"2008 සැප්තැම්බර් 15 දින මුලින්ම කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය නම් කෙම් බිමට පා තබා ඉන් දෑ අවුරුද්දකුත් සා මසකට පසු ඒ සොඳුරු ඉමෙන් සමුගෙන වෙන්වී යන 2007/2008 කණ්ඩායමේ මගේ දයාබර සහෝදර සහෝදරියන් වෙනුවෙන් මේ සටහන තබමි"
(ඉහත නිසඳැස බවනෙ කවි පුවරුවෙන් උපුටා ගත්තක් බව සලකන්න)
දෛවයේ නියමය අනුව නුඹත් මාත් අපි සියල්ල ජීවිතයේ එක් මං සන්ධියක එකම තැනකට ආවෙමු. අපි සියල්ලන්ගේ පිනට ඒ තැන කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනය නැතිනම් UCSC ය නම් පින් බිම විය. එක කුස නූපන්නද අපි සහෝදරියන් සහෝදරයින් වීමු. ලබැඳියවුන් වීමු. ලංකාව පුරා සිට පැමිණ කොළඹ ගෙන්දගම් පොළවේ පය ගසා පවුලේ අය නෑදෑයින් කිසිවෙක් නැතිව ජීවත් වෙද්දී අපි එකිනෙකාගේ දුක සැප බෙදාගන්නට පුරුදු වුනෙමු. මෙතෙක් කල් අප සැම එක්ව කල කී දෑ බොහෝය මේ එයින් බිඳක් යලි මතකයට ගෙනෙන්නට දරන වෑයමයි.
එක පුටුවේ තුන් හතර දෙනා වාඩිවී පලු යනකම් බැනුම් ඇසූ කාලය අපිට තාමත් මතකය. චිත්තීගේ බලු කතාව, ලකයා "ටොමැක් එකේ කෑම රසායි" යනුවෙන් කෑගැසූ හැටි, සාදුගේ කාලීන බණ, හිරේගේ සමිතිය, රම්බෝගේ මගුල, එකී මෙකී නොකී තව බොහෝ දේ අපි අදටමත් සිනහ මුවින් මතක් කරන්නෙමු. අපේ activity day එක. ඒ අපේ කුළුඳුල් function එක. චිත්තීගේ පිළිගැනීමේ කතාව(ඒ කතාවෙන් උපුටා ගෙන ලියපු මේ කොටස ගත්තේ අපේ හූනා(කළණ)ගේ මූණු පොතෙන්)
රම්බෝගෙ නාට්‍ය, කුමාර සන්නිය, රුවිතෙට යාම වැනි අංග බොහොමයක් නිතැතින්ම නරඹන්නන් සිනහ ගැන්වූවා. කාගෙත් අව්‍යාජ උත්සාහයක උපරිම ප්‍රතිපලය උනු moreආතල්இலவசம் අදටත් අපේ මතකයන් තුල සිටිමින් අපේ මුවට සිනහවක් එකතු කරන්නේ ඒ නිසයි. ඒ වගේම freshes meet, faculty meet දෙකේදිම දාස් ගණන් ඉන්න අනික් faculty සියල්ල පරදා පළවෙනි තැන ගන්න UCSC අපේ සුළු පිරිසට හැකි උනේ UCSC පවුලේ ශක්තිය පුද්ගලයන් ගණන ඉක්මවා ගිහිපු අපේ කම කියන හැඟීම නිසා වෙන්න ඇති.
සපත්තු දාල කමිසෙ යට කර එතෙක් කල් ආ නවක අපිට සාමාන්‍ය කැම්පස් සංස්කෘතියට එකතු වෙන්න ලැබුනෙ බකට් එකෙන් පස්සෙ. බකට් කොන්සට් එකෙන් පස්සෙ පිට්ටනියෙ වාඩිවෙලා අයිස්ක්‍රීම් කාලා නොහිතාපු විදිහට වතුර බෑග් ප්‍රහාරයකට ලක්වෙච්ච විදිහ. ඉන් පස්සෙ ඉතින් අයියලා එකා එකා උස්සන් ඇවිත් නාවලා යවන්නත් අමතක කලේ නෑ. පැය තුනක් විතර වතුරත් එක්ක දඟලලා වතුර බේරෙන ඇඳුම් පිටින් බස් එකේ ගිය හැටිත් අදටත් මතකයි.
