කැම්පස් එක ගාවට ගිහින් රත්නපුර බස් එකට ගොඩවෙලා අපි මුලින්ම ගියේ රත්නපුර ගෙම්බලාගෙ ගෙදර. රත්නපුර බස් නැවතුමෙත් පැයක් විතර රස්තියාදු වෙලා(ගෙම්බා වෙලාවටම වැඩ කරන නිසා) තව බස් එකකත් නැගල ගිහින් බැස්ස කියමුකෝ. දැන් මෙන්න යනවා මහ කැලේ පාරක පාරෙ අලි නාවන වලවල් ඒ මදිවට අංශක 60 විතර ආනතයි කන්ද. හප්පා ගෙම්බගෙ ගෙදරට යනකොට හොඳ පණ ගිහින්. අපි කාල ඉවර වෙනකොට මාතර ඉඳල ඇඹිලිපිටිය හරහා ආපු සීනත් අපිට සෙට් උනා. ගෙම්බගෙ අම්මට පින් සිද්ධ වෙන්න ඉස්මුරුත්තාවටම කාල අපි ගියා ඒ ළඟ තියන ඇල්ලක නාන්න. අපි යනකොටම වහින්න ලෑස්ති කරල තිවුන නිසා අපිට තේරුනා වැඩි වෙලා නම් නාන්න වෙන්නෙ නෑ කියල. ඡායාරූප එහෙම අරගෙන ඉවර වෙලා යන්තම් වතුරට බැස්සා විතරයි වහින්න ගත්තා.
ඒ එක්කම ක්ෂණිකයෙන් ඇලේ වතුර පාර වැඩි වෙනවා අපිට තේරුනා. එන පොට හරියන්නෙ නෑ. අපි දඩ බඩ ගාලා ගොඩ උනා. මොකද උඩහට කලින් වැහැලනම් විනාඩි කීපයක් ඇතුලත වතුර පාර සෑහෙන්න වැඩිවෙනව කියල ගෙම්බ කියපු නිසා. අනේ හිතේ හැටියට නාන්න හිටිය මදෑ. ගිහින් නාන කාමරෙන් නාගත්ත වෙන මොනව කරන්නද?රෑ අපි ගෙමබලගෙ ට්‍රක් එකේ ගියා මැණක් පතලක් බලන්න.
මේ තියෙන්නෙ පතල. පතලෙ ඉඳල අඩි 25ක් විතර එහායින් ගඟ. සාමාන්‍යයෙන් පතලේ ඉඳලා අඩි 50ක් විතර හැම පැත්තටම දෝනාවල් යනවලු. ඒ කියන්නෙ ගඟ යටිනුත් දෝනාව යනවා. අපේ නම් ඇඟ හීතල උනා. ඒ වුනාට කසි අව්ලක් නැති වෙන්න මුක්කු ගහල ශක්තිමත්ව තමයි දෝනාව කපනව කියන්නේ. අපි ආවෙ හවස එතකොට වැඩ නවත්තලා. මෝටර් නැවැත්තුවාම පතලෙ වතුර පිරෙනවා. ඊළඟට රතනපුර මහ සමන් දේවාලෙ වැඳ පුදාගෙන අපි ආයෙ ගෙම්බගෙ ගෙදර ආවා. මේ ගෙම්බගෙ අම්මා තාත්තා එක්ක අපි කට්ටිය.
පස්සෙන්දා බදුල්ල බස් එකකට ගොඩවෙච්ච අපි කට්ටිය ගියේ බණ්ඩාරවෙලට. අපි ඒ පැත්තට යනකොට සීනා අනිත් පැත්තට යන බස් එකක නැගලා කොළඹ ගියා. වහාම ක්‍රියාත්මක වන පරිදි තමා හමුවෙන්න කියල උගේ පවුල නියෝගයක් පනවල කියලයි කට්ටිය නම් කිව්වේ. අපි බණ්ඩාරවෙලට ගිහින් එතනින් වැලිමඩට ගියා. එතනින් නුවර එළියට. අන්තිමට නුවර එළියට එනකොට හවස 3 විතර. අපි ලොකුම බලාපොරොත්තුවකින් හිටපු අත්දැකීම කූඩාරමක් ගහගෙන රෑ ඉන්න අවශ්‍ය දේවල් අරගත්තා. අපේ කට්ටිය කුකුලෙක් එහෙමත් අර ගත්තෙ බාබකිව් දාන්නනේ. රෑ කෑමට පාන් බටර් එක්ක. ලාම්පුතෙල් බෝතලයක් එහෙමත් අරගෙන අපි පට්ටිපොල බස් එකට නැග්ගා. අපි කෑම්ප් එක ගහන්න ලෑස්ති කලේ කන්දෙ ඇළ රක්ෂිතය කියන තැන. මෙතන වැවක් තියනවා.

