Thursday, May 27, 2010

ආගිය විස්තර : පශ්චාත්තාපය : Roswell සහ ජීවිතය

ආගිය විස්තර :

ගොඩක් කාලෙකට පස්සෙ සටහනක් ලියන්නයි යන්නෙ. පහුගිය ටිකේ සටහනක් ලියන්න තරම් ඉස්පාසුවක් තිබුනෙම නෑ. ලිනක්ස් ගැන සටහන් පෙළ නැවැත්තුව කියල හිතන්න එපා. කාර්ය බහුලකම නිසායි ලිපියක් ලියන්න බැරි උනේ. ඒ වගේව පොඩි විරාමයක් ගත්තොත් හොඳයි කියලත් හිතුනා. ඕන නම් ඊළඟ ලිපිය ගැන අදහසක් දෙන්නම් කෝ. ලිනක්ස් Shell Command ගැනයි ඊළඟ ලිපිය. ඉතින් එතනින් ගියාම පහුගිය කාලෙ භක්ති ගීත කිව්වා. භක්ති ගීත කියනව කියල අපේ assignments එහෙම cancel කරනව කියලද. පිස්සුද? Assignment 3ක් තියාගෙන තමයි වාදක මණ්ඩලෙයි සින්දු කියපු අපියි පුහුණුවීම් එහෙම කලේ. අර මරණ තුනක් ඇති මිනිහෙක් පැණි කෑය කියන එක, Assignment තුනක් ඇති මිනිහෙක් භක්ති ගීත කීය කියල සංශෝදනය කලොත් මොකද?
මේන් භක්ති ගීත කියපු දෙවන වසර අපේ කට්ටිය. නම් නොකිව්වොත් තරහ වෙයිද දන්නෙ නෑනෙ. ඔන්න වමේ ඉඳලා. ඉස්සරහම ඉන්න දෙහි ගෙඩි දෙකක් වත් උස නැති කෙල්ල කටූ ඊළඟට කිංකිණි, චිං චිං, සූදු, බට්ටී, බඩී ආයෙ කොල්ලොන්ගෙන් මුලින්ම මාට්ටු හෙවත් සයිකො, කොයියා, සාදු, පොක්සන්, මම සහ වෑන්ටි සර්.
මේ වැඩේ සංවිධානය කල අයත් අමතක කරල බෑනෙ. අපේ J.J. මකා හෙවත් නදීර තමයි මූලික වෙලා වැඩකලේ. වෙලාවට වැඩක් නොකලට(8ට වරෙන් කිව්වාම 10ට විතර ආවට) අපේ මෂියර්(තරිඳු)ත් මේකට සෑහෙන උදව් කලා.


පශ්චාත්තාපය :



මම මේ සම්මජ්ජාතියෙ දැකපු පතරංගම Assignment එක පහුගිය දවස් වල Introduction to programming Languages කියන එකට පහුගිය දවස්වල හම්බ උනා. ක්‍රමලේඛනය ගැන යම් දැනුමක් තියන අය දන්නවා ඇතිනේ code එකක් ලියලා එක් compile කරනකොට code එකේ වැරදි තියනවනම් පෙන්නව. ආන්න ඒ දේ කරන්න අවශ්‍ය වෙන Lexical analyzer, parse tree සහ symbol table කියන දේවල් C හෝ C++ වලින් implement කරන්නයි තිබුනේ. මුලින් ලේසියි කියල හිතුවට පස්සෙ කරන්න ගියාම මේක පට්ට අමාරුයි. ඇඬෙනවා. theory තේරුම් ගැනීමේ දෝශයි ඇත්තටම තිබුනේ. Lectures cut වුන ඒවගෙ පාඩුව එතකොට තමයි තේරුනේ. මට නම් symbol table එක ලියන්න උනේම නෑ. parse tree එකත් හරියට ලිව්වා කියල හිතුවට අන්තිමට segmentation fault එකක් එනවා කොහෙන්ද කියල හිතාගන්න බෑ. කොහොමින් කොහොමින් හරි මාරක රේඛාවට විනාඩි 20ක් විතර තියල මම කරපු කොටස submit කලා. මේ කැම්පස් ජීවිතේ coding කරන්න දීපු assignment එකක් බාගෙට submit කලාමයි ඔය. සෑහෙන්න පසුතැවෙනවා ඒ ගැන. තව මම හිතාගත්තු දෙයක් තියනවා. දැකල තියනවද සමහර compilation errors පෙන්නන තැන නෙමෙයි තියෙන්නෙ සමහර විට විකාර errors දෙනවා. ඒ වගේ වෙලාවට කේන්ති යනව නේද? මම නම් ආයෙ එහෙම කේන්ති ගන්නෙ නෑ ආයෙ. මොකද compiler එකකින් 1/4 ක් ලියන්න අපිට මෙච්චර අමාරු උනානම් ඔක්කොම ලියන එක කොච්චර අමාරු ඇද්ද?