ශ්‍රමදානය අපේ UCSC ය වෙනුවෙන් අපි කරපු පළවෙනි දේ. වෙනදට වැස්ස දවසට අඩිය තියන්න බැරි බවනෙ දකුණු පැත්තෙ අපි හදපු අළුත් පාර, ඇන උයනට එකතු කරපු අළුත් පච බංකු, බවන ඉස්සරහ ගල් ඇතුරුම 2007/2008 කණ්ඩායමේ අපි ගැන හැමදාම සාක්ෂි කියාවි.
අපිට අයියලා දීපු sports day එක තවත් සුන්දර මතකයක්. පැය ගණන් බොංගො ගහමින් සින්දු කියපු ඒ වගේ නිදහස කාලයක් ආයෙ එන්නෙ නෑ. UOC cricket team එකේ වතුර අදින අපේ ලකයට හිතේ හැටියට සෙල්ලම් කරන්න ලැබුනෙ එදාය. බැට් එකෙන් ගහල ඒ මදි වෙලා බැට් එකේ මිටෙනුත් ගහල අන්තිමට සෙරෙප්පුවෙනුත් පන්දුවට පහරදුන් අයුරු මතකය. පිටි පිඟානෙන් කාසිය හොයාගන්න ගිහිපු අයට වෙච්ච දේ කාටත් මතක ඇතිවාට සැක නැත. බම්බගේ මූණ වෙස් මූණක් වෙලා තිබුනු බව නම් මගේ මතකයේ පැහැදිලිව ඇත.
2008 දෙසැම්බර් 20 ඒ අපිව UCSC පවුලට නිල වශයෙන් පොඩි එවුන් නැත්තම් 1st years ලා විදියට එකතු කරගනිමින් අයියලා අක්කලා අපිට දීපු Welcome එක. බ්‍රයන් අයියා Hotel California සින්දුව කාපු හැටිත්, හර්ෂ අනුරාධ අයියා ලනුවකින් බහින්න ගිහින් වෙච්ච අකරතැබ්බයත් අපි තාමත් මතක් කරන්නෙ හිනා වෙවී. එදා සම්මාන දිනාගත්තු අපේ අය අතර කන්නා(ලහිරු) - දෙනගම සම්මානය වගේම තව ගොඩක් අය සම්මාන දිනා ගත්තා. Welcome එකේදි අපිට දීපු සිහිවටනයේ මේ අකුරු පෙළ සටහන් කර තිබුනා "අපව දෙටු කල අපේ කණිටුවන් නියත විවරණ ලද වගයි". ස්තූතියි අයියේ අක්කේ...
පිරිත. හැම අවුරුද්දකම UCSC යේ නිර්මාතෘ දිවංගත මහාචාර්ය වී.කේ. සමරනායක ගුරුතුමා සිහිකරලා පිරිත් පිංකමක් පැවැත්වෙනවා. මේකෙ බර දන්නේ පළමු වසර අය. කැටයම් පිරිච්ච තොරණක්, වියන සහ දෙපස කැටයම් දහස් ගණනකින් අලංකාර කරපු පිවිසුම් මාර්ගයක්, ගල් කැටයම් පවුරක අනුරුවක්, කොරවක් ගල් සහ සඳකඩ පහන වගේම සියුම් කැටයමින් පිරුණු නෙළුම් මලක හැඩය ගත් පිරිත් මණ්ඩපය මේ සියල්ල අලංකාරව නිම කරන්න අපේ කවුරුත් එක වගේ මහන්සි වුනා.
සති තුනකින් අපි ඉවර කරපු ඒ කාර්ය ඒ වගේ දෙතුන් ගුණයක ශ්‍රමය තිබුනත් වෙන කාටවත් කරන්න බෑ ඒ අපි ලඟ වෙන කවුරුවත් ලඟ නැති දෙයක් තිබුන නිසා. අපේ වැඩක් අපේ අය වෙනුවෙන් කැපවෙලා කරන්න කවුරුත් පහුබැස්සේ නෑ. නිදි නැති රෑ ගෙවපුවා ඕනෑතරම්. UCSC ය වෙනුවෙන් නුඹලා කරපු කැපවීම විශිෂ්ඨයි මගේ සහෝදර සහෝදරියනේ. ඒ කැපවීම නිසා කොළඹ විශ්ව විද්‍යාලයේ පිරිතක් කිව්වොත් පිරිත කව්රුත් මතක් කලේ UCSC යේ පිරිත. මාර්තු 28 වෙනිදා පැවැත්වුනු අපේ පිරිස සිරස ප්‍රධාන ප්‍රවෘත්ති වලින් පවා විකාශය කලා.
