මම මේක ලියනවද නොලියනවද කියල කීප පාරක් කල්පනා කරලයි මේ ලියන්නෙ. මේක ලියල මට විසුමක් වෙන එකක් නැද්ද දන්නෙ නෑ. ඔන්න ඕන බම්බුවක් වෙච්චාවෙ කියල ලිව්ව.
අපේ බැච් එකේ 7වෙනි කපල් එක ගිය සතියෙ ගොඩ ගියා. ගොඩ ගියා කියල කැම්පස් භාෂාවෙන් කියන්නෙ කෙල්ලෙක් සහ කොල්ලෙක් යාළු වීම නැත්නම් පෙම්වතුන් වීම. මේ අළුත්ම කපල් එක තමයි සාරංග(කල්ලා) සහ නිලූෂි(මැගී). කැම්පස් එකේ ගොඩ ගියාම විශේෂ චාරිත්‍ර එහෙම තියනව ඉෂ්‍ඨ කරන්න. කොල්ලට කෙල්ල ගාව දණගහල ප්‍රේමය ඉල්ලා සිටින්න එහෙම වෙනව. තව දිව්රුම් දෙන්න එහෙමත් වෙනව. නියම කරපු දේවල්ම කියල නෑ එවෙලෙ කට්ටියගෙ ඔළුවට එන දේවල් අරුන් දෙන්නට කියල කරවනව. වද දෙනව හිංසා කරනව එහෙම නෙමෙයි අපේම එවුන් ආතල් එකටයි කරන්නෙ. මේ කියන ඒව අළුත් කපල් එක කරන්න ඕන.
ඔය පිටිපස්සෙන් තියෙන්නෙ පාමසෝලයා A.K කියන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ගහ.
ඔය ප්‍රශ්න ඇහිලි අනම් මනම් වලින් පස්සෙ තමයි බකට් එක තියෙන්නෙ සාමාන්‍යයෙන් බකට් කරන්නෙ කොල්ල විතරයි. තව බකට් වෙන්න කොල්ල නිකම්ම ඇවිදගෙන යන්නෙ නෑ. පෙලක් අය නට නට යනව. සමහරෙක් අය කරපිටින් යනව. එහෙම අරගෙන යන්නෙ M.C එක ගාව තියන ටැප් එක ලඟට. M.C එක කිව්වෙ Majestic City එහෙම නෙමෙයි අපි M.C කියන්නෙ Medical Centre එකට. දැන් ඉතිං මනමාලයව ටැප් එක ගාව වාඩි කරල ස්නානය කරවනව. හික්ස්. නිකම්ම වතුරෙන්ම විතරක් නෙමෙයි ගොඩක් වෙලාවට විශේෂ ද්‍රව්‍ය කවලම් කරල හදා ගත්තු මිශ්‍රනයකුත් පාවිච්චි කරනව. මේ වෙලාවට ඉතිං මනමාලයට විරෝධය දැක්වීම තහනම්. බකට් එකෙන් පස්සෙ ඉතිං මනමාලය කොච්චර ලස්සනද සුවඳද කියල කියන්න ඕන නෑනෙ. මිනිහව බස්එකේ යන්න පුළුවන් මට්ටමට ගන්න අඩුම තරමේ පැය 1/2ක් වත් නාවන්න වෙනව. අපේ සූටියා බකට් වෙච්ච වෙලාවෙ මමයි තව දෙන්නෙකුයි තමයි ඌව පිරිසිඳු කලේ ඒක නිසා මම දන්නව තියන අමාරුව. ඔන්න ඉතිං අළුත් කපල් එක කැම්පස් එකේ නිල වශයෙන් පිළිගන්නව දැන්. මේක මෙහෙම කියනවට වඩා ආතල් සීන් එකක්. එහෙමම කියන්න අමාරුයි තේරුම් ගන්න පිංතූර කීපයක් දාන්නම්.ඔන්න දැන් කල්ලා මාව කන්න ලෑස්ති උනොත් එහෙම ඕගොල්ලො මාව බේරගන්න ඕන. හොඳද?