Tuesday, March 31, 2009

මැදියම් රෑ බෝම්බ ප්‍රහාර

ගිය සතියෙ වෙච්ච ආතල් සිද්ධි කීපයකුයි මේ කියන්න යන්නෙ.

පහුගිය දවස් වල අපේ පිරිත පැවැත්වුනා කියල මම කලින් කිව්වනේ. ඒ දවස් වල ඉතින් යමරෙට වැඩ. හවස 8 වෙනකම් කැම්පස් එකේ වැඩ.(අපේ කැම්පස් එකේ 8න් පස්සෙ ඉන්න බෑ.අධි ආරක්ෂක කලාපය නිසා.පට්ට චාටර්)පාරෙ දෙපැත්තෙ වියනෙ එහෙම කැටයම් කැපුවෙ කැම්පස් එකේ තියාගෙන. තව පිරිත් මණ්ඩප්පෙ වැඩ කලේ කිරුළපන හොස්ටල් එකේ(පිරිමි).ඉතින් ගොඩක් දවසට කැම්පස් එකේ ඉඳන් බෝඩිමට ඇවිත් කාලා කොහුවල ඉඳන් කිරුළපනට පයින්ම යනවා. ඊට පස්සෙ එළි වෙනකම් හොස්ටල් එකේ වැඩ.

මේ හොස්ටල් එකේ ලමයි 34ක් ඉන්නවා. ඉතින් එතකොට ආතල් තැනක් තමා කොල්ලො සෙට් එකක් ඉන්න කොට.අපේ බ්ලොග් ලියන චතුරංග(බොට්ටා) , කසුන්(පල්) එහෙමත් ඉන්නේ හොස්ටල් එකේ තමයි. රෑට එළවෙන 3 , 4 වෙනකම් වැඩනේ. එච්චර වෙලා ඇහැරගෙන ඉන්න එකත් ලේසි වැඩක් නෙමෙයි. සමහරක් කට්ටිය රෑ 12 - 1 වෙනකොට හිමීට ඇඳන් වලට යනවා. වැඩ කරන අය වැඩ කරගෙන යනවා.

ඔන්න රෑ 3ට විතර පටන් ගන්නවා නින්ජා ප්‍රහාර අර නිදාගෙන ඉන්න කට්ටියට. බහුලවම පාවිච්චි කරල පහර දීමේ ක්‍රමයක් තමයි රතිඤ්ඤා. හොස්ටල් එකේ කාමරයක හය දෙනෙක් විතර නිදා ගන්නවා. ගොඩක් කට්ටිය නිදාගෙන ඉන්න කාමරයක් බලලා රතිඤ්ඤෙ පත්තු කරලා දාලා දොර වහනවා. ඉතින් රතිඤ්ඤෙ පත්තු වෙන්නෙ බෝම්බයක් වගේ සද්දෙන් නිදාගෙන ඉන්න අය අඩි දෙක තුනක් උඩට වීසි වෙලා තමයි ඇහැරෙන්නේ. මේ ඒ සිද්ධියක වීඩියෝ එකක්. මුලින කැමරාව ඉලක්ක කරලා කාමරේ තියලයි රතිඤ්ඤෙ දාන්නෙ.මුල් වීඩියෝ එකේ ඉන්නෙ අපේ තරංග(N.පලා) පොර උඩ ගිහිල්ල ඇහැරෙන්නේ. දෙවනි එකේ ඉන්නේ රොෂාන්(කැන්දු) මිනිහ නම් රතිඤ්ඤෙ පිපිරිලා ටික වෙලාවකිනුයි ඇහැරෙන්නේ.




ඒ දවස් වල ඉතින් හොස්ටල් එක පුදුකුඩිඉරිප්පු ඉදිරි ආරක්ෂක වළල්ල වගේ කොයිවෙලේ පත්තු වෙනවද දන්නෙ නෑ. රතිඤ්ඤා නැත්නම් තව දේවල් තියනවා කරන්න. ඇඟ පුරා බයින්ඩර් ගම් ගෑම එකක්. තව දැලි ලාම්පුතෙල් කවලම් කරලා හදා ගත්තු මිශ්‍රණයක් මූනේ ගෑමත් කරනවා. නිදා ගන්න එක අන්තිම භයානකයි ඒ දවස් වල. මටත් දවසක් ඩිංගක් නින්ද ගිය වෙලාවක කොමාන්ඩෝ බටයෙක් වගේ මූනෙ ඉරි ඇඳලා පොටෝ ගහල තිබුනා.

සමහරුන්ට මේව ඇහුවහම හිතෙන්න පුළුවනි මේ මොන විකාර වැඩද කියල. ඒත් කොම්පියුටර් ටියුට් ලෙක්චර් වලටම මැදි වෙලා ගෙවෙන ජීවිතේ ඒකාකාරී බව මග ඇරලා විනෝදයක් ගන්න මේ ආතල් උපකාරී වෙනවා.

ආ අපේ හොස්ටල් එකේ කට්ටියත් මේ ගමන්ම මතක් කරන්නම්. බම්බා ,වම්බොට්ටා ,කැව්ලා ,බිටා ,මරු ,කොයියා ,ගෙම්බා ,පල් ,බෝසා ,ගලයා ,පතන් ,සීනා ,කල්ලා ,කාකා ,කයියා ,ඇලිසා ,කරිප්පු ,මාරිස් ,තටයා ,මොකා ,නකා ,පලා ,කෙවින් ,ජෙරී ,පාල , පට්ටයා, බාසා,ලුකා ,කිත්තා ,කැන්දු ,නළුවා.

4 comments:

  1. හෆ්ෆා.....!!! පව් වැඩේ!

    ReplyDelete
  2. එල්ලෙ,සුටියා,අත්තා,කිරා,ඇකා,M.T.T.G.බසන්නා,කැමියා,පොත්තා,චුලා,වඩි..,කියන නම් ටිකත් එකතු වුනානම් හැඩයි වගේ නේ..............

    ReplyDelete
  3. ඉතිරි වීඩියෝ ටිකේ ප්‍රසිද්ධියෙ කියන්න බැරි වචන එහෙම පාවිච්චි කරල ඇති නේද? වොයිස් අයින් කරල දාමුද ඒවත්? LOL :D

    ReplyDelete
  4. @manju

    නැතුව නැතුව කට්ටියම ඉන්නවා. මම ලිව්වේ අපේ හොස්ටල් සෙට් එක නේ. කවුද ඇකෝ චුලා කියන්නේ.

    ReplyDelete

බ්ලොග් කරුවෙක්ගෙ ශක්තිය ප්‍රතිචාර. මටත් ඔබේ ප්‍රතිචාරය ලොකු ශක්තියක්. මොනව හරි ලියල යන්න. හැබැයි කුණුහර්ප පෞද්ගලික ද්වේශ පිටකරන දේවල් එපා.