2009 සැප්තැම්බර් වෙනකොට අපි දෙවස වසරට පා තියනවත් එක්කම අපිට නංගිල මල්ලිලා කට්ටියකුත් UCSCයට ගොඩවුනා. සරසවිය නම් පොතේ අ යනු ආ යනු කියා දී අපි නුඹට පාර පෙන්වූ වග අපට විශ්වාසයි.
අපේ පොඩි එවුන් වෙනුවෙන් අපි සංවිධානය කරපු sport day එක. අපේ හැම function එකකටම වැටුනු ආශීර්වාද වැස්ස එදත් ඇද වැටෙන්න අමතක කරේ නෑ. කලින්දා හවස ඉඳන්ම එක සීරුවට වැස්ස වැටුනත්. stage ගහන්න වැටවල් බඳින්න තව දහසකුත් එකක් දේවල් වලට එක්කෝ නිකම්ම තෙමි තෙමි නැත්තම් ෂොපින් බෑගයක් ඔළුවෙ බැඳගෙන අපේ උන් එහෙ මෙහෙ දිව්වා. අන්තිමට රෑ එළි වෙනකම්ම වැහැපු වැස්ස නතර උනේ පස්සෙන්දා උදේ 5ට විතර. යන්තම් ඇති අපේ අයගේ ඇඟට ලේ ටිකක් ඉනුවා. අපේ ප. අයියාගේ ලස්සන කඳවුරු ගිනිමැලෙත් එක්ක පළමු වතාවට sport day එකේ මල්වෙඩි ඉහලට නැගුනා.
70 දශකෙන් පටන් ගෙන වර්තමානය වෙනකම් ගලාගෙන ආපු අපූරු Welcome එක කාටත් මතක ඇති. එල්ලෙගෙයි බට්ටිගෙයි ජීවන මේ ගමන සංසාරෙන් පටන් අරන්, කිරාගෙ ගඟ අද්දර දිගේ ඇවිත් අත්තගේ මල් පිට මල් වැටෙන දිගු මාවතට ගොඩ වෙලා බොහොම ලස්සන ගීත ගමනක් අපි ගෙනාවා. ගෙම්බා, මංගො, එල්ලේ, කොයිල්, කුණ්ඩු,සූටියා, පොත්තා, සීනා, කංකුන්(මම නම් ඕකෙ හිටියෙ නෑ) පරණ විකට ගීත පෙළකට කරපු නර්තනය කවුරුත් මතක් කලාලු. හුරේල ජිකාලගේ නාට්‍යත් සිරා කියල තමයි කට්ටිය කිව්වේ. වැදෙන්න ඕන තැන් වලටත් වැදුනලුනේ. අපිට බුදු සරණයි නාට්‍යත් නැගල ගියා. තම ගොඩක් දේවල් තිබුනා. වේදිකාවේ කාලය අතීතයෙන් වර්තමානයට වෙනස් වෙනකොට පසුතලයත් වෙනස් උනා කියන්නෙ. 2007/2008 අපේ සෙට් එකේ වැඩ තමයි.
සාමාන්‍යයෙන් Welcome එකෙන් පස්සේ campus එකේ බැච් එකක කරන දේවල් ඉවරයි. ඉන් පස්සේ තියෙන්නේ බුක්ති විඳින්නයි. කව්රුත් බොහොම අමාරුයි වැඩ වැඩියි කියන තුන් වෙන් වසරේ UCSC යේ කවදාවත් නෙකෙරිච්ච ඒත් අපි ගොඩක් කාලෙක ඉඳන් කරන්න ඕන කියල හිතන් හිටපු දෙයක් කරන්න අපි බැචාලා අත ගැහුවා. අපි සංවිධානය කලත් UCSC පවුලේ හැමෝගෙම සහයෝගයෙන් සැබෑ වුනු ඒ හීනෙ තමයි ifo++. ගොඩක් අය කරන්න බෑ කියපු දේ අපි කලා බොහොම ලස්සනට කලා. අපි කකුලෙ එල්ලිලා පහලට ඇද්ද උප කුලපතිතුමියටත් අපේ ශක්තිය පෙන්නලා අපි ඒ කාර්ය කලා. මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රදර්ශන අංග විශාල ගණනක්, පරිගණක කෞතුකාගාරයක්, පාසල් සිසුන්ට ගුරුවරුන්ට දේශන, මව්පුවරුවකට ආකෘතියට සැකසූ අධ්‍යාපන කලාපය සහ තවත් බොහෝ දේ ifo++ තුල තිබුනා. පාසල් සිසුන් 3000කට ආසන්න ගණනක් සාමාන්‍ය ජනයා 25000ක් පමණ ifo++ නැරඹුවා. UCSC මවට අපෙන් දුන් අවසන් ත්‍යාගය තමයි ඒ.
