Saturday, April 24, 2010

ජාතියේ තොරතුරු තාක්ෂණයේ පියා අනුස්මරණය කළ ඒ පින්බර රාත්‍රිය



අප්‍රේල් 22 රෑ කියන්නෙ මම හිතින් අවුරුද්දක් ආපස්සට ගිහිපු දවසක්. 22 ඒ කියන්නේ පෙරේදා තමයි UCSC එකේ වාර්ශික පිරිත් සජ්ඡායනය පැවැත්වුනේ. ඒක සුපුරුදු පරිදි සංවිධානය කලේ පළමු වසර වෙනුවෙන් අපේ නංගිලා මල්ලිලා. මේ පාර පිරිතෙ අරමුණු වලින් ප්‍රධාන දේ උනේ ජාතියේ තොරතුරු තාක්ෂණයේ පියා වන කොළඹ විශ්වවිද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ ආදි කතෘ මහාචාර්ය විද්‍යාජෝති වී.කේ.සමරනායක මැතිතුමාව අනුස්මරණය කිරීම. අද ලංකාවෙ කිසිම වැඩකට නැත් දින (වැලන්ටයින් - කොහේදෝ රටක පූජකයෙක් දිවි නහගත්තු දවස) සමරද්දී රටට සුවිශේෂී මෙහෙවරක් කරපු සමරනායක සර් වගේ අය අමතක කරලා. ඒ අය අනුස්මරණය කරන්න ඒ උතුම් චරිත වලින් ගන්න ඕන දේවල් රටේ දරුවන්ට කියල දෙන්න අපේ අය අමතක කරලා. ඒත් සමරනායක සර් ගොඩනගපු මේ UCSC පින්බිමේ අපේ ජීවිත ගොඩනගා ගත්තු අපි එහෙම කරන්න සුදානම් නෑ. හැම අවුරුද්දකම මේ වගේ අසිරිමත් පිරිත් පිංකමක් සංවිධානය වෙන්නේ ඒ උතුම් යුග පුරුෂයාට ආචාර කරන්න. මේ පාර තවත් අරමුණු වෙච්ච දෙයක් උනේ කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අංශයට වසර 25ක් සපිරීම. 1985 තමයි පරිගනක විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුව කොළඹ විශ්ව විද්‍යාලය තුල ආරම්භ වෙන්නේ. ඒ වගේම 30 වසරක කුරිරු තස්ත්‍රවාදය අවසන් කිරීමේදී ජීවිත පුජා කරපු, ආබාධිත උනු සහ ඒ වෙනුවෙන් දහඩිය හෙලපු සියලු රණ විරුවන්ට පිං අනුමෝදන් කිරීමත් අපේ අරමුණක් උනා.

මේ පිංකම කොච්චර ලස්සනද කියල බලන්න මේ පිංතූර වලින්.
චෛත්‍යයක හැඩය ගත්තු පිරිත් මණ්ඩප්පය

කැටයම් වලින් අලංකාර කල ශ්‍රවණාගාරය

ආයුබෝවන්

මකර තොරණින් පිවිසුම් මාර්ගයට

කැටයම් දහස් ගණනකින් අලංකාර කල පිවිසුම් මාර්ගය

පරිගනක විද්‍යාව කලාට චිත්‍ර අඳින්නත් පුළුවනි


ප්‍රවෘත්ති විකාශයන් වල UCSC එක ගැන සඳහන් වෙනව අහල තියනවද? "කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක්" එහෙම කියල. නෑනේද? ඒත් අපේ බෞද්ධ හින්දු කතෝලික ඔක්කොම ලමයි එකතු වෙලා කරපු මේ පිංකම දෙරණ ප්‍රවෘත්ති විකාශය ප්‍රචාරය කලා මේ විදිහට.


මම මුලින්ම කිව්වනේ එදා මගේ හිත අවුරුද්දක් අතීතෙට ගියා කියල. ඒ අපි පළමු වසර සිසුන් විදිහට ඉද්දී මේ වගේම කරපු පිරිත මතක් වෙලා. මාස ගණනක ශ්‍රමය, දවස් ගණනක් නිදි මරපු අමාරුව එක මොහොතකින් නැති වෙලා හිත පිරුනෙ අපේ නිර්මාණයේ ලස්සන දැක්කාම. ඒ වගේ ආත්ම තෘප්තියක් ලබන්න බොහොම අමාරුයි. ඒ දේ ලබන්න මට පුළුවන් උනා. අපේ නංගිලා මල්ලිලාට පුළුවන් උනා.
නංගි මල්ලි උඹලාගෙ අයියලා අක්කලා හැටියට අපිට උඹලා ගැන බොහෝම ආඩම්බරයි. අපි උඹලාට අපිට වඳින්න පුදන්න කිව්වෙ නෑ. උඹලව කඩේ යැව්වෙ නෑ. ඒත් අපේ වගකීමක් විදිහට උඹලට ජීවත් වෙන්න කියල දුන්නා. එකා වගේ වැඩ කරන හැටි කියල දුන්නා. අභියෝග වලට මුහුණ දෙන හැටි කියල දුන්නා. උඹල ඒ දේවල් උඹලගෙ හිතට අරගෙන තියන බව දැක්කාම අපිට බොහොම සන්තෝසයි. ඉතින් ඉස්සරහටත් මේ විදිහට අපි ඔක්කොටම අපේ උපරිමයෙන් UCSC එකටත් රටටත් අපේ යුතුකම ඉටුකරමු.

13 comments:

  1. කියල වැඩක් නෑ. ලස්සනට කරල තිෙයනවා.

    ReplyDelete
  2. ඔයාල සOවිදානය කරන වෙනත් දේවල්....ගෙස්ට් ලෙක්ස්.....වාගෙ ඒව ගැන තොරතුරු ගන්නෙ කෝමද???

