Thursday, January 8, 2009

මම දින්නා

Modem එකක් දෙන වදයක්

කියලා මම කලින් බ්ලොග් එකක් ලිව්වා ලිනක්ස් වල ක්‍රියා නොකරපු මගේ Broadband මොඩම් එක ගැන.මම බොහොම ආඩම්බරෙන් කියන්නෙ මම මේ බ්ලොග් එක ලියන්නෙ එදා ලිනක්ස් වල වැඩ නොකරපු මොඩම් එකෙන් ලිනක්ස් වලින් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා. මම ඒ දවස් වල බයේ හිටියෙ මේකෙන් ප්‍රයෝජනයක් නැතිවෙයි කියල. හැබැයි උත්සාහය අතඇරියෙ නෑ.

මම විශ්වවිද්‍යාලයට ආවට පස්සෙයි ලිනක්ස් වල වැඩ කරන්න පටන් ගත්තේ. මුලදි එක පාරට ලේසි උනේ නෑ. අවුරුදු ගානක් වින්ඩෝස් එක්ක හැප්පිලා එක පාරට ලිනක්ස් වල වැඩ කරන්න පටන් ගත්තාම කෙනෙක් මූදෙන් ගොඩට දාපු මාළුවෙක් ගානට වැටෙනවා තමයි. නමුත් මට ලිනක්ස් ඉගන ගන්න ආසාව තිබුන නිසා මම ඒ අභියෝගය ජය ගත්තා. අද මම පූර්ණ කාලීන ලිනක්ස් පරිශීලකයෙක්. මුලින් මට ගොඩක් උදවු කලේ ශාකුන්තල කියලා අපේ ජ්‍යෙෂ්ඨ අයියා කෙනෙක්. මගේ laptop එකට UBUNTU ඇතුලත් කරලා දීලා දිරිමත් කලේ ඔහු. අපේ පරිගනක විද්‍යාව පාඨමාලාවේ අඩංගු PC Applications and Laboratory කියන විෂයත් මට තල්ලුවක් උනා.

Virus මට වින්ඩෝස් අප්පිරිය වීමත් තවත් හේතුවක්. පසුගිය සතියේ මට වින්ඩෝස් තවත් වතාවක් එපා උනා. මගේ ගෙදර පරිගනකය වින්ඩෝස් ලිනක්ස් ඩුවල් බූට්. මොඩම් එක ඒ දවස් වල ලිනක්ස් වල වැඩ කලේ නෑ. මම කලකට පස්සේ වින්ඩෝස් වලින් ලොග් වෙලා අන්තර්ජාලයට යන්න උත්සාහ කලා. ජීමේල් වලට යන අතරෙ මම මගෙ pen drive එක සම්බන්ධ කරලා මොකක්ද ගොනුවක් විවෘත කරන්න උත්සාහ කලා. command prompt එක වගේ එකක් ක්ෂනිකයෙන් ඇවිත් මැකිලා ගියා. ටික වෙලාවකින් ගිනි නරියා නැතුව ගියා. command prompt,task manager වැඩ කරන්නෙත් නෑ.ගිනි නරියා විවෘත වෙලා ටිකකින් නවතිනවා. දන්න දන්න අත් බෙහෙත් කලා හරි ගියේ නෑ. මම pen එක අපේ විද්‍යාගාරයේ පරිගනක වල සම්බන්ධ කරනවනේ නවතම වයිරස් එකක් යන්න ඇති. මම දමලා ගහලා නිකන් හිටියා. තේරුමක් නැති නිසා, ෆෝමැට් කිරීමක් තමයි.

ලිනක්ස් වල ඔය කරදර නෑ. පාඩුවේ වැඩ ටික කරගතෑකි. ලිනක්ස් Shell එක එහෙම බොහොම ආස හිතෙන දෙයක්.වින්ඩෝස් වගේ නෙමෙයි නිර්මාණශීලීයි.

මොඩම් කතන්දරේ අමතක උනානේ. මම BandLuxe කොම්පැනියට ඊතල මේල් එකක් යැව්වා මොඩම් එක වැඩ නොකරන කතන්දරේ කියල. ඔවුන් මට Firmware යාවත්කාලීන කරන මෘදුකාංගය දුන්නා මොඩම් එකේ Firmware යාවත්කාලීන කරගන්න කියලා. Firmware යාවත් කාලීන කරලා Linux වල Settings හැදුවාම මොඩම් එක බබා වගේ වැඩ.මට උඩ පැනලා නටන්න තරම් සන්තෝසයි. මේ සම්බන්ධතාවය මොබ්ටෙල්නේ ඊළඟට මොබිටෙල් වල බාගත කිරීමේ වේගය පරීක්ෂා කලා. 1053kbps හුහ් ඩයලොග් කැලේ.

ඉතින් අද ඉඳලා මොබිටෙල් සමග ගමනේ යා..........

6 comments:

  1. උඩ පැනල නටන්න තරම් සන්තෝෂයි නේද? මටත් ඕක කීප වතාවක් දැනිල තියෙනව. දවසක් මම ගෙදර පරිගණකයට Ubuntu, Windows, සහ තවත් ‍මොකක් හරි Linux එකක් දාගත්ත. මළ කෙළියයි.! බූට් වෙනකොට grub> කියල prompt එකක් ඇවිත් නතර වෙනව. මම ඒපාර ලැප්ටොප් එකෙන් grub manual එක කියවල පොඩි සෙල්ලම් කීපයක් දැම්ම. දෙතුන් පාරක් වරද්ද වරද්දා කළාම තමයි මැෂිම යන්තං බූට් වුණේ. ජෝසප් ප්‍රිස්ට්ලි නයිට්රස් ඔක්සයිඩ් වායුව නිපදවූ දවසෙ ඔහුට වුණ දේමයි මටත් එදා වුණේ. :D

    වයිරස් වලින් මිදෙන හැටි ගැන සටහන් දෙක තුනක් මගේ බ්ලොග් එකේ ඇති. තවත් ලියන්නම්.

