Friday, February 6, 2009

එක ගලෙන් කුරුල්ලො කීප දෙනෙක්

ලිනක්ස් වල වැඩ කරන කොට බොහොම අපූරු මෘදුකාංග හම්බවෙනව.මේ ඒ වගේ එකක්. නම Pidgin . මේක IM Client වර්ගයේ මෘදුකාංගයක්.
අන්තර්ජාලයේ IM(Instant Massage) සේවා සපයන්නන් බොහෝ ගණනක් ඉන්නව. Google , Yahoo, MSN ,AIM වගේ. මේ සේවාවන්ට සම්බන්ධවෙන්න ඒ සේවා සපයන්නන්ට විශේෂිත මෘදුකාංග තියනව Googletalk ,Yahoo messenger වගේ. මේ එක මෘදුකාංගයක් සහය දක්වන්නේ ඒ එක් සේවාවකට විතරයි. මේ නිසා සේවාවන් කීපයකට එකවර සම්බන්ධ වෙන්න උවමනා නම් ඒ මෘදුකාංග කීපයක් පරිගණකයේ ස්ථාපිත කරගන්න වෙනව. මේකෙන් පරිගණකයේ මතකය නිකරුනේ වැයවෙනව වගේම වැඩ කරන්නත් අපහසුයි. Pidgin වල තියන විශේෂත්වය තමයි එකම මෘදුකාංගයෙන් IM Client සේවා කීපයකට එකවර සම්බන්ධ වෙන්න හැකිවීම. මේක ඉහත සඳහන් කරපු සේවා වගේම තවත් බොහෝ ඒවා සමග සම්බන්ධ වෙන්න පුළුවන්. ICQ ,IRC , GroupWise , MyspaceIM එයින් කීපයක්. මේකෙ තියන අඩුපාඩුවක් තමයි Audio හා Video Conferencing සහය නොදැක්වීම. ඒවා ළගදීම අඳුන්වා දෙන බව නිර්මාපකයින් කියල තියනව. මේ මගේ Pidgin මෘදුකාංගයේ තිර පිටපතක්. Google,Yahoo account දෙකටම එක වර සම්බන්ධ වෙලා.

ඔබත් පාවිච්චි කරල බලන්න. ලිනක්ස් පරිශිලකයන්ට නම් මේක මෙහෙයුම් පද්ධතිය එක්කම ලැබෙනව නැත්නම් Synaptic Package Manager එකේ Pidgin කියල සෙව්වාම ස්ථාපනය කරගන්න පුළුවන්.වින්ඩොස් පරිශීලකයන්ට මෙතනින් බාගන්න පුළුවන් click.බලන්න නිදහස් මෘදුකාංග ලෝකය කොච්චර අපූරුද කියල.

8 comments:

  1. නැතුව නැතුව. ඕපන් සොර්ස් දේවල් නැතුව ලෝකෙ කොහොම එකක් වෙයිද කියල හිතන්නත් බයයි.

    අර කතාවක් තියනවනෙ ලිනක්ස් එක්ක Imagination is the Limit කියල..

    මාත් දැන් ඕපන් සෝර්ස් වලට ඇබ්බැහි වෙලා කාලයක් වෙනව (අවු 3-4) දැන් වින්ඩෝස් පාවිච්චිය අතෑරලම තියෙන්නෙ, මගේ මැශින් එකේ වින්ඩෝස් ඩුවල් බූට් වත් නැහැ. ඔක්කොම ලිනක්ස්..

    අයියෙ ඔයා උලුවිටිකේද තාම.. මම පෝද්දල, දන්නව ඇති නෙ..:D

    ReplyDelete
  2. ආ පිස්සා පෝද්දලද? මම ඉතින් කොළඹ නැත්නම් උළුවිටිකේ තමයි. ගෙදර දාලා කොහේ යන්නද?
    මට ඔයාව මීටර් නම් නෑ. කෝ බ්ලොග් එකේ පොටෝ කෑල්ලක් වත් දාලා නෑනේ අඳුරගන්න.

    ReplyDelete
  3. @ Ravinda aiyya

    මීටර් නැති එක කොච්චර දෙයක් ද? හික්ස්....
    මම ඕල්සෙන්ට්ස් එකේ, මුන ගැහිල නම් නෑ මං හිතන්නෙ

    ReplyDelete
  4. ආ...සෙනේ...ගෙදර ඉඳන් වැඩ වගේ,මමත් මේ දවස්වල උබුන්ටු තමයි තුන් වේලටම කන්නෙ..,මෙකත් එළ..thanks

    ReplyDelete
  5. Pidgin ලිනක්ස් වලට rpm කොහෙද තියෙන්නේ මම භාවිතා කරන්නේ RHEL 5 කරැණාකර උදව් කරන්න

    ReplyDelete
  6. පහත ලින්ක් එකට යන්න.සියළු විස්තර එතන තියනව.මට ඒක check කරල බලන්න විදිහක් නෑ. මම RHEL පාවිච්ච්යක් නැති නිසා.

    ReplyDelete
  7. සමාවෙන්න ප්‍රමාද දොශයක් නිසා ලින්ක් එක වැටිල නෑ.මෙන්න ලින්ක් එක
    http://www.pidgin.im/download/centos_rhel/

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.