Tuesday, January 5, 2010

මෙගා බයිට් 300ට height quality චිත්‍රපට


Assignment, Viva ,විභාග උණුසුම අස්සේ පොඩි පෝස්ට් එකක් ලියන්න ඕන කියල හිතුනා. ලිනක්ස් ගැන ඊළඟ ලිපිය දාන්න තව ටිකක් කල්යාවි. හිමීට පිළිවෙලට හදන්න එපැයි.

ෆිල්ම් බාන කට්ටියට මරු සයිට් එකක් අහු උනා. දැන් ටිකක් කල් මේක හම්බෙලා සමහරවිට ඕගොල්ලො දන්නවත් ඇති මේක ගැන. මේක blog එකක්. www.300mbmovie.com .සාමාන්‍යයෙන් හොඳ quality චිත්‍රපටියක් avi format එකේ 700MB විතර වෙනවනේ. ඒත් මේ සයිට් එකේ තියෙන්නෙ mkv format එකට හරවපු movies. මේවගෙ size එක ආසන්න වශයෙන් 300MB වෙනවා. ඊට වැඩි ඒවත් තියනව ඒ තවත් quality එක වැඩි ඒව. film එක තියෙන්නෙ කොටස් විදිහට. Rapidshare සහ Hostfile වල තමයි download කරගන්න දීල තියෙන්නෙ. Free file share කරන තැන්වල බාන්න ගියාම තියන කට්ට ඉතින් මෙතනදිත් කන්න වෙනවාconfused. Hostfile site එකේ නම් එකක් බාලා ඊළඟ එක බාන්න පැය 1/2ක් ඉන්න කියනවා. ඒ උනාට ඒච්චර චාටර් වෙන්න ඕන නෑ connection එක disconnect කරලා ආයෙ connect කරන්න. IP එක වෙනස් උනාම ආයෙ ටක් ගාල බාගන්න පුළුවන්. කොටස් විදිහට දීල තියන ඕකකොම බාගෙන extract කරන කොට ලස්සනට එක file එකක් හැදේවි. ලිනක්ස් වලනම් මෙහෙම කරන්න(7zip තියෙන්න ඕන). මුලින්ම බාපු file තියන තැනට යන්න. මුල file එක TWT.part1.rar නම්. මෙහෙම දෙන්න.

$ unrar e TWT.part1.rar

එච්චරයි කොටස් කීපයක් තියනව නම් ඔක්කොම එකතු වෙලා තනි mkv ගොනුව හැදේවි. අපේ බිල් අයියගේ OS එකේ නම් මෙහෙම වෙනවද දන්න නෑ. ජනේලයක් තියන කෙනෙක් උත්සාහ කරල comment එකක් දාන්න. එහෙනම් උත්සාහ කරල බලන්න(මේ command එක කොහොමත් වැඩ කරන්නෙ නෑ ජනේලෙන් මුල් file එක extract කරල බලන්න ඔක්කොම එකතු වෙලා එක file එකක් එනවද කියල). දැන් මට බඩගිනියි කැම්පස් එකට ගිහින් බවනෙන්(කැන්ටිම) බඩට මොනව හරි දාගන්න ඕන. ගිහින් එන්නම්. biggrin

8 comments:

  1. ඔය සයිට් එක මමත් පාවිචි ක‍රල තියෙනව , මමනම් හුගක් වෙලවට JDownloader තමයි ඔය ෆයිල්ස් ඩවුන්ලෝඩ් ක‍රන්න පාවිචික‍රන්නේ එකෙන් ඩවුන්ලෝඩ් ක‍රල extract ක‍රලත් දෙනව

    ReplyDelete
  2. machan jdownloader aken banakota speed aka adi neda.speed aka wadi karaganna kohomada. help akk danna.

    ReplyDelete
  3. අනේ ෆිල්ම් බලන්න ඔච්ච‍ර කටු කන්න බෑ බං. මටනං ටොරන්ට් 1000න් සම්පතක් මොකද දාල තිබ්බම බබා වගේ බෑවිලා තියනවා,

    ReplyDelete
  4. froxy , firewall nisa torrents godaaaak slow wenawa.Rdesk 2.2,Jdownloder,Rapidsharedownloder 3.6 wage evagen bala extract karaganna eka thamai laysi.

    ReplyDelete
  5. උඹ බාපන්............:P

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. "අපේ බිල් අයියගේ OS එකේ නම් මෙහෙම වෙනවද දන්න නෑ."

    I use 7zip .Just
    right click --> extract

    ReplyDelete
  8. @lanka
    ඔව් දෙයියනේ right click කරල extract දුන්නම හරි තමා. මම ඒච්චර ජනේල ගැන නොදන්නෙ නෑ :D.පූර්ණ කාලීනව ලිනක්ස් වලට බහින්න කලින් මමත් ජනේලෙ තුල තමයි දිවි ගෙව්වෙ. ඒත් කොටස් වශයෙන් තියන ගොනු ඔක්කොම එකතු වෙලා එක ගොනුවක් හැදෙනවද කියල තමයි දන්නෙ නැත්තෙ. බොහෝ වෙලාවට වෙනවා ඇති.

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.