Monday, February 23, 2009

We Care Always


පහුගිය දවසක මම අපේ මොබිටෙල් පාරිභෝගික සේවාවට කතා කලා. අපරාදේ කියන්න බෑ මුල් පාරම මාව සම්බන්ධ කර ගත්තා. මම මගේ HSPDA සම්බන්ධතාවයේ බිල ගැන අහන්නයි කතා කලේ. මොබිටෙල් Account එකට අනුව මගේ අමතර දත්ත භාවිතය 232MB යි. මගේ පැකේජය zoom 512. ඒ කියන්නෙ මාසිකව 250MB නොමිලේ rental එක රු 400යි(469.54 තමයි එකතු කරලා තියෙන්නේ). නමුත් මගේ බිල රු1095.83 ක්.

මේ පෙබරවාරි බිලත් එකතුවෙලා මම කව්වෙ ජනවාරි බිල ගැන.

කොහොමද යකෝ ඒක වුනේ. මගේ ඇමතුමට උත්තර දුන්නේ දෙමළ කෙල්ලෙක් වගේ කට හඬින් තේරුනේ. ඉතින් මම ඇහුවා මගේ excess data usage එක 232 යි. එතකොට මට අමතර රු 630කට ආසන්න මුදලක් එකතු වුනේ කොහොමද? හරිනම් මම අමතර 600MBක් විතර පාවිච්චි කරලා තියෙන්න ඕන(ඉස්සර 1MBට රු1නේ දැන් නම් සත50 මම පරණ ක්‍රමේටම ගණන් හැදුවා). කොහොමද මේක උනේ. ගෑනි ටිකක් ඉන්න සර් කියල කොහේද විනාඩි 10ක් විතර ගිහින් ඉදලා ඇවිත් කියනවා. සර්ගෙ excess data ප්‍රමාණයට තමයි ඒ අය කරලා තියෙන්නේ. මාර කතාවක්නේ ඒක මම එයාට කියපු එකම එයා ආපහු මට ඇවිත් කියනවා. මම කිව්වා මම ඒක දන්නවා ඒත් 232MB ට රු 630ක් වැඩිපුර අය කලේ කොහොමද කියල. ඒ පාර ගෑනි මගේ මොඩම් එක ගැන අහනවා. මොකද මොඩම් එකේ හිලක් එහෙම තිබුනොත් data හැලෙනවද දන්නෙ නෑ එතනින්. තව විනාඩි 10ක් විතර බොරු කියලා ඒ පාර කියාපි detail bill එකක් අරන් බලන්න කියල. ඒකට රු100ක් ලු. හිඟන්නගෙ පාත්තරේට හෙනහුරා කඩන් වැටුන වගේ. තව රු 100ක් කඩා ගන්න හදනව. මෙයත් එක්ක කතා කරල තේරුමක් නැති නිසා මම කිව්වා මගේ පැකේජ් එක zoom 490 ට මාරු කරන්න කියල. තව ටික වෙලාවක් කාලා ඒක කරලා දුන්නා. ඔන්න මට තව ප්‍රශ්නයක් මතක් උනා. කොහොමද අපි අපේ data usage එක බලා ගන්නේ account එකේ පෙන්නන්නේ ගිය මාසේ බාවිතය. මේ ගෑනි කියාපි මොඩම් එකේ සිම් එක phone එකකට දාලා එයාලට කෝල් එකක් ගන්නලු.මට නිකන් අවුල් වගේ මම ආයෙ ඇහුවා ඔය කියන්නෙ මගේ HSDPA සිම් එක phone එකට දාලා customer care කතා කරන්න කියලද? ඔව් සර් එහෙම තමයි කරන්න ඕන. අනේ අම්මේ මොබිටෙල් branch එකකට ඇවිත් බලාගන්න කිව්වේ නෑ හොඳ වෙලාවට. මම කිව්වා ඒක කරන්න අමාරුයිනේ on line බලා ගන්න ක්‍රමයක් නැද්ද කියලා. නැතිලු ගත්තු කටටම. අපෝ මගේ ලේ නරක් වෙනඑක විතරයි මුන් එක්ක කතා කරලා. අදාල අංශ වලට ඒ ගැන දැනුවත් කරන්න කියලා මම phone එක තිබ්බා.
ඔන්න We Care Always කරන හැටි.

5 comments:

  1. ගනන් ගන්න එපා මල්ලි.කියනකොට එහෙමයි.කරන්නේ.මෙහෙමයි.

    ReplyDelete
  2. එහෙම තමයි හොදට කෙයාර් කරන්නේ.. මොකද අවුලක් උනාම කොල් කරලා කියනවානේ.. ඒ කියන්නේ ඔයාලා සනීපෙන් ජිවතුන් අතර ඉන්නවා කියන එක...! හික් හික්!

    ReplyDelete
  3. ම‍චෝ මටත් ඔකම තමා උනේ. මගෙත් මේපාර බිල 1200 ක් විතර. අපේ පැකේජ් තාම මාරැ වෙලා නැහැ මමත් බොහෙම අමාරැවෙන් කෝල් කරල ඇහුව. මේ මාසෙ ඉඳල නම් හරියට බිල එනවලු.

    ReplyDelete
  4. ‍මචෝ HSDPA සිම් එකෙන් කෝල් ගන්න බැහැ නේද? ඉතින් කොහොමද HSDPA සිම් එක phone එකට දාලා customer care කතා කරන්න ?

    ReplyDelete
  5. @ev0luc
    කියපු විදිහට නම් ඒකෙන් මොබිටෙල් customer care එකට විතරක් කතා කරන්න පුළුවන්. හැබැයි ඉතින් මොඩම් එකෙන් සිම් එක ගලවලා තව phone එකේ සිම් එකත් ගලවලා වැඩ ගොඩක් කරන්න ඕන. ඒ පාර phone එකේ දින වෙලාව ආපහු දාන්න ඕන call record ඔක්කොම මැකෙනවනේ.ලෙඩ ගොඩයි.නැත්නම් වෙනම phone එකක් තියාගන්න ඕන ඒ වැඩේට.

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.