Roswell :

ජාතික රූපවාහිනියේ ගිහිපු Roswell TV series එක බැලුවද? මම A/L කාලේ බලපු රූපවාහිනී වැඩසහටන් දෙකෙන් එකක් තමයි Roswell. අනික මොකද්ද දන්නවද? X files. Roswell කියන්නෙ මනුෂ්‍ය DNA මගින් නිර්මාණය කල ශරීර වල ජීවත් වන Max , Isabel සහ Michel කියන පිටසක්වල ජීවීන් වටා ගෙතෙන කතාවක්. මේ කතාවට Max ගේ පෙම්වතිය විදිහට Liz නුත්(කතාවෙ ප්‍රධාන වෙන්නෙ මේ දෙන්නා) Michel ගේ පෙම්වතිය විදිහට Maria ත් Isabel ගේ මුල් පෙම්වතා Alex සහ පසුව සැමියා Jessyත් පලාතේ sheriff වන Jim සහ ඔහුගේ පුත් Kyle ප්‍රධාන චරිත විදිහට එකතු වෙනවා. ආදරය තාස්‍රය එක්ක ජීවිත කාලයක් ගලාගෙන යන කතාවක් තමයි Roswell. මේකෙ series 2ක් රූපවාහිනියේ පෙන්නුවත් 3 වෙනි එක පෙන්නුවේ නෑ. මන්දා ඒ ඇයි කියල. මට මේ ලඟදි අපේ බට්ටි ලඟ තිබිල 3වෙනි කොටස හම්බුනා. ඉතින් subtitle නුත් වැඩි අපහසුවක් නැතුව ලැබුනා. මම ඉඩ තියන තියන වෙලාවට බොහොම ආසාවෙන් මේක බලලා ඉවර කලා. කතාවෙ අවසානය ඔවුන් ඉවර කරන්නෙ happy ending එකක් විදිහට උනාට මට නම් එහෙම දැනෙන්නෙ නෑ. කතාව ඉවර වෙන්නෙ Max එක්ක විවාහ වෙන Liz මගුල් ඇඳුමින් Roswell වලින් ඉවතට යන අනෙත් අය ඉන්න රථයට ගොඩ වෙලා කියනවා. I am Liz Parker and I am Happy කියල. මේ කට්ටිය අන්තිමට Roswell අතඇරල යනවා මොකට ඔවුන්ට දිගින් දිගටම විඳින්න වෙන කරදර නිසා. මේ යන කොට ඔවුන් ගොඩක් තමන් ආදරය කරන අය අතඇරලයි යන්නේ. Alex මිය යනවා, Max සහ Isabel ඔවුන් හදා ගත්තු දෙමව්පියන්, Kyle තමන්ගෙ තාත්තා Jim, Isabel තමන්ගේ සැමියා Jessy මේ වගේ ගොඩක් අය ඔවුන් දාලයි යන්නේ. කාලෙක් ඉඳල ඔවුන් ඔවුන්ගේ ජීවිත එක්ක ජීවත් වීම සඳහා ගැටුනත් ඔවුන්ට කවදාවත් ඒක ජයග්‍රහණය කරන්න ලැබෙන්නෙ නෑ. අපි හැමෝගෙම ජීවිතත් ඒ වගේ නේද? අපිටත් කවදාහරි දවසක අපි ආදරේ කරන අයත් ආස කරන දේවලුත් හැමදෙයක්ම දාල යන්න වෙනව නේද? ඒකයි ලෝක ස්භාවය. ඒත් අපි අනෙක් අයට, ලෝකයට යමක් කරල තිබුනොත් ඒක අපිට ඉතිරි වේවි.

එහෙනම් ගිහින් එන්නම් ආයෙ හමුවෙමු.