2011 පෙබරවාරි 11 එදා තමයි 2007/2008 අපේ අය ලියපු අන්තිම විභාග ප්‍රශ්න පත්‍රය පැවැතුවුනේ. එනම් UCSC ය තුල අපේ අය එකතු වෙන අන්තිම දවස වුනේ එදා. අවුරුදු දෙකහමාරකදි අපි ගොඩක් දුර ආවා. UCSC යට එනකොට අපි සමාජෙට පොඩි ළමයි. සොඳුරු සරසවියෙන් අපි ගොඩක් දේවල් එකතු කර ගත්තා. ජීවිතයට අත්දැකීම් අරගත්තා. විනෝද උනා. පිස්සු නැටුවා. ඒ කාලය ඉතින් ඉවරයි. බවනෙ සිංදු කියපු කාලෙ, පච බංකු වල කයිය ගහපු කාලෙ, කොමන් එකේ කැරම් ගහපු කාලෙ ඒ කාලය දැන් අපේ පිටි පස්සෙන්. ජීවිතේ එක මන්සන්ධියකදි හමුවුනු අපේ එවුන්ට දැන් වෙන් වෙලා යන්න වෙලා. අපි ගියත් අපි කල කී දේ අපේ මතකයන් UCSC ය පුරාම හැමදාමත් ජීවත් වේවි.
"සබඳ, නුඹත් මමත් එක මවගේ දරුවන් වීමු. UCSC ය අපගේ මව විය. ඇගේ ඇකයේ නුඹත් මමත් හිනැහුනු කාලය අහවරය. වෙන්ව ගියත් නුඹත් මමත් ගොඩනගා ගත් ඒ සෙනෙහසේ බැමි නොබිඳෙන බව නම් විස්වාසය. හමුවෙමු යම් දිනක ඒ සොඳුරු මතකය යලි අවදි කරන්නට. ආයුබෝවන් UCSC මවුනි......"
දුකද? :)
ReplyDelete//"අපව දෙටු කල අපේ කණිටුවන් නියත විවරණ ලද වගයි"//
මේක නෙමෙයි මුලින් දාන්න හිටියේ. වෙන එකක්. ඒත් තේරුම් ගැනීමේ කැපෑකුටිය අනුව අපි ඒක ගොඩක් වෙනස් කලා.
අපි පහුගිය අවුරුදු දෙකහමාරතුල ලොකු event ගණනක් සංවිධානය කලා, සහභාගි වුණා. මෙතන නොකියවුණු, ඒත් අපේ ශ්‍රමදායකත්වය ලබාදුන්නු ගොඩක් දේවල් තියෙනවා. ඒ හැමදේකම අපේ බැච් එකේ දාඩිය මහන්සිය ගැබ් වෙලා තිබුණා.
ReplyDeleteඅපේ කැම්පස් එකේම සමහර ෆැකල්ටි තමන්ගේ event වල සැරසිලි පිට ආයතන වලින් කරවගනිද්දි, කලාවට කිසිම සම්බන්ධයක් නැති උපාධියක් හදාරන අපේ එවුන් දවස් ගණන් මැරීගෙන කැටයම් කැපුවා, පිරිත් මණ්ඩප හැදුවා, තොරණ් හැදුවා. ඒ නිසයි අපිට ඒ දෙවල් වල වටිනාකම හැමදාමත් දැනෙන්නේ.
ඒ හැමදෙයකින්ම අපේ ජීවිතවලට මොනවාහරි දෙයක් ඉතුරු වුණා.
වෙලාවකට තරහ වෙන්න ඇති, බැණගන්න ඇති.. ඒත් අවුරුදු දෙක හමාරකට පස්සෙත් අපිට එක එකාව දාල යන්න බැරි තරමට, කැම්පස් එක දාල යන්න බැරි තරමට ඒ බැඳුණු බැඳිම ශක්තිමත්.
මෙයින් පස්සෙ අපි හැමෝම වෙනස් මාවත් වල ගමන් ගන්න පටන් ගනීවි, ඒත් ලෝකෙ කොහේ හිටියත් මේ මතකය හැමදාමත් එහෙමම තියේවි. මොකද ආපු මුල් දවස් වල ඉඳලා දැනෙන 'අපේ' කම අනිත් හැම දෙයකටම වඩා ප්‍රබල හින්දා...
