Friday, January 16, 2009

කාලය මැව් වෙනසක අරුමේ.............

කාලයත් එක්ක ජීවිතය වෙනස් වෙන හැටි හරි පුදුමාකාරයි. මීට මාසයකට කලින් අපි බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙච්ච ආතල් ගන්නම සෙට් වෙච්ච කොටසක්. හැමදාම බොහොම ආසාවෙන් කැම්පස් ගියේ යාළුවොත් එක්ක මොකක් හරි ජොලියකට සෙට් වෙන්න. හවසට කට්ටිය එකතුවෙලා ක්‍රිකට් වගේ සෙල්ලම් කරනවා. හවස් උනා කියල කැම්පස් එකෙන් යන්නෙ නෑ රූ 7 , 7.30 වෙනකම් බවනට(අපේ කැන්ටිම)වෙලා කදේ දානවා. අපේම එවුනට කෝල් කරලා අලගු දෙනවා. පුදුම නිදහසක් ඒ දවස් වල තිබ්බේ.

ඒත් දැන් ඒ දවස් වල වල බැහැපු,ආතල් ගනිපු එවුන් පොත් වලම එල්ලිලා. උදේම කැම්පස් යන්නේ කුප්පියක් ASSIGNMENT එකක් නම් විතරයි. ඒක ඉවර වෙච්ච ගමන් දුවනවා බෝඩිමට ආයෙ ටියුට් එකක් පෙරල ගන්නවා එක්කෝ PASSPAPER එකක් කරනවා. හැමොගෙම මූනු වල මහා බරපතල බවක් හැංගිලා.

විභාගය ලංවෙලා ඒකයි මේ. අපිට ලබන සතියෙ පළමු සමාසිකය විභාගය. හැමෝම දැන් අධ්‍යන වැඩ වලට මහන්සි වෙනවා. දවසම කුප්පි, ටියුට් , PASSPAPER මතින් ගෙවිලා යනව. ඒ වගේම විභාගය ඉවර වෙලා ආයෙ ආතල් ගන්න එන නිවාඩුවත් හිතේ කොනක තියනවා.................

මේක ලියල ඉවර වෙනකොට උදේ 2.51යි වෙලාව. SAD ASSIGNMENT එකක් කරකර ඉඳල දැන් තමයි නිදා ගන්න හදන්නෙ.හෙට උදේට නැගිටලා ආයෙ වැඩ.

7 comments:

  1. ඔය අත්දැකීම ජීවිතේ එක කාලපරිච්ඡේදයක් විතරයි.මුලු ජීවිතයම ගත්තොත් ඒකත් ඔය වගේමයි."සියල් සංස්කාර ධර්ම අස්වැසිලි රහිතයි"කියලා බුදුරජාණන් වහන්සේ වදාලේ ඒ නිසයි.සංස්කාර යනු හිතෙන් අල්ලාගත් යමක් තියෙනවද ඒකටයි.බලන්න මුලු ජීවිතේම අපි හිතෙන් අල්ලාගත් සංස්කාර මත නේද දුවවන්නෙ.අර මුලින් සදහන් කල
    (ආතල්)යනු සැප සොම්නස් විදීම අනිත්‍යයි නේද?යමක් අනිත්‍යද ඒක
    දුකක්.මුලු ජීවිතේම ඔය වගෙයි.තාවකාලික කෙටි ආශ්වාද පමණයි.
    ඉතිරි සියල්ලම දුකයි.මෙය නොතේරෙන තාක් ඔය දුකම සැපයයි අල්ලාගෙන සිටිනවා.

    ReplyDelete
  2. හරි ඉතිං ඔයාලට විභාගෙන් පස්සේ නිවාඩු ආ‍යෙත් ආතල් අපි? හැමදාම ඔෆිස් ගෙදර ඔෆිස්!

    ReplyDelete
  3. @malee_msg
    ගෙදර ඔෆීස්?????

    මටනම් මේ දවස් වල අන්දකයිප්පු වගේ. ලෙක්චර්ස් තියෙන්නේ නිදාගන්න නෙවෙයි කියලා කවුදෝ හීනෙන් වගේ කිව්වා මතකයි. දැනුයි ඒකේ තේරුම දැනෙන්නේ.

    ReplyDelete
  4. @ චමිල
    ඒකේ තේරුම දැනෙන්නේ විභාග කාලෙට විතරනේ අපට. ඊට පස්සේ ආයෙත්...

    ReplyDelete
  5. මට මාර වැඩක් උනා ළඟදි.චරිත්(ඇකා) කියල අපේ සගයෙක් ළඟදි කුප්පියක් දැම්ම අපේ බෝඩිමේ.කුප්පිය SAD ටික වෙලාවක් යනකොට මට මාර නිදිමතක් ආවා ලෙක්චර් එකේ පුරුද්දටද මන්දා.ටික වෙලාවකින් මම කුප්පියෙත් නිදි.

    ReplyDelete
  6. ඕක ඔහොම තමා කී පාරක් කියලා අපි ඊලඟ වාරේ වැඩ කරන්න හිටියාද... අන්තිමට
    Tute photocopy ගහගෙන නිදිමරාගෙන අදිනවා...
    වෙලාවට tute ටික දම්මිනී ගන්නවා බැනුම් අහන්න බැරි නිසා lectures යනවා....

    ReplyDelete
  7. බ්ලොග් කෙරුවාවට අපෙ පොඩ්ඩන්ගේ සහභාගීත්වය හොඳයිනේ.. ජය... ජය... නියමයි මල්ලිලා....

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.