10 comments:

  1. මරු පෝස්ට් එක අයියෙ...අර ඔයාගෙ භක්ති ගීත කියපු යාලුවන්ගෙ නම් ටික නම් එලම තමයි

    ReplyDelete
  2. @හසිත
    නම් නෙමේ කොල්ලො ඒ කාඩ්. අපි ඉතින් නම් කියල තමයි කියන්නේ කැම්පස් එකේදි.

    ReplyDelete
  3. අයියේ මාත් රොස්වෙල් බලන්න හරි ආසයි>> එක නිසාම සිසන් 3ම සල්ලි දිලා ගත්තා.. කියලා වැඩක් නැහැ ඉවර වෙන විදිය නම් අන්තිමයි!!! කිසිම තෙරුමක් නැති විදිහටයි ඉවර වෙන්නේ...
    අනිත් එක සිසන් 3 එක දාලා නැත්තේ පොඩි අයත් ට්ව් බලන නිසා වෙන්න ඇති (මං කතා කරන්නේ ඉසබෙල් කසාද බැන්දායින් පස්සේ වෙන සින් ගැන!!)

    ReplyDelete
  4. Roswell season 3 අතරමග නවත්තලා තියෙන්නේ budget එකේ ප්‍රශ්නයක් ගිහිල්ලලු. ඒකයි කතාව හරියට ඉවර වෙන්නේ නැත්තේ...

    ReplyDelete
  5. භක්ති ගීත නම් බලන්න එන්න බැරි උනා.. එත් assignment ගැන නම් කත කරල වැඩක් නෑ... තව 2ක් තියනවනේ කරන්න......

    ReplyDelete
  6. @මීයා
    අපොයි ඇයි සල්ලි දීලා ගත්තේ. මෙච්චර torrent තියෙද්දි. මම season 1 එක බා ගත්තා season 2 එක බාගන්න ඕන.
    අපොයි ඔයිට වඩා චාටර් දේවල් දැන් අපේ ටී.වී වල පෙන්නනවනේ. ඕව මොනවද?

    @දක්ෂිණ
    ඔව් ඔව් මමත් wiki එකේ දැක්කා එහෙම කතාවක්. කොහොමත් අන්තිමට කතාව ඇදගෙන යන ගතියක් තමයි පෙනුනේ.

    @ක්‍රිෂාන්(අලියා)
    ඔව් ඉතින් උඹ දැන් අල නේ. එන්න එපා කැම්පස් එක පැත්තේ නිකම්වත්.

    ReplyDelete
  7. ලෝකයට යමක් කරන්න අපි එකතු වෙමු. එතකොට ලෝකයෙ කවුරු හරි කරපු දෙයක් ඉතිරි වෙයි.

    ReplyDelete
  8. Sudheera-
    ඒක නෙමෙයි අයියා....අර linux පාඩමේ ඊලග කලාපය එනකන් අපි බලාගෙන ඉන්නවා....තා shell වෑඩ කෑලි ටිකක් ඉගෙන ගන්න.....මේ බ්ලොග් එකට මම අලුත් ,ඒත් පරන එව්වා ටික කියෙව්වා.ඒ ටික මරු.අලුත් එකක් ලියනකම් බලාගෙන ඉන්නවා....

    ReplyDelete
  9. @එරංග(අත්තා)
    අනිවා මචං. කව්රු මොනව කිව්වත් අපි අපේ හිත් වලට එකඟව උපරිමට සමාජෙට කලානම් එච්චරයි.

    @සුදීර
    ලියන්නම් ලියන්නම් කොල්ලෝ. අනිවාර්යෙන්ම. මම පොරොන්දු උනානෙ ලියනවා කියල. මේ සතියෙ තව Assignment 3ක්ම දීල තියෙන්නෙ ඒ අතරෙ තමයි ලිපිය සම්පූර්ණ කරගන්න ඕන. අනිත් ප්‍රශ්නෙ මගේ ලැප්ටොප් එක ලෙඩවෙලා ඒක සනීප වෙන්නත් එපැයි. ඉතින් ටිකක් ඉවසන්න හොඳේ.

    ReplyDelete
  10. එළ බසා,,,,,,දුක් වෙන්න එපා බං ...අපිට දවසක කැත නැතිව කියන්න පුලුවන් අපි ඉගන ගන්න එකත් හරියට කලා,,, භාහිර වැඩත් හරියට කලා කියලා.....

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.