Sunday, March 29, 2009

අපේ දහඩිය මහන්සියෙන් ගොඩනැගුනු ඒ සොඳුරු රාත්‍රිය


කොළඹ විශ්ව විද්‍යාලයීය පරිගනක අධ්‍යයනායතනයේ එහෙම නැත්නම් UCSC එකේ අපේ පළමු වසර ශිෂ්‍යයන් සංවිධානය කරපු සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාව ඉතා සාර්ථකව පැවැත්වුනා.

අදට මාසටයට කලින් ඉඳල අපේ බැච් එකේ අය ලෙක්චර්ස් කට් කරගෙන රූ නිදි මරාගෙන දරාපු මහන්සියේ ප්‍රථිපලය තමයි ඊයේ රාත්‍රියේ එළි දැක්වුනේ. වැඩේ ලස්සන දැක්කහම විඳපු අමාරුකම් කරදර ඔක්කොම අමතක වෙලා පුදුම සංතෝසයක් හිතට දැනුනේ. වැඩේ ඉවර වෙනකම් අපිවත් හිතුවේ නෑ මෙච්චර ලස්සන නිමාවක් එයි කියල. පිරිතට වැඩම කරපු ගංගාරාම විහාරයේ ගලබඩ ඥානිස්සර පොඩි හාමුදුරුවො ඉල්ලීමක් කලා මේ පාර වෙසක් එකට අපි හදපු පිරිත් මණ්ඩපයයි අනෙක් සැරසිලි ගංගාරාම විහාරයේ ප්‍රදර්ශනය කරන්න කියලා.

ලොකුම දේ තමයි අපි එක බැච් එකක් විදිහට මේක කරපු එක කියලයි මම හිතන්නේ. අපේ ශක්තිය එකමුතුව තමයි මේ නිර්මාණ වලින් පේන්නේ. විශ්ව විද්‍යාල ශිෂ්‍යයා කියන්නේ පොඩ්ඩ වැරදිච්ච ගමන් බයිසිකල් චේන් පොලු මුගුරු ගන්න පෙළපාලි යන දියව් දියව් කියල ඉල්ලන පිරිසක් කියලයි සමාජය හිතාගෙන ඉන්නේ. ඒක එහෙම නෑ කියල අපි පෙන්නුවා.මේ අපේ පිරිතේ සැරසිලි වලින් ටිකක්.


2 comments:

  1. නියමයි, ඇත්තටම ලස්සනයි. සුභ පැතුවා කියන්න කස්ටියේ ඔක්කෝටම මං වෙනුවෙන්. කවුරු මොකා කිව්වත් හොඳ වැඩක්. මචෝ, කිව්ව බණේ රේකෝඩ් එකක් තියෙනවද? අනේ කවුරු හරිවත් දාපන්කෝ බාගත කරන්න අවස්ථාවක් එක්ක.

    ReplyDelete
  2. ඇත්තටම හරිම ලස්සනයි!
    අනේ පොඩි දේටත් ගහමරාගන්නේ මේ වගේ ලස්සනට වැඩ කරන්න පුළුවන් ළමයිමනේ...!

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.