    තව එකක්.. මට ජ්‍යෙෂ්ඨ කියන්න එපා මචෝ.. දැං අපි යාළුවොනෙ :)

    ReplyDelete
  2. අමාරුවෙන් වැඩක් කරගත්තම ඔහොම තමයි. මගේ සුභ පැතුම් මල්ලී. ශාකුන්තල අයියා එක්ක වැඩ පරිස්සමින්. වැඩිය කථාවට ගියොත් laptop එකට විතරක් නෙමේ මොලේටත් ලිනක්ස් දායි. =D

    ලිනක්ස් අපි හැමෝටම ඉතාම වටින දෙයක්. මල්ලි ඒක හොඳින් තේරුම් අරන් තියෙනවා වගේ. කොහොම නමුත් ලිනක්ස් වලට තව යන්න බොහොම දුර ගමනක් තියෙනවා. මම නම් තවම ලිනක්ස් වලට සම්පූර්ණයෙන් මාරු වෙන්න අදහසක් නෑ. මොනව උනත් වැඩක් කරන්න ගියාම ඒ වැඩේ කරනවට වඩා ඒක කරන හැටි හොයන්න forums වල රස්තියාදු වෙන එක තමයි ගොඩක් වෙන්නෙ ලිනක්ස් එක්ක වැඩ කරනකොට. මේ මොඩම් එකේ සිද්දිය වගේ තමයි. පරිගණක මෙහෙයුම් පද්ධතියකින් අපේ වැඩ ලේසි කරන එකයි වෙන්න ඕනා. නැතුව වැඩේ පැත්තක දාලා ඒකත් එක්ක ඔට්ටු වෙන එක නෙමෙයි.

    කෝ මේ කියන්න ගිය එක නෙමෙයිනෙ කියවුනේ.:D . . . මේ පෝස්ට් එක ශාකුන්තලට නම් අල්ලන එකක් නෑ. මොනව උනත් ඇත්ත ඒකයි. කොහොම නමුත් මල්ලිගේ වැඩේ හරිගිය එකට සුභ පැතුම්. ලිනක්ස් සමග ඉදිරියට යන සුභ අනාගතයක් වේ‍වා අපි හැමෝටම :D

    ReplyDelete
  3. @වතුර වික්‍රමරත්න
    මේකනෙ අයියේ අපේ එවුන් වින්ඩෝස් වලින් වැඩක් කර ගන්න විඳින දුක දැක්කාම ඊට සාපේක්ෂව මම ඉතාම සැනසිල්ලෙ පහසුනවෙන් මගේ වැඩ ටික ලිනක්ස් වල කරනවා. PEN එකක් ගහන්න කලින් මැෂින් එකේ තියන ANTIVIRUS 4කින් වත් SCAN කරලා බලනවා.තවත් සැකනම් ළඟ පාත LINUX කාරයෙක් ඉන්නවද කියල බලලා ඒකෙනුත් බලනවා VIRUS තියෙද කියල. මෙච්චර වද විඳින්නෑ මම නම් ඒ නිසා මම පහසුවෙන් වැඩ කරගෙන යනවා.අනිත් එක මගේ LAP එකත් LINUX WINDOWS DUAL BOOT . මම වින්ඩෝස් වලින් වැඩ නොකරන එකයි කාරනාව. හැබැයි අර MODEM එකට FIRMWARE එක දාගන්න මට වින්ඩොස් වලට යන්න වුනා.

    මම ඔයාව අඳුරන්නෙ නෑනෙ චතුර අයියෙ ඔයා UCSCLODGE එකෙත් ඉන්නව නේද? PROFILE PICTURE එකෙන් අඳුර ගත්තෙ

    ReplyDelete
  4. හ්ම්ම්ම්. . . මට නම් එහෙම virus ගැන බයක් නෑ. Kapersky Internet Security 2009 එක ඇති. කොහොමත් මොලේ පොඩ්ඩක් පාවිච්චි කරනවනම් virus ගැන බය වෙන්න ඕන නෑ.

    "හැබැයි අර MODEM එකට FIRMWARE එක දාගන්න මට වින්ඩොස් වලට යන්න වුනා."
    ඒකනෙ කියන්නෙ. වි‍න්ඩෝස් සම්පූර්ණයෙන් අත ඇරල දාන්න පුළුවන් තත්වෙකට තාම ලිනක්ස් ඇවිල්ල නෑ. එන දවස වෙනකම් මමත් බලාගෙන ඉන්නවා. :D

    Profile Picture එකෙන් අඳුනගත්තද? හික් හික්. . . පුළුවන් නම් කැම්පස් එකේදි අඳුන ගමු බලන්න. :D

    ReplyDelete
  5. සුභ පැතුම්, ඔයා මේ වැඩේ කල ක්‍රමය අනික් අයටත් හොද ආදර්ශයක්, බොහෝ අය ලිකන්ස් වල Drivers නෑ කියල ලිනක්ස් වලින් ඈත් වෙනව. ඒකට සාදාරණ හේතූත් තියෙනව.

    ReplyDelete
  6. aiya mama computr ekakta atha thimbe mita auruddai davas dekkakata kalin eda mata hariyata maka start karanna danne ne mama tika tika den igana gannawa oya auruddata mama xp,vista, windows 7 dala beluwa mata hithenava LINUX egana ganna oni kiyala mata xp,vista,ubuntu 8.10 dana vidiya gena kiyala denna kiyala denna kemathinam kiyala denavada

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.