Tuesday, January 27, 2009

මෙන්න ඡන්ද ප්‍රතිළුල



තේමා වාදනය@#%&*(^()
(අර ගුවන් විදුලියෙ ඡන්දෙ දවසට ඡන්ද ප්‍රතිඵලයක් දෙන්න කලින් දාන්නෙ)
************************************************************************************
මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්.වෙබ් බ්‍රව්සර් කොට්ඨාසය සිංහල බ්ලොග් කරුවන්ගේ ඡන්ද බල ප්‍රදේශය.
ඡන්ද 39ක් ලබාගෙන ප්‍රථම ස්ථානය දිනාගන්නේ Mozilla Firefox නොහොත් ගිනි නරියා.ඡන්ද ප්‍රතිශතය 75%.
ඡන්ද 9ක් ලබාගෙන දෙවන ස්ථානය දිනාගන්නේ Google Crome.ඡන්ද ප්‍රතිශතය 17%.
ඡන්ද 3ක් ලබාගෙන තෙවන ස්ථානය දිනාගන්නේ Internet Explorer.ඡන්ද ප්‍රතිශතය 5%.
ඊට අමතරව Apple Safari එක් ඡන්දයක් ලබාගෙන තිබෙනවා.ඡන්ද ප්‍රතිශතය 1%.
Opera ඡන්ද ලබාගෙන නැහැ.ඡන්ද ප්‍රතිශතය 0%.
මුළු ඡන්ද සංඛ්‍යාව 52.ප්‍රතික්ෂේපිත ඡන්ද ගණන 0යි.
************************************************************************************

මම පුංචි ඡන්දයක් තිබ්බනේ හොඳම වෙබ් බ්‍රව්සරය තෝරන්න.ඡන්දය දෙන්න තිබ්බ කාලසීමාව දැන් හමාරයි. මේකෙ ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට ඡන්දය දීපු නිසා ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන, නිළධාරීන් ඕන නෑ. ඔන්න එහෙනම් ප්‍රතිළුල කිව්වා.
මෙතන මම දකින වැදගත් දේ තමයි IEට වඩා Crome ඡන්ද ලබාගෙන තිබීම. හැබැයි ගිනි නරිය තාම එක. ලෝකයම සැලකුවාම IE 70% කට ආසන්න ප්‍රතිශතයක් උසුලනව. දැන් පේන විදිහට ගිනි නරියට අමතරව IEට තරඟකාරයෙක් ඇවිත් වගේ.
මොකද්ද ඔයාලගෙ අදහස?එහෙනම් ඡන්ද ප්‍රතිළුල විශ්ලේශනය කරමු බලන්න.

6 comments:

  1. අපේ නරිතුමාට ජයවේවා, IE භංග වේවා.
    .
    නරිය අපිට,!!! අපි නරියට,!!
    අපි නරියට,!! නරිය අපිට,!!!
    නරිය අපිට,!!! අපි නරියට,!!
    අපි නරියට,!! නරිය අපිට,!!!
    .
    දැන් පක්ශාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පටන් ගන්න ඕනෙ.
    .
    කෝ ඔය IE, සෆාරි, කාරයො අන් ඉන්ස්ටෝල් කරල, තියන ෆයිල් ඩිලීට් කරමු, හූ කියමු, හාර්ඩ් ගිනිතියමු, එල එල..
    .
    chrome නම් අපේ පැත්තෙ නෙව,එයාට ගහන්නෙ ඕනෙ නෑ
    .
    නරිය අපිට,!!! අපි නරියට,!!
    අපි නරියට,!! නරිය අපිට,!!!
    නරිය අපිට,!!! අපි නරියට,!!
    අපි නරියට,!! නරිය අපිට,!!!

    ReplyDelete
  2. IE ට විතරක් නෙවෙයි ගිනි නරියටත් chrome හොඳ තරඟකාරයෙක් වෙයි ඉස්සරහට. මම දැනටමත් firefox, chrome සමානවම වගේ භාවිතා කරනවා. chrome පුදුම වේගවත් නෙවැ.

    ReplyDelete
  3. කාලේට කාලේට වෙනස් වෙනවානේ, නරියත් දියුනු වෙයි, Chrome එකත් ගේම දෙන ගමන් නැගලත් යන්න බැරියැ තව කෑලි එක්ක? අසරණ IE එකම රෙද්දමයි දාන්නේ!

    ReplyDelete
  4. You shitty idiots! The worlds brest bowser is sri lankan made xaurora.

    ReplyDelete
  5. xAurora මොන දහජරාවක්ද ? Sri Lankan made ? hex editor එකකින් ඕපන් කරල බැලුවාම හදපු ඔරිජිනල් සුද්දාගෙ නමත් බලාගන්න පුලුවන් . . . හික් !

    සමීර මහත්තයෝ, ඔයා ගරිල්ලා මාකටිං නෙ කරන්නෙ !

    ReplyDelete
  6. මම නම් අවුරැදු 3 තිස්සෙ Opera තමයි මම මෙක කලින් දැක්කෙ නෑනෙ ඡන්දෙ දෙන්ඩ. මගෙ ඡන්දෙ Opera ට

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.