    ReplyDelete
  3. @ප්‍රසන්න
    සම්පූර්ණ ගෞරවය පළවෙනි වසර අයට හිමිවෙන්න ඕන.

    @ඉන්දි
    අපි පරිගනක සංගමය මගින් Tech talk කියල දේශන මාලාවක් සංවිධානය කරනවා. මේ මාසෙ ඉඳලා ඒක පටන් ගන්නයි අදහස් කරන්නෙ. ඒ ගැන Compsoc.lk වෙබ් අඩවියේ දැනුම් දීමක් පලවේවි. තව බොහෝ දේවල් අපි සංවිධානය කරනවා. කොළඹ විශ්ව විද්‍යාලය ආශ්‍රිතව ඉන්නවා නම් ඒව ආරංචි වේවි.

    ReplyDelete
  4. ඇත්තටම ඔහු විශිෂ්ට මිනිසෙක්.ඔහුට නිවන් සුව.

    ReplyDelete
  5. විශ්ව විද්යාල වල ආගමික උත්සව පැවත්වීම හරිද? විශ්ව විද්යාල කිසිදු ආගමකට , සන්විදායනයකට නොබැදුනු ස්වාදීන දැනුම් ගවේශන මධ‍යස්තාන විය යුතු නැද්ද?

    ReplyDelete
  6. මන් දන්නෙ නැ මෙ වරුන කවුද කියල. ඔය ප්‍රශ්නෙ අහන්න කලින් අපෙ වගේ කැම්පස් එකකට පය ගහල ඉදපන්. එහෙම කල එකෙක්නම් ඔය වගේ ගොන් කතා අහන්නෙ නෑ...

    සමාවෙන්න මල්ලි, ඔයාගෙ බ්ලොග් එකේ තව කෙනෙක් නිසා මෙහෙම කමෙන්ට් එකක් දාන්න උනාට.

    වැඩේ ගොඩක් ලස්සනයි. අවුරුදු 3කට පස්සට ගියා වගේ දැනුනා එදා මේ වැඩ දකිද්දි. ජයෙන් ජය උඹල හැමෝටම...

    ReplyDelete
  7. @වරුන
    විශ්ව විද්‍යාලයට ගියා කියල මිනිස්සු ආගම ධර්මෙ අතඅරින්නෙ නෑනෙ. ඔයා ඔය කියන දේට වඩා නරකද මේක. අපි කැම්පස් එකේ පිරිතත් කරනවා, නත්තලට කැරොලුත් කරනවා. තෛයිපෝන්ගලුත් සමරනවා. ඔය ඔක්කොම කරන්නෙ හැම ආගමකට ලමයි ඒකතු වෙලා වෙන එක තමයි වටින දේ. දැන් මේ පිරිතට උනත් දෙමළ මුස්ලිම් ලමයි වෙනසක් නැතුව වැඩ කලා.

    @කරුමක්කාරයා
    ඔන්න එයාට උත්තරයක් දුන්නා අයියේ.
    ආ ඔයාගෙ identity එක එළි වෙයිද මේ කමෙන්ට් එකෙන්. ඒ කියන්නෙ 3rd year වෙන්න එපැයි.
    අයියල අපිට කියල දුන්න දේවල් අපි පොඩි උන්ට කියල දුන්නා. ඒ නිසා අපි හැමෝටම සතුටුයි මේව දකිනකොට නේද?

    ReplyDelete
  8. ආ ඒක ගැන බය වෙන්න දෙයක් නැ.. මන් හිතන්නෙ නෑ ඒක හොයාගන්න ඔන අය ඉන්නව කියල.

    කොහොම උනත් ලස්සනට තිබ්බ..කියන්න බැරි තරම් සතුටුයි..හැමදාම අලුත් විදිහට වැඩිදියුනු වෙනව දකිද්දි ඇත්තටම ආඩම්බරයි. අපි දන ගහන් බැනුම් අහන් හදපු ඇන උයන, අද ලස්සනට තියෙනව. පුලුවන් තරම් දේවල් කරපල්ල එකක්වත් අහක යන්නෙ නැ, ලෙක්චර්ස් නොගියත් මේවයි ඔනෙ. එලියට එන දවසට ගොඩක් සතුටු හිතෙයි.. ඒ හැමදේම දකිනකොට කියන්න තියෙන්න එක දෙයයි "උඹල ඔක්කොටම ජයෙන් ජය ...!"

    ReplyDelete
  9. ස්වාධීනත්වයට ඔන්න අපෙනුත් සාක්ෂි...! දෙමළ , මුස්ලිම් නංගිල මල්ලිල එදා කරපු කැප කිරීම් ගැන කියන්න වචන නෑ. හැබැයි කවුරුවත් උන්නට ඇගිල්ලෙන් ඇනල කිව්වෙ නෑ. ඒක උන් හැඟීමෙන් කරපු දෙයක්... අනෙක් අතට, ආගමික උත්සවයක් තිබ්බ කියල අවුල් ගහන දෙමළ , මුස්ලිම් නංගිල මල්ලිල ucsc එකේ නැති බව අපිට ෂුවර්...

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මේ හැම දේකින්ම කියන්නෙ UCSC කියන්නෙ එක පවුලක් කියන එක. ඒ පවුලේ ආගම් පන්ති කුල මල ජේෂ්ඨ,කණිෂ්ඨ භේදයක් නෑ..හැමෝම එකා වගේ ඉන්නවා..ඒකයි UCSC අනන්න්‍යතාව..

    ReplyDelete
  13. sorry වැරදිලා එකම Comment එක තුන් පාරක් වැටිලා එකයි delete කරෙ... :-)

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.