Sunday, February 22, 2009

අර්ධ සුඛෝපබෝගී vs සාමාන්‍ය දුර ගමන් සේවා

අද උදේ මම පුරුදු විදිහට ගෙදර එන්න සූදානම් වෙලා හිටියෙ කෝච්චියේ. බස් වල තියන අපහසුතා රස්තියාදුව කොච්චියෙ නැති නිසා මම සාමාන්‍යයෙන් කොළඹ ගාල්ල යන්නෙ කෝච්චියේ. උදේ 8.35ට කොටුවෙන් තියනව සීඝ්‍රගාමී දුම්රියක් ඒක දවල් 11.18ට ගාල්ලට ළඟා වෙන්න ඕන. ඊයෙ රෑ දුම්රිය දෙපර්තමේන්තුවෙ වෙබ් අඩවියට ගිහිල්ලයි වෙලාව බලා ගත්තෙ. දැන් දුම්රිය දෙපාර්තමේනතුව අපූරු වෙබ් අඩවියක් පවත්වාගෙන යනව. අපූරු කිව්වෙ ඉස්සරට සාපේක්ෂව සෑහෙන්න හොඳ නිසා. තමන්ට අවශ්‍ය වේලා පරාසයක අවශ්‍ය තැනකට යන්න දුම්රියක් තියෙද කියල විතරක් නෙමෙයි දැනට ධාවනය වෙන දුම්රියන් ප්‍රමාද නම් ඒ බවත් මේ වෙබ් අඩවියෙන් බලා ගන්න පුළුවනි. ඉතින් කෝච්චියෙ යන්න හිතාගෙන් හිටියට උදේ අපේ ගාල්ල මාතර යන සෙට් එකක් (සූටියා,කැමියා,පොත්තා,කොයිල්,කුණ්ඩුමනී) බස් එකේ යන්න සෙට් වෙලා. කට්ටියගෙ ඉල්ලීමට මාත් බස් එකේ යන්න තීරණය කලා. සාමාන්‍යයෙන් ගාල්ල,මාතර,තංගල්ල,කතරගම බස් ඔක්කොම යන්නෙ අපේ කැම්පස් එක ඉස්සරහින් ගිහින් තුම්මුල්ලෙන් බම්බලපිටියට හරවලා.අද සෑහෙන වෙලාවක් හිටියත් බස් එකක් නෑ. පස්ස තමයි දන්නෙ බස් ඩුප්ලිකේෂන් පාරෙන් එනව කියල. ඉතින් ගියා බම්බලපිටියට. කට්ටියටම බඩගිනි නිසා කඩේකින් කාලා එලියට එනකොටම තංගල්ල බස් එකක් ආවා. නවත්තගෙන නැග්ගා.ඉරිදනෙ ඉඩ ඕන තරම්. දෙහිවල හරියට ගියාට පස්සෙ මම දැක්කා ඉස්සරහ වීදුරුවෙ "අර්ධ" කියල ගහපු ස්ටිකර් එකක කොටසක්. මලා මේක අර්ධ සුඛෝපබෝගී. හැබැයි එහෙම පේන්නෙ නම් නෑ. සාමාන්‍ය දුර ගමන් සේවා බස් එකක් වගේමයි. මම ඒත් ඇහුවා මේකෙ සුඛෝපබෝගී කොටස කෝ කියල. ගාස්තුව නම් පැහැදිලිවම සාමාන්‍ය ගාස්තුව වගේ 1 1/2ක්. ගාල්ලට ටිකටි එක 153යි.සාමාන්‍යයෙන් 100 ක් වෙන එක. මම සංසන්දනයක් කලා බලන්නකෝ.
බස් එක යනකොට මම දැක්ක දෙයක් තමයි ගොඩක් අය බස් එකට නගින්නෙ සාමාන්‍ය දුර ගමන් සේවා බස් එකක් කියල හිතල.ටිකට් එක කැඩුවාමයි දන්නෙ අර්ධ සුඛෝපබෝගී කියල. කොහොම හරි මිනිස්සුන්ගෙන් සල්ලි නම් කඩා ගන්නව. සල්ලි ගත්තට කමක් නෑ ඒකට හරියන සේවාවක් දෙනවනම්. ඒකත් නෑ. මේවට බලපත්‍ර දෙන ගමනාගමනයට සම්බන්ධ නිළධාරීන් හරක්ද කියල හිතෙනව. උන් යන්නෙ නෑනෙ බස් වල යන අසරන මිනිස්සු තමයි විඳවන්නෙ.

5 comments:

  1. ada thamai umbage blog eka dakke. nice work.
    akkpdesign.blogspot.com

    ReplyDelete
  2. @AKKPdesign
    බොහොම ස්තූතියි ඇඩෝබි.

    ReplyDelete
  3. මේ වගේ දෙයක් දැක්කහම බස් එකේ ඉන්න කොටම ගමනාගමන කොමිෂන් සභාවේ Hot Line එකට කතා කරලා පැමිණිලි කරන්න. සමහර විට අතරමඟදීම බස් එක නවත්තයි. නැතිනම් පසුව අයිතිකාරයාට දඩ ගහයි.
    අපේ කට්ටිය බැණ බැණ ඉන්නව මිසක් ඒවගේ දෙයක් කරන්නේ නෑනේ. මම නං ඉතුරු සල්ලි දුන්නේ නැතත් ටක් ගාලා පැමිණිලි කරනවා.

    ReplyDelete
  4. අපී ගියා ගාල්ලේ.. හැබැයි කොච්චියේ...!

    ReplyDelete
  5. @malee_msg
    මමත් සාමාන්‍යයෙන් යන්නෙ කෝච්චියෙ තමයි අක්කෙ. මගේ ප්‍රියතම කෝච්චිය තමයි රුහුණු කුමාරී. බොහෝ විට වෙලාවට(ආසන්නයෙන්වත් ඒ කියන්නෙ විනාඩි 5ක් 10ක් ප්‍රමාද වෙන්න පුළුවනි) ධාවනය වෙනව. එක දවසක් මම කොළඹ යනකොට රුහුණ ගාල්ලෙන් විනාඩි 30ක් ප්‍රමාදයි. පිටත් වෙන්න තියෙන්නෙ 6.35ට පිටත් වෙනකොට 7.05යි. ඒත් කොටුවට ගියා 9.05ට ඒ කියන්නෙ වෙලාවට.

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.