Wednesday, December 2, 2009

Pen එකෙන් අධිවේගී operating system ස්ථාපනය


විනාඩි 4කින් OS එකක් install කරල තියනවද? මම ගිය සතියෙ මගේ යාළුවෙක්ගෙ laptop පරිගනකයට ubuntu 9.04 ස්ථාපනය කලා විනාඩි 4න්. මේ විනාඩි 4 කිව්වෙ ස්ථාපනය වෙන්න යන වෙලාව විතරයි හොඳඳ නම ගම පුරවන වෙලාව ගණන් නොගෙන. මොකද්ද දන්නවද මේ වේගයට හේතුව OS එක install කරන්න සාමාන්‍යයෙන් පාවිච්චි කරන CD හෝ DVD තැටිය වෙනුවට මම පාවිච්චි කලේ මගේ USB Pen drive එක. ගින්දර වගේ වේගවත්.(මේක මාසෙකෙට විතර කලින් මම අන්තර්ජාලයෙන් හොයාගෙන කලත් හරි ගියේ නෑ. ආයෙ කරල බලන්න හේතුව උනේ අපේ කජ්ජා(තරිඳු) ගේ මතක් කිරීම) මෙහෙමයි කලේ.

මම පාවිච්චි කලේ Unetbootin කියන මෘදුකාංගය. මෙතනින් බාගන්න පුළුවන්. ඒතකොට executable ගොනුවක් ඔබට ලැබේවි. මුලින්ම මේ විධානය දීලා ගොනුවේ permission වෙනස් කරගන්න.

$sudo chmod 777 unetbootin777

මෙතන chmod කියන විධානයෙන් කරන්නෙ ඒ ගොනුවට access දීල තියන විදිහ වෙනස් කිරීම. linux වල පරිශීලකයන් කොටස් 3ක් විදිහට සලකනවා. ඒ root, group සහ other විදිහට. ඒ තුන් දෙනාටම 7 කියන permission එක දෙන්න කියලයි විධානයෙන් කියන්නෙ. ඒ 7 එන්නෙ මේ විදිහට.
permission අවස්ථා තුනක් තියනව. read, write, execute කියල. මේ එක් එක් අවස්ථාව ලැබීම හෝ නොලැබීම binary විදිහට නිරූපනය කලොත්

read write execute
1 1 1

මෙතනදි අවස්ථා තුනටම අවසර දීල. එතකොට ලැබෙන 111 කියන binary සංඛ්‍යාව decimal කලොත් 7 නේද? තව උදාහරණයක් බලන්න. read සඳහා විතරක් අවසර දෙන අවසථාවක්.

read write execute
1 0 0

එතකොට එන්නෙ 4 කියන සංඛ්‍යාව. මේ විදිහට හැම file එකකටම permission set කරන්න chmod වලින් පුළුවන්. හරි දැන් permission හැදුවනේ . දැන් run කරමු.

./unetbootin-linux-377

එතකොට මේ window එක ලැබේවි.
මේකෙන් අවශ්‍ය මෙහෙයුම් පද්ධතියත්(distribution කියන තැන) අදාල iso file එකත් ලබා දීල ok කලාම හරි. drive කියන තැනට ඔබේ pen එක තෝරල දෙන්න.

මෙතන ඔබේ pen එක sdb1 කියල කියන්නෙ ඇයි කියල දන්නවද? linux වලදි පරිගනකයට සම්බන්ධ කරන storage media "sd" කියන අකුරු දෙකත් තව අකුරකිනුත් තමයි හඳුන ගන්නෙ. පහත විධානය දීල බලන්න.

$ls /dev

මෙතනදි ඔබේ පරිගණකයේ ඇති devices සඳහන් ගොනුව list කරල ඔබට පෙන්නනවා. ls කියන්නේ list කියන එක.
මෙතන sda කියන්නෙ මගේ hard disk එක. ඒකෙ partition sda1,sda2 විදිහට පෙන්නනවා. ඊළඟට sdb කියල අඳුර ගන්නෙ මගේ pen එක. ඒක sdb1 කියන තනි partition එකක් විදහට තියෙන්නෙ.