මේ අතරෙ ගිනිමැලෙත් ගැහුවා. මේක ගහගත්තට පස්සෙ තමයි. අත පය ටිකක් රත් කරගත්තෙ. නැත්තම් ගල් වෙලා වගේ හිටියෙ. නුවර එළියෙනේ. දැන් ඔන්න කට්ටිය අර ගෙනාපු කුකුළව කොටුවක ගහගෙන ඌට දස වද දෙනවා. හෆොයි මැරිලා වත් ඌ විඳින වද ඉවර නොවෙච්ච හැටි. මම නම් ඕවට නෑ. බටර් එක්ක පාන් කෑල්ලක් කෑව මම. මට ඒ ඇති. කෑම ගැන එච්චර වද වෙන මිනිහෙක් නෙමේ මම. ඊට පස්සෙ ඉතින් රෑ 2 විතර වෙනකම් ආගිය කතා සින්දු තමයි.
ඔන්න 2 විතර වෙනකොට අපිව අයිස් වෙන තරමට හීතලයි. ඇරත් වැවක් ලඟනේ. ගිනි මැලේ එහෙම නිවල කූඩාරම් දෙකට රිංගුවා නිදාගන්න කියල. මොන නිදාගන්නවද. වෙව්ලනවා. නින්ද යාගෙන එනකොට වැරදිලාවත් කකුල කූඩාරම් රෙද්දෙ වැදුනොත් උඩ ගිහින් ඇහැරෙනවා.
එතනින් අපි ගියේ වැලිමඩ අත්තාගෙ ගෙදරට.එහෙට යනකොට හවස් වෙලා. දවල්ට කාලා අපි ගියා දිය ඇල්ලක් බලලා නාලා එන්න. හවස් ජාමෙ කැලේ මැද්දෙ දිය ඇල්ල බලන්න යනකොට පාර වැරදුන නිසා අපිට දිය ඇල්ල කිලෝමීටරයක් විතර දුරින් බලලා ආපහු එන්න උනා. ආ නාන්නනේ හිටියේ කලින් රත්නපුරදිත් නාන්න බැරි වෙච්ච නිසා අපි හිටියේ පැය කීපයක් නාන්න. ඒ උනාට වතුර බැහැපු ගමන් කට්ටිය දුවගෙන යන්නෙ ගොඩට. මොකද දන්නවද? මේ හරිය වැලිමඩ උනාට ඇලේ වතුර එන්නෙ නුවර එළියෙ ඉඳන්. වතුර අයිස් වගේ. මොනව කරන්නද වෙව්ල වෙව්ල පැය බාගයක් විතර වතුර ගහගෙන දඟලලා එන්න පිටත් උනා. අපිට කෑම උයල දීල සංග්‍රහ කරපු අත්තගෙ අම්මා තාත්තා අක්කාවත් මතක් කරන්න ඕන. වැලිමඩ ඉඳන් කොළඹට ගමන ලේසි නෑ කියල දන්නව ඇතිනේ. රෑ 10.30 බස් එකේ නැගපු අපි අඩ නින්දේ කොළඹට එනකොට 7.30යි. ඔන්න අපේ ට්‍රිප් එක ඉවරයි.
නියමයි...ඔන්න මේක කියවද්දි මමත් ඔයාලත් එක්ක නුවර එළියේ ගියා.මමත් ආසයි කැම්පින් සින් එකට එත් කොහෙද එකට හරියන සෙට්එකක් මට නැහැනේ.
ReplyDeleteනියම ට්‍රිප් එකනේ මචං. අර බාබාර්කිව් එකත් නැගලා ගිහින් වගේ..:P
ReplyDeleteමැක්සා නේ බං..
ReplyDeleteපට්ට ට්‍රිප් එකක්නේ ගෙහුං තියෙන්නෙ :)
@all
ReplyDeleteයා යා ට්‍රිප නම් මැක්සා. අපි ඉතින් කාටවත් කරදරයක් නෑනේ. ගියා සිංදු කිව්වා නැටුවා අපේ පාඩුවේ පිස්සුවක් කෙළියා ආපහු ආවා.
බාබකිව් නම් ඉතින් අපෝයි. මම කිව්වනේ මම ඒකට නෑ කියලා. ඒ කුකුළා නම් පෙර ආත්මෙක සෑහෙන පවක් කරපු එකෙක්.