හැකිද?


ඔව් වෙනත් මෙහෙයුම් පද්ධති මත කල හැකි බොහෝමයක් දේවල් දෙවල් Linux මත ඉතා පහසුවෙන් වඩා ආරක්ෂාකාරී ලෙස කල හැකියි. ක්‍රමලේඛන කටයුතු සඳහා Linux වඩාත් උචිත බවයි මගේ හැඟීම. පාරදෘශ්‍ය භාවය නිසා මෙහෙයුම් පද්ධතියේ ක්‍රියාකාරීත්වය දකින්න පුළුවන් නිසා පරිගනක සම්බන්ධව ඉගනීමට Linux වර්ගයේ මෙහෙයුම් පද්ධති ඉතා උචිතයි. නමුත්, graphic designing සඳහා Linux මෙහෙයුම් පද්ධති සඳහා මාදුකාංග ඉතා අඩුයි. Flash, 3D max වැනි මෘදුකාංග සඳහා විකල්ප Linux සඳහා තවමත් නැති වීම ලොකු අඩු පාඩුවක්. එහෙත් විවිධ පරිශීලක අවශ්‍යතා උදෙසා සැකසුනු නිදහස් මෘදුකාංග ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් අද ලෝකයේ තිබෙනවා.

Linux Geeksලා සඳහා පමණයිද?

මේක තමයි විවාදයට තුඩු දෙන මාතෘකාව. Linux user friendly නෑ. Software එකක් install කරන්න ගියාම එපා වෙනවා. මේව Linux වලට නැගෙන චෝදනා වලින් කීපයක්. මම දකින විදිහට ලොකුම දේ තමයි ගොඩක් අය වින්ඩෝස් පාවිච්චි කරලා Linux වලට ආවහම ඒ පරිසරයම නොලැබීම නිසා තමයි මෙහෙම කියන්නෙ. ඔව් Linux වල සමහර දේවල් ටිකක් අමාරුයි මොකද Linux වල පරිසරය වින්ඩෝස් වල වගේ abstract නෑ. ඇත්තටම වෙන්නෙ මොකද්ද කියල අපිට දකින්න පුළුවන්. ඒත් සමහර අය ඒකට අකමැතියි තමන්ට ඕන දේ කිව්වහම ඒක කරල දෙනවනම් ඒච්චරයි වෙන්න ඕන. ඒත් Linux වල වැඩකරන අය මේ OS එකක සැඟවුනු යථාර්තය දකිනවා. කොහොමද OS එකක් වැඩ කරන්නේ. කොහොමද මෘදුකාංගයක් වැඩ කරන්නේ. ඒ නිසා Linux වල වැඩ කරන කෙනෙක් ඉබේම Geek කෙනෙක් වෙනවා. ඒක නරක දෙයක් නෙමෙයිනේ?razz ඔබට වැඩි දුරටත් ඉගන ගැනීමට ආස නම් ඒ සඳහා අවස්ථාව Linux තුල තියනවා වගේම එය ලැබෙන්නෙ නොමිලේ....surprised