Tuesday, April 13, 2010

අළුත් අවුරුද්ද ඇවිත්.....ලු


බක් මාසෙ මතක නැති උනාට
කැලැන්ඩරේ අප්‍රේල් මාසෙ ඇවිත්
ගේ මිදුලෙ අඹ ගහේ කොවුලා සින්දු නොකිව්වට
ටීවී රේඩියෝ වල කොවුලො තරඟෙට කෑ ගහනව
එරබදු ගහක් පේන තෙක්මානෙක නෑ
මල් පිපිලද කියල බලන්න රතට රතේ
රබන් ගහන්න දන්නෙත් නෑ ගහන්න රබන් ඇත්තෙත් නෑ දැන්
කාරි නෑ රබන් පද mp3 එක play කරමු
වල කජ්ජ ගහන්න ඉරි පනින්න දැන් ඉන්න එවුන් දන්න එකක්යැ
facebook එක් barn buddy වත් ගහමු
මාස ගණන් පේෂල් දාල චීත්තෙ හැට්ටෙ නුහුරුවට ඇඳපු ගෑනු
අවුරුදු කුමාරි වෙන්න sms ඉල්ලනවා
බහු ජාතික සමාගම් අවුරුද්දට අනුග්‍රහය දක්වන්න පොරකනවා
හ්ම්
ගතට හිතට නොදැනුනාට රූපවාහිනියෙ අයිය කෙනෙක්
සරමක් කාරිය ඇඳගෙන ඇවිත් කියනවා

අළුත් අවුරුද්ද ඇවිත්.....ලු

6 comments:

  1. අලංකාරයි....
    සුභ අලුත් අවුරුද්දක් වේවා.....

    ReplyDelete
  2. කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා........මේක වැරදි ඉල්ලීමක්..........මෝදර මට්ටක්කුලියෙ ඩයල් 1ක් ඌට තේරෙන බාසාවෙන් කොමෙන්ට් දැම්මොත් උබල කියයි කුණුහරුප කියල.....ඒක උගෙ නෝමල් භාSසාවනෙ බාAAAAAAAAAAAAAAAAන්

    ReplyDelete
  3. @සඳුන් @තීර්ථ යාත්‍රිකයා
    ස්තූතියි සුබ අළුත් අවුරුද්දක් වේවා.

    @විකටයා
    අනිවා අයියේ.

    @ඉනදි
    නෑ මචං මම කිව්වේ එහෙම දේවල් ගැන නෙමේ. අවරුදු එකහමාරක් බ්ලොග් කරුවෙක් විදිහට ඉඳල මම මේ බ්ලොග් සංස්කෘතිය තුල වෙන ගොඩක් දේවල් ගැන දන්නවා. සමහර මානසික අසහන කාරයෝ සමහර විට ඊරිසියාවට වෙන්න ඇති තිත්ත කුණුහර්පෙන් කමෙන්ට් දාල යනවා. කුණුහර්ප කියල අදහස් කලේ ඒව. තවත් සමහරු තමන්ගේ පෞද්ගලික තරහවල් බ්ලොග් හරහා පිට කරන්න හදනවා. ඒවත් මට ඕන නෑ. මම බ්ලොග් එක හරහා උත්සාහ කරන්නෙ මම දන්න දෙයක් හැමෝටම කියල දෙන්න නැත්තම් මගේ අත්දැකීමක් බෙදාගන්න. එච්චරයි.

    ReplyDelete
  4. වල කජ්ජ ගහන්න
    කියන්නේ මැරන එකට නේද බං.

    /බිඟුවා...!

    ReplyDelete
  5. @බිඟුවා
    ඔව් ඔව් ඒකටත් කියනව තමා. ඒත් කජු වලින් සෙල්ලම් කරන වල කජ්ජ ගහනව කියල සෙල්ලමක් තියනවා. අපේ සීය තමයි සෙල්ලම් කරන හැටි කියල දුන්නෙ. ඉස්සර තාත්තගේ මහ ගෙදර අරුද්දට සහෝදරයෝ කට්ටිය එකතු උනාම අපි පොඩි අය සෙල්ලම් කරනවා. ඒ වෙලාවක තමයි සීය ඕක කියල දුන්නෙ.

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.