Friday, February 27, 2009

Torrent බාන්න ලේසි ක්‍රමයක්



අපි ගොඩක් වෙලාවට අළුත් film එකක් බාගන්නේ software එකක් හොයා ගන්නේ Torrent හරහානේ. ඒ සෘජු බාගනීමක් කරගන්න නැති නිසා. ඒත් Torrent වලින් film එකක් එහෙම බාන්න ගියාම එපා වෙන්නෙ සෑහෙන වෙලාවක් යන නිසා. ඒ සම්පූර්ණ වෙලාවම පරිගනකය ක්‍රියාත්මකව තියෙන්නත් ඕන. සමහර Torrent files දවස් ගානක් යනව download වෙන්න.

Imageshack කියන්නෙ මේකට විසඳුමක්. මේක image hosting වෙබ් අඩවියක්. මේ වෙබ් අඩවියේ නොමිලේ ලියා පදිංචි වෙන්න පුළුවනි. නොමිලේ ලබා දෙන ගිනුමකට 5GB ඉඩක් ඔවුන් ලබා දෙනව. ඒකෙ image drive කියන තැනට ගිහිල්ල අපිට අපේ torrent file එක මැෂින් එකෙන් ලබා දෙන්න හරි නැත්නම් torrent file එකේ link එක දෙන්න හරි පුළුවන්. එතකොට ඒ file එක ඔවුන්ගේ දෘඩ තැටියකට download වෙනවා. මෙතනදි ඉහල වේගයකින් download වීම වෙනව. සාමාන්‍යයෙන් 80KB(s) වගේ(අපි site එකේ බලනකොටනම් 350KB(s) වගේ වේගයනුත් දකින්න පුළුවන්). අපිට torrent එක download වෙන්න දාලා පස්සේ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට imageshack එකේ ඉඳල direct download විදිහට අදාල file එක බාගන්න පුළුවන්.

ඒත් මේ වෙබ් අඩවියට torrent file එක එකතු කරන එක ටිකක් අමාරුයි. මොකද site එකෙන් host කරන්නෙ යම් කිසි සීමිත torrent ගණනකට විතරයි. බොහෝ වෙලාවට අපි torrent එක start කරන්න ගියාම කියනව ඔවුන්ගේ download pool එක full නිසා ටික වෙලාවකින් උත්සාහ කරන්න කියල. මේ නිසා torrent එක add වෙනකම් ඒ පිටුව refresh කරමින් ඉන්න වෙනව. මේකට පිළියමක් විදිහට ගිනි නරියට addon එකක් තියනව ReloadEvery කියල. මේකෙන් කරන්නෙ යම් පිටුවක් ඉබේ refresh කිරීමයි. මේ addon එක ඇතුලත් කරලා pool එකේ ඉඩ නෑ ටිකකින් උත්සාහ කරන්න කියන පිටුවෙ right click කරල ReloadEvery තෝරලා එකෙන් ReloadEvery 5s වගේ එකක් තොරලා ඊළඟට එම menu එකේම Enable තෝරන්න. එතකොට පිටුව තත් 5කට වරක් Reload වෙනව. ඕන නම් custom තෝරලා එතනින් තත්1න් Reload වෙන්න හදන්නත් පුළුවන්. ඊට පස්සේ ඕක Reload වෙවී තිබිලා pool එකේ ඉඩක් ආපු ගමන් torrent එක add වෙනවා. මේ තියෙන්නේ මගේ දැන් download වෙන එකක තිර පිටපත.


මට නම් මේ ක්‍රමයට පහසුයි. ඉහල වේගයකින් බාගත කරගන්න පුළුවන් අයට මේ ක්‍රමයට torrent බෑම ලේසියි කියලයි මම හිතන්නෙ.

13 comments:

  1. බොහොම ස්තුතියි තොරතුරට
    මමත් torrent එකක් දැම්මා.
    බලමුකො වැඩේ කොහොමද කියල

    ReplyDelete
  2. නියමයි මචං
    747MB ටොරෙන්ට් ෆයිල් එකක් මාර ඉක්මනට ඩවුන්ලෝඩ් උනා
    ස්තුතියි

    Completed in (3h, 48m, 34s @ 55.8 KB/s average, 747.7 MB

    ReplyDelete
  3. බසා...නියමයි ,මට torrent එපා වෙලා තිබුනේ....

    ReplyDelete
  4. මාත් මේ ක්‍රමය උත්සහ කරලා බැලුවා. වැඩේ ඉතාමත් සාර්තකයි වගේ

    ReplyDelete
  5. වැඩේ නම් නියමයි.

    ReplyDelete
  6. niyamai..I had tried this before but never thot of having "reload every" thing ...Thanks

    ReplyDelete
  7. Thanx machan. Mata meke pool eke idak hoyaganna eka mara anayak wela thibune. Thama try kare ne. Eth try karala balamu.

    ReplyDelete
  8. ස්තූතියි,ගොඩක්ම

    ReplyDelete
  9. මචෝ මට torrent එක start ක‍රන්න ගියහම මෙන්න මෙහෙම එනවා

    "this sever (img564)is sheduled for a disk replace -ment by image shake staff ,and is temporarily unavilable for new download jobs

    pleasedownload later" මොකද්ද මේ මචෝ?

    ReplyDelete
  10. file එකක් download ක‍රන්න ගියහම zip file එක prepare වෙන්න ගොඩක් වෙලා යනවද?

    ReplyDelete
  11. අනේ pc එකට file එක download ක‍රන්න බැ help එකක් දෙන්නකො.........

    ReplyDelete
  12. meke udama thiyana link eken ynne wena site ekakata www.imagesak.com kiyala ekakata..

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.