Tuesday, April 13, 2010

බලාපොරොත්තුව....


ඈත ක්ෂිතිජයේ පුංචි තරුවක් වගේ
උඹ පේන්නෙ මට
ඒත් මහාමේරුව වගේ බරයි උඹ මට
හරි සුන්දරයි
ඇත්තම නොවුනත්
කවද හරි දවසක
කකුල් දෙක ලඟ පොලවෙ ගහපු වීදුරුවක් වගේ
උඹ සිසීකඩ වෙලායන්න පුළුවන් කියල මම දන්නවා
එදාට ගොඩක් රිදේවි මට
ඒකත් මම හොඳටම දන්නවා අත්දැකීමෙන්
කොහොම උනත් මට උඹ ඕන
මොකද
මම ජීවත් වෙනවා කියල හිතෙන්නෙ උඹ නිසා
උඹ තුල ඉන්න ඇය නිසා....

15 comments:

  1. Wow ....... pattai ne ...... aththatama lassani ... eth me kaganada kiyala thiyenne kiyana eka nam gataluwak :|?

    ReplyDelete
  2. basanna....... harima lassanayiiiii .....kauda me... ??????

    ReplyDelete
  3. @තරිඳු @දිනුෂි
    බොහොම ස්තූතියි.
    ඕකනෙ කව්ද කියල අහන්න එපා. අර කිව්ව වගේ මගේ හිත් අහසේ ඈත් ක්ෂිතිජයේ පුංචි තරුවක් එයා.

    ReplyDelete
  4. ලස්සනයි මචන්. බලාපො‍රොත්තුව ඉෂ්ට වේවා කියල පතනව :)

    ReplyDelete
  5. ඔබ නැවත නැවතත් උත්සාහ කරන්න ඔබට නැවතත් පියාබන්නට වරම් ලැබෙවි.....

    ReplyDelete
  6. "කොහොම උනත් මට උඹ ඕන
    මොකද
    මම ජීවත් වෙනවා කියල හිතෙන්නෙ උඹ නිසා
    උඹ තුල ඉන්න ඇය නිසා..." ඒ තමා හිතට දැනුනු කොටස...

    හරිම ලස්සනයි.....!!!!

    ReplyDelete
  7. උඹේ බලාපොරොත්තුව හිතන ලෙසම සඵල වී, ලඟදීම අපිට ඇය ගැන දැන ගන්නට ලැබේවා...!

    ReplyDelete
  8. උඹේ බලාපොරොත්තුව හිතන ලෙසම සඵල වී, ලඟදීම අපිට ඇය ගැන දැන ගන්නට ලැබේවා...!

    ReplyDelete
  9. ඇත සිතිජයේ පුංචි තරු
    කේදිනකහො
    උල්කා පතයක් වි වැටේ පොලවට
    නමුත් එවිට
    බොහොවිට
    සියලු දේ දැවිගොස්
    තිබිය හැක මිතුර

    ReplyDelete
  10. මාරයිනේ..............................
    මම නම් කැමති මැද හරිය මෙන්න මේ විදිහියට තිබුනා නම්...
    කවදාවත් උඹට
    කකුල් දෙක ලඟ පොලවෙ ගහපු වීදුරුවක් වගේ
    උඹ සිසීකඩ වෙලා යන්න දෙන්නේ නෑ
    මොකද? මම කැමති උඹ හොඳින් ඉන්නවා දකින්නයි..........

    ReplyDelete
  11. @ රවීන්
    බලාපොරොත්තු ඉටුකර ගැනීම හැම කෙනෙක්ගෙම ආසාව නේද? බොහොම ස්තූතියි.

    @ඉන්දි
    නැවත නැවත නේද? නැතුව බෑනෙ කවද හරි පියාඹන්න එපැයි. ස්තූතියි

    @පුංචි සමනලී
    මම එච්චර කවි කාරයෙක් නෙමෙයි. හිතට දැනුන බව ඇහුවාම සන්තෝෂයි. ස්තූතියි

    @තාරක(මාළුවා)
    ඇයි බං කමෙන්ට් දෙකක් දාලා. උඹ කියන දේ අවධාරණය කරන්නද? එළ එළ. බොහොම ස්තූතියි කිව්වා

    @අයේෂ්(සූටියා)
    හැම තරුවක්ම උල්කාපාතයක් නෙමෙයි මචං.

    @ප්‍රසාද්(ලුකා)
    මාත් බොහොම කැමතියි මචං එහෙම නොවෙනවනම්. අනිවාර්යෙන් අපි අපිට අපි අපි තමයි ඉතින්.

    ReplyDelete
  12. උඹ දැන් අලුත් වෙලා.. වෙනස් වෙලා... කවි කාරයෙක් වෙලා හොදයි..හොදයි......

    ReplyDelete
  13. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  14. අසභ්‍ය වචන භාවිතා කිරීම නිසා ඉහත lanka නැමැත්තාගේ ප්‍රතිචාරය ඉවත් කිරීමට සිදුවිය. මම ලියන දේ ලියන්නෙ මට ඕනෑ නිසා බැවින් ඒ ගැන කාටවත් ප්‍රශ්නයක් ඇතිවීමට නොහැක. කරුණාකර අහක යන නය රෙද්ද පල්ලෙ දමා නොගන්න.

    ReplyDelete
  15. එළ.... මේ පාර දිගේ පලයන්!!!

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.