ආපහු අපේ කතාවට එමු. දැන් iso එක pen එකට extract වේවි. ඒ වගේම pen එකට boot loader එකකුත් install වෙනවා. දැන් සාමාන්‍ය විදිහට පරිගනකය restart කරල BIOS වලට ගිහින් boot sequance එකේ මුලට USB HDD කියන එක දෙන්න. නැවත පරිගනකය පණගැන්වීමෙදි ඔබ bootable බවට පත් කරපු pen එක සම්බන්ධ කරල තිබ්බහම සාමාන්‍ය විදිහට live CD එකක් වගේ(ලිනක්ස් නම්) boot වේවි. bootloader එකෙන් පළවෙනි option එක තෝරන්න අමතක කරන්න එපා. මෙහෙම pen එක bootable කලා කියල කිසි ප්‍රශ්නයක් නෑ. තමන්ගෙ සාමාන්‍ය දත්ත තියාගන්න පුළුවන් pen එකේ කිසි අවුලක් නෑ. දැන් මම හැම තැනම අරන් යන මගේ පෞද්ගලික් pen එක ubuntu 9.04 වලින් bootable කරලයි තියෙන්නෙ. කව්රු හරි දාල දෙන්න ඇහුවද විනාඩි 5න් දැම්ම. ඔයගොල්ලොත් බලන්න කොහොමද වේගෙ කියල......

9 comments:

  1. Uba anunge install kara kara idhapan...Uba install karaganne kawadda..? monawa wunath elakiri ...ubatath adhiwegi ekak thamai hariyanne....

    ReplyDelete
  2. හොඳ ලිපියක්. පැහැදිලි කිරීම් එක්කම තියෙන නිසා ලිපියේ වටිනාකම තවත් ඉහළ යනවා. හැබැයි මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
    permissions 777 දෙන්න අවශ්‍යමද?
    ඒ කිව්වෙ 7 වෙනුවට 5 තිබුණොත් (r-x) මදිද?

    sdb1 ගැන පැහැදිලි කරන්න fdisk -l ගැනත් තිබුණනම් හොඳයි කියල හිතනවා.

    ReplyDelete
  3. @ශාකුන්තල අයියා
    අනිවා 5 තිබුනත් අවුලක් නෑ. මොකද wirte කිරීමක් වෙන්නෙ නැති නිසා. ඒත් ඉතින් අපි පුරුද්දට 7නේ දෙන්නේ.

    ReplyDelete
  4. @ශාකුන්තල අයියා

    execute විතරක් ඕන නිසා නේ....
    නරක නෑ වැඩේ.

    කට්ටියට තේරුනාද මන්දා. chmod +x කියන්නෙ දැනට තියන permission එකට execute කරන permission එකත් එකතු කරන්න කියල. එතකොට ඉලක්කම් හරඹ ඕන නෑ. write එකතු කරන්න නම් w. read එකතු කරන්න නම් r.හැබැයි මේ විදහෙදි usersලා තුන් දෙනාටම(root,group,other)ටම අපි දෙන permission එක ලැබෙනවා.

    ReplyDelete
  5. @මංජු(ඇකා)
    මගේ performance වලට හරියන OS එකක් හොයලා දීපන්කෝ :D

    ReplyDelete
  6. @රවින්ද:

    ISO එකක් තෝරල දෙනව වගේ, OS CD එකක් පෙන් එකට ගන්න බැරිද?

    ReplyDelete
  7. @Supun Budhajeewa
    මේ මාදුකාංගයේ එහෙම බෑ නේද? මම නම් කලේ K3B පාවිච්චි කරලා CD එකේ iso file එක හදාගත්තා.

    ReplyDelete
  8. @රවින්ද: හ්ම්... ඒක තමයි කරන්න වෙන්නේ. තැංකූ වේවා!

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.