Tuesday, March 17, 2009

රාත්තල් 600ක් බර ගෝරිල්ලා



මගේ ලැප්ටොප් පරිගනකයේ උබන්ටු වින්ඩෝස් dual boot තිබුන බව මම කලින් කියල ඇතිනේ. මම වින්ඩෝස් පාවිච්චි කරන්නේ නම් නෑ. ඒ උනාට කැම්පස් එකේදි සමහර වෙලාවට අපේ එවුන් ලැප් එක ඉල්ලනවා photoshop වලින් වගේ වැඩක් කරගන්න(මේ දවස් වල විශේෂයෙන්ම). මගේ වින්ඩෝස් එකේ මොකක් හෝ අවුලක් තිබුනා. වින්ඩෝස් වලින් boot වෙනවා වැඩ කරන්නත් පුළුවනි ඒත් stuck වෙන්න බලනවා. ලොකුම අවුල තමයි shut down කරන්න බැරි වෙන එක. වින්ඩෝස් වලින් හරියට shut down නොකරහම ලිනක්ස් වලින් ඒ NTFS partition mount කරන්න බැරි වෙනවා. මේ කරදරේට මම යොදපු පිළියම හරිම සරලයි. ඒක තමයි බේතකටවත් වින්ඩෝස් boot නොකර ඉන්න එක. ඒත් අපේ එවුන්ට හදිසියකට වත් ලැප් එක දෙන්න බැරි නිසා මම හිතුවා වින්ඩෝස් ආපහු දාන්න. තව මට partition හරියට හදාගන්න උවමනාවකුත් තිබුනා.

ලිනක්ස් තියන මැෂින් එකකට වින්ඩෝස් දැම්මාම ලිනක්ස් වල grub එක(පරිගනකයේ ස්ථාපිතව ඇති OS පෙන්නලා boot කල යුතු OS එක තේරිය හැකි තැන) වින්ඩෝස් වලින් මකල දානවා. මම මේ ගැන forum වල හෙව්වාම එකක තිබුනා මෙහෙම."වින්ඩෝස් කියන්නේ තමන් ඉන්න කාමරයේ තව කාටවත් ඉන්න බෑ කියලා හිතන රාත්තල් 600ක් බර ගෝරිල්ලෙක්". අනිවාර්යෙන්ම ඒ කතාව හරි. පරිගනකයට වින්ඩෝස් දාන්න ගියාම ඌ හිතන්නේ ඒකෙ ඉන්න පුළුවන් ඌට විතරයි කියල. ඒකට ලිනක්ස්, වෙන OS නුත් ආරක්ෂා කරල තමයි ලිනක්ස් ස්ථාපනය වෙන්නෙ.

ඉතින් මාත් වින්ඩෝස් දාන්න ගියාම වින්ඩෝස් මගේ grub එක මැකුවා. මම ඒකට ලෑස්ති වෙලයි හිටියේ. grub එක නැවත යොදන්න ක්‍රම ඕන තරම් තියනවා. මමත් grub එක reinstall කර ගත්තා. ඒත් මොකක් හරි තැනක වරදක් උනා. grub එක නම් හරි නමුත් උබන්ටු boot කරන්න ගියාම කියනවා module එකක් සොයාගන්න බෑ කියලා. ඒක විසඳගන්න උත්සාහ කරත් පුළුවන් උනේ නෑ.අන්තිමේ මට ආයෙත් උබන්ටු ස්ථාපනය කරන්න උනා. ඔය නම් අන්තිම පාරටයි ගෝරිල්ලා(වින්ඩෝස්) ස්ථාපනය කරේ. ආයෙ නම් දෙයියන්නාන්සේ කිව්වත් ගෝරිල්ලෙක් නිසා මගේ උබන්ටු එක අවුල් කරගන්නෙ නෑ.

3 comments:

  1. ඕක මෙහෙමයි වෙන්නේ... හාඩ් ඩිස්ක් එක virtually බෙදිල තියෙනවා කොටස් වලට. මේවායින් පරිගණකය boot වීම පිළිබඳ අදාළ දත්ත ස්ථාපනය කරල තියෙන එක් විශේෂ ආරක්ෂිත sector එකක් තියෙනවා. මේකට කියන්නෙ boot sector කියල. වින්ඩෝස් තියෙන මැෂිමක Ubuntu දානකොට grub-install කියන ක්‍රමලේඛය මගින් boot sector එකේ තියෙන දත්ත වෙනත් sector එකකට පිටපත් කරල boot sector එකට grub එක ස්ථාපනය කරනවා. Boot menu එකෙන් Windows තේරුවාම පරිගණකය boot වීමේ ක්‍රියාවලිය grub එක මගින් මේ දෙවන sector එක වෙත හරවා යවනවා. මෙය තාක්ෂණිකව හඳුන්වන්නේ chainloading කියන නමින්.

    නමුත් වින්ඩෝස් වලදි ඒ ගෝරිල්ලා කරන්නෙ හාඩ් ඩිස්ක් එකේ තියෙන වෙනත් Microsoft මෙහෙයුම් පද්ධති ගැන පමණක් සොයා බලල ඒවත් එකතු කරල අළුතෙන්ම boot sector එක ලියන එකයි. මෙතනදී chainloading තියා අඩු වශයෙන් backup එකක් හදල තියන්න තරම්වත් හැදියාවක් සදාචාරයක් ගෝරිල්ලට නෑ. Grub තිබුණොත් ඌට ඒක හරියට කරගන්නත් බෑ. :P

    ReplyDelete
  2. ඇයි මේ සංකීර්ණ ගෝරිල්ලො අපිව නවත්තන්නෙ?
    ෆුල් ටයිම් නිදහසට මාරු වෙන්න
    ඒක හරි සිම්පල් ප්ලෑන් එකක්

    :P :P :P :P

    ReplyDelete
  3. I'm using XP and Ubuntu for a long and both work well. When I have never configured grub after installing ubuntu . All i do is installing windows first and then ubuntu, grub detects XP and keeps XPs boot data if put ubuntu first then XP or any M$ OS will erase everything in the boot sector which is not a M$ product :P

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.