ඇත්තටම කොහෙන් පටන් ගෙන මොනවා ලියන්නද කියල මට තම තේරෙන්නෙ නෑ ... උඹ සිරාවටම මෙක ලියල තියනවා.. පුරා අවුරුදු 2 1/2 ක මතකය නැවත අලුත් කලා... කියවල ඉවර වෙද්දි මහ අමුතු දුකක් දැනුනේ... තව එක දෙයක් .. මොන්ටිසොරි කාලේ යාලුවා වුනු උඹව අවු14 විතර පස්සේඅ මුන ගැස්සුවෙත් මේ UCSC එකෙදිමයි.. තවමත් හිතා ගන්න බෑ මොනව ලියන්නද කියලා...
ReplyDeleteඅපූරුයි මචං... අපේ ඒ සොඳුරු මතකය මෙසේ සටහන් කලාට ඔබට බොහොමත්ම ස්තූතියි...
ReplyDeleteමේ සටහන කියවා අවසන් වෙද්දි මගේ ඇස් කඳුලින් පිරී ඇති බව මට දැනේ. මක් නිසාද යත් මෙවන් සුන්දර කාලයක් නැවතත් ජීවිතයේ ලැබිය හැකියැයි කිසිදා බලාපොරොත්තු විය නොහැහි නිසා...
What is this font ?
ReplyDeleteCannot read your doc. (the Post only)
Others are O.K
@Migara
ReplyDeleteBlogger වල යම් දෝෂයක් නිසා post එකේ අන්තර්ගතය කියවන්න බැරි විදිහට වෙනස් වෙලා තිබුනා. බොහොම අමාරුවෙන් හොයල හොයල අන්තිමේදී මගේ browser එකේ cache වෙලා තිබුන copy එකකිනුයි මේක recover කලේ. දැන් ප්‍රශ්නය නිවැරදි වෙලා ඇති. කණගාටුයි සිදු වෙච්ච දෝශයට.
ela ela loweth mathakai e kale machan
ReplyDeleteමල්ලි උඹේ පෝස්ට් එක දැකල මගේ මතකයන් ආපහු අළුත් වුණා.
ReplyDeleteකාඩ් සෙට්එක නම් දිගටම යනව වගේ.
@චමිල අයියා
ReplyDeleteදුකදත් අහනවා. අවුරුදු දෙකහමාරක් ගිහිපු ඉක්මන.
@කලණ
ඔව් මචං. තව ලොකුම දෙයක් තමයි මෙච්චර කල ඉඳලා අද එලියට යනකොටත් අපේ බැච් එක එකට ඉන්න එක. අපිට ප්‍රශ්න තිබුනා අපි ඒව බැච් එක ඇතුලෙම විසඳ ගත්තා. බැණගෙන කෑ ගහගෙන ඒව නැතුව නෙමෙයි. ඒත් හැමදාම අපි එකා වගේ එකට හිටියා. අපි වෙනුවෙන් UCSC එක වෙනුවෙන්. ඒ වෙනුවෙන් අපි හැමදාම නැගිට්ටා. බැච් එක විදිහට බොහොම ආඩම්බරයි ඒ ගැන.
හැබැයි අපෙන් පස්සෙ අපි ආරක්ෂා කරපු අපි ආදරේ කරපු UCSC එකේ සංස්කෘතිය විනාස වෙයි කියලා දැනෙන කොට ඇත්තටම හිතට දුකයි.
@ක්‍රිෂාන්
ස්තූතියි යාළුවා
@තුසිත
එළ මචං
@අයේෂ්
හ්ම් ඇත්ත
@නුවන් අයියා
මේ ලස්සන සංස්කෘතිය අපිට උරුම කලාට ඔයාලට බොහොම ස්තූතියි.
එල කිරි -- අපේ ආදරණීය මතකය - එපමනයි ඉතුරු වුනේ
ReplyDeleteඅන්තර්ජාල පහසුකම් නැති නිසා අද තමයි post එක කියවන්න ලැබුණේ. හ්ම්ම්... ඒ අතීතය හැමදාමත් සුන්දරයි මචං...
ReplyDeleteජයවේවා!!!
හැමෝම එකතු වෙලා කරපු දේවල් ගැන ගොඩක් සතුටුයි. ඒ දේවල් ආයෙත් මතක් කරපු තරිකයටත් ස්තූතුයි. අපේ කට්ටිය කරපු දේවල් මතක් වෙන කොට තියන සතුට නිසා යන එක ගැන තියන දුක අමතක කරන්න පුළුවන්.
ReplyDelete@තටයා @බම්බා
ReplyDeleteඑළ මචං. හොස්ටල් එකේ ගත්ත ආතල් නුත් අමතක නෑ